සමාජවාදය දුරස්ථයි සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා

Jayampathyසමාජවාදය ආසන්නයේ නැති හෙයින් පාර්ලිමේන්තුව තුළ ඇන්. ඇම්. පෙරේරා මෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නොසැළී පෙනී සිටින බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතික පෙරමුණ තුළ වාමාංශික කේන්ද්‍රය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රි ආචාර්ය වික්‍රමරත්න මේ බව ප්‍රකාශ කළේ සැප්. 08 ඇන්. ඇම්. පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීමේන් අනතුරුව පැවති රෑස්වීමේ දී ය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති ක්‍රමය ඉවත්කර ගැනීමට ඇන්. ඇම්. පෙරේරා මීට වසර 35කට පෙර ආරම්භ කළ සටනේ කඩ ඉමක් පැණීමට ජනවාරි 8 වෙනිදා හැකි වූ බවත්, එය සම්පූර්ණයෙන් ඉවත්කරගැනීමට ඉදිරියේ දි පාර්ලිමේන්තුව තුළ මැදිහත් වන බවටත් , ඇන්. ඇම්. පිළිරුව අභියස ප්‍රතිඥාවක් ද දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *