රටේ තත්වය පිළිබඳ තානාපති නිළධාරීන්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් අද (31) පස්වරුවේ කතානායක කරු ජයසූරිය මහතා හමු වී තිබේ. මෙම හමුව පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සින්ගර් (Mrs.Hanna Singer), ‍යුරෝපා සංගම්  තානාපති මාර්ගියු ( HE.Mr.Margue), බ්‍රිතාන්‍ය  මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස්  (H.E.James Dauris), කැනඩා තානාපති ඩේවිඩ් මැකින්නොන් (H.E.David Mackinnon), ජර්මානු තානාපති ජෝන් රොද්ඩ් (H.E.Jorn Rohde)යන තානාපති නිළධාරීන් සහභාගි වී තිබේ.
එම පිරිස වර්තමානයේ උද්ගත වී ඇති තත්වය පිළිබඳව කථානායකවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූහ. සිදුවූ  අනපේකෂිත  දේශපාලන පරිවර්තනය පිළිබඳව සිය කනස්සල්ල පළකළ ඔවුහු මේ තුලින් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳවද පෙන්වා දුන්හ.
මෙහිදී, කතානායකවරයා සඳහන් කළේ තමා අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට අපේකෂා කරන අතර, එහිදී පැනනැගී ඇති තත්වයට ව්‍යවස්තානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කඩිනමින් විසඳුමක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එබැවින්, ශ්‍රී ලංකාවට එ‍රෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රික ක්‍රීයාමාර්ගයන්ට යොමුවීමට ඉක්මන් නොවන ලෙසද කතානායකවරයා ‍ඔවුන්ගෙන්  ඉල්ලා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *