|

ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ – එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ

‘ජනවරමට ගරු කරනු – පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන තේමාව යටතේ අද (30) සවස කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අවට පරිශ්‍රය දී පැවැත්වූ ජන රැලියට සහභාගි වූ අතිවිශාල ජනතාවක් අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කතාව. මෙහිදී සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක, රවී කරුණානායක, රංජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ‍ෆොන්සේකා, වික්‍රමබාහු කරුණාරත්න යන අයද කතා කළහ.

ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම හරිම කැත වැඩක්. ඒ කැත වැඩේ කරන්න ඉඩ දෙන්නෙ නෑ කියලා මම මෙතනදි කියනව. මේ වේදිකාවේ විවිධ මත දරණ විවිධ ජාතීන්ට අයිති විවිධ ආගම්වලට අයිති නායකයින් කණ්ඩායම ඉන්නව. එක අන්තයක ඉඳන් අනිත් අන්තය වෙනකම් එදා අපි ඔක්කොම මෙතන එකතු වුණේ එක්සත් ජාතික පෙරමුණ හැටියට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එකතු වෙලා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරල, මේ රටේ සංවර්ධනයක් ඇති කරල සංහිඳියාවෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න. ඒ සඳහා එදා හිටපු ප්‍රධාන පක්ෂ තුනත් ඒ සමගම අනික් සංවිධාන වෘත්තිය සමිතිත් සිවිල් සංවිධාන එකතුවෙලා ඊළඟ ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදිව ජනාධිපති පත්කරන්න කියල ඒ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් පත් කරන්න අපි තීරණය කළා. එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ ඇමතිවරු ගණනාවක්, සංවිධාන ගණනාවක් අපිත් එක්ක එකතු වුණා. අන්තිමට හිටපු ජානාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව අනුව අපි ‍මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිතුමා ජනාධිපති අපේක්ෂකයා කිරීමට තීරණය කළා. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී ඒ යෝජනාව ප්‍රසිද්ධ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි සියලු දෙනාම එදා කැපවෙලා වැඩ කෙරුව. අපේ අය හිරේට ගිහින් තිබුණා. ජීවිත පරිත්‍යාග කරල තිබුණා. අපේ දාඩියෙන් කඳුළෙන් අපි සටන් කරල තිබුණ. 2015 ජනවාරි 8 වෙනිදා ඒ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට පත් වුණා. මම අගමැති හැටියට පත්වුණා. අපි පත්වුණේ පුද්ගලයන් හැටියට ලබා ගත්ත වරමකින් නොවේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ගත්ත වරම හැටියටයි. ඒ වරම ආරක්ෂා කරන්න අපි දහනම වැනි සංසෝධනය ඉදිරිපත් කළා. ස්වාධීන කොමිෂන් සභා ඉදිරිපත් කළා, මාධ්‍ය නිදහස ඇති කළා. ආණ්ඩුවට බියක් සැකක් නැතිව ජීවත් වෙන්න පුලුවන් වතාවරණයක් අපි ඇති කළා. එකේ මූලිකත්වය වුණේ ජනතා පරමාධිපත්‍යය, ස්වාධිපත්‍ය, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය. ඒ වරම අරගෙන තමයි අපි ඉදිරියට ගියේ.

මේ රටේ ජනතාව එක සමාන අයිතිවාසිකම් බුක්ති විඳින්නෙ, සර්වජන ඡන්ද බලය රැකෙන්නෙ පාර්ලිමේන්තුව නිසා. ඒ අයිතිවාසිකම ආරක්ෂා කරන්න තමයි අපි ඉදිරියට ගියේ. එහෙත් අවසනාවන්ත විදිහට අපි නොහිතපු අවස්ථාවක නොහිතපු විදිහට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වරම කඩලා පාර්ලිමේන්තුව පැත්තකට දාලා යළිත් විධායක බලය ජනාධිපති අතට අරන් තියෙනව. ඒකට අපි විරුද්ධයි. ඒකට අපි ඉඩදෙන්නෙ නෑ. මේ රටේ ජනතාව අද බලාපොරොත්තු වන්නේ තමන් කැපවුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරල දෙන්න කියල මම කියන්න කැමතියි.

එදා බලාපොරොත්තු වුණේ සිකුරාදා මේ වැඩේ කරලා අපි හිරකාරයෝ වගේ කරගන්න දෙයක් නැතුව බලා ඉඳියි කියලයි. අපි තීරණය කළා ඒකට ඉඩ දෙන්නෙ නෑ කියල ඒ නිසා හැමතැනම එක්රැස්වෙලා මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛේතය බවට පත් කළා. මෙතෙන්ට පැමිණ සහයෝගය දුන් ඔබ සියලු දෙනාටම අපි ස්තූති කරනව. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂත්, අනිත් දේශපාලන පක්ෂත් කිවුවා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියල. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කල් දැම්මා. මේ ප්‍රශ්නයෙන් පැනල යන්න බැලුවා අති ඒකට ඉඩ දෙන්නෙ නෑ. එක අතකින් අද මේ රටේ ජනතාවගේ විශ්වාසය කඩවෙලා තියෙන්නෙ. මොකක්ද මේ වෙන්නෙ කියල අහනව. මොකක්ද මේ කරන්නෙ කියල අහනව. සම්පූර්ණ විශ්වාසය නැති වෙලා. අනිත් අතින් ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා දලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ. මෙතන තියන ප්‍රශ්නය අපි අතර නෙමෙයි. මෙතන තියන ප්‍රශ්නය මහජනතාවගේ වරම පිළිගන්නවද? මහජනතාව ඉවත් කරනවද කියන කාරණය. ඒ නිසා මේ අරලිය ගහ මන්දිරයෙන් පටන් ගත්තු සංඛේතය දැන් රට වටේම ගිහින් දේශපාලන පක්ෂ විරුද්ධයි, වෘත්තිය සමිති විරුද්ධයි. ආගමික සංවිධාන විරුද්ධයි. මුළු ප්‍රජාවම විරුද්ධයි. මේ සටන රට ඇත්‍රළට ගෙනියන්න තියෙනව.

අපි පාර්ලිමේන්තුව වහා රැස්කරන්න කියල අපි ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවෙ බහුතරයක් නියෝජනය කරන පක්ෂ අද කතානායක තුමාට දැන්වුවා. ඒ වගේම තමයි අපි අද ඉඳල පටන් ගෙන අපේ පක්ෂයත් අනික් පක්ෂත් සිවිල් සංවිධානයත් මේ ප්‍රශ්න රට වටේ ගෙනියන්න, ජනතාව අතරට ගෙනියන්න රට ජාතිය අගය කරනවා, අපි මේක පවලා දෙන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් නරව්ව වුවමනා අනික් පියවරත් අපි ගන්න ලැස්තියි කියල මම කියනව. පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන්න තියෙනව. පාර්ලිමේන්තුවෙ බලය පිළිගන්න තියනවා. ඒ ජයග්‍රහණය තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යනවා කියල, මම කියන්න කැමතියි. මෙතන පැමිණි පූජ්‍ය පක්ෂයටත්, පක්ෂ නායකයන්ටත්, සියලු දෙනාටත් ස්තූති කරමින් මගේ කතාව අවසන් කරනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *