මහින්ද ඇමැති වෙයිද ? ගෙදර යයිද ?

හිටRajpakseපු ජනාධිපති හා දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ලබාදීමට කැමැත්ත පළකොට ඇති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකම භාර ගන්නවද ? නැතිනම් ඉල්ලා අස්වී ගෙදර යනවාද ? කියා මේ දිනවල හිතවතුන්ගේ අදහස් විමසන බව දැනගන්නට ඇත . අපේ ආරංචි මාර්ග කියන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මාවත් තුනක් විවෘතව ඇත . පළමු වැන්න නම් ආණ්ඩුවෙන් දෙන දිස්ත්‍රික් ඇමැති ධුරය භාර ගැනීමයි . දෙවැන්න එය භාර නොගෙන පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස සිටීමයි . තෙවැන්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති ලෙස විශ්‍රාම දිවියක් ගතකිරීමයි .

මෙම මාවත් තුනෙන් කුමක් තෝරා ගන්නේද යන්න ඉදිරි දිනවලදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *