විමල්ගේ, ගම්මන්පිලගේ විපක්ෂ පෙරමුණටත් ජනාධිපතිගේ අවසරය ඕනෑලු !

විමල් වීරවංශ , උදය ගමන්පිල ආදීන් හදන්නට යන විපක්ෂ පෙරමුණට ශ්‍රීලනිප මන්ත්‍රීන් සම්බන්ද කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය නොලැබීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව එම කණ්ඩායමේ තතුදත් ආරංචි මාර්ග කියයි . එයට හේතු වී ඇත්තේ විපක්ෂයේ වාඩි වෙන්නට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් බහුතරය සන්ධානයෙන් හෝ ශ්‍රීලනිපයෙන් ඉවත්වීමට සුදානම් නොවීමයි .විපක්ෂයේ වාඩිවීමට මොවුන්ට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී ඇතත් වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ඉඩ දී නැත .

විපක්ෂ නායක ධුරය වෙල්ගම මහතාට ලබාදෙන ලෙස කරන ඉල්ලීමට 56 දෙනකු අත්සන් කොට ඇත්තේ ඒ සදහා ජනාධිපතිතුමාගේ එකගතාව ඇතැයි විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය ගැන විශ්වාසයෙනි . එබදු ලිපියක් කතානායකවරයාට නොයවා ජනාධිපතිතුමාට යවන ලද්දේද එම හේතුව නිසාම බව කියති .එසේ වුවද මෙම වැඩ පිළිවෙළට ජනාධිපතිතුමාගේ සහාය නැති බව දැන් පැහැදිලි වී තිබේ .

පාර්ලිමේන්තුවේ සිටින 95ක් වන සන්ධාන මන්ත්‍රීවරුන් අතරින් 82ක් ම ශ්‍රිලනිපයෙනි . පක්ෂය සමග ගැටුමකට ගියහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර කෙසේ වෙතත් ආසන සංවිධායක ධුර වැනි වෙනත් ප්‍රශ්න පන නැගිය හැකි බව කියති . එමෙන්ම ලග එන පළාත් පාලන චන්දයේදී තම හිතවතුන්ට නාමයෝජනා ලබාදීම හා ජයග්‍රහණය කීරීම ආදී ප්‍රශ්න ද පැන නගින බව කියති . මහින්ද රාජපක්ෂ මහතා සමග වෙනම පෙරමුනකින් තරග කිරීමට ඇතැමුන් යෝජනා කළද එයට තමන් ඉදිරිපත් නොවන බව රාජපක්ෂ මහතා දැනුම් දී ඇත .

මෙම තත්ත්වය නිසා විමල්ගේ හා උදයගේ විපක්ෂ පෙරමුණ දිනෙන් දින දියාරු වෙමින් පවතින බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *