භීෂණ යුගය ඇරඹේ!

පෙරේදා (30) වනදා කොල්ලුපිටිය අරලියගහ මන්දිර පරිශ්‍රය ආශ්‍රිතව පැවති රැස්වීමේ සංවිධාන කටවල නිරතව සිටි නීතිඥ ලිලාන් අමරකෝන් මහතා රැස්වීමේ වැඩ කටයුතු අවසන්ව සිය කිරිබත්ගොඩ පිහිටි නිවසට ගිය විට දකින්නට ලැබී ඇත්තේ විසිදෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණ සිටින බවයි.

ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මවත් පියාත් දරුදෙදෙනාත් පමණයි. පොලීසියේ මේ හදිසි පැමිණීම නිසා පියා සහ දරුවන් භිතියට පත්වී ඇත. ලිලාන් මහතා පැමිණ ඔවුන් පැමිණිකාරණය විමසීමේ දී පොලිස් නිලධාරින් කියා ඇත්තේ නිවසේ ආයුද වගයක් සඟවා ඇති නිසා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි. එවිට නීතිඥ ලිලාන් පවසා ඇත්තේ තමා යුක්තිගරුක නීතිගරුක පුද්ගලයකු බවත්, තමා නීති විරෝධි වැඩ නොකරන බවත්ය. නීතියට අනුව නිවසක් පරීක්ෂා කිරීමට උසාවි නියෝගයක් අවශ්‍ය බවත්. ඒ වුවත් තමාගේ නිර්දෝෂි භාවය ඔප්පුකිරීමට අවශ්‍ය බවත් නිවස සෝදිසි කරන ලෙසත්ය.

එවිට පැමිණි පොලිස් නිලධාරින් කාරණය වටහා ගෙන පිටව ගොස් ඇත. ඔහු පසුව දා (31) පොලිස්පතිවරයාට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඊට පසුවත් පොලිස් කණ්ඩායමක් ඔහුගේ කෑගල්ලේ නිවසට ගොස් ඇත.

කෑගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරයා වන ලිලාන් අමරකෝන් මහතා පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද හතලිස් දහසකට වඩා ගෙන පාර්ලීමේන්තුවටපත් වූ පස්දෙනා ළඟට සිටින වැඩිම ඡන්ද ලබාගෙන සිටින පුද්ගලයාය.

තම මතයට එකඟ නොවන විරුද්ධ පාක්ෂිකයන් බියවැද්දීමට බලහත්කාර ආණ්ඩුව විසින් ගත් පළමු පියවර මෙය වීමට පුලුවන. හෙට කොච්චර කළුවර ද?

බිනර දන්තුරේබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *