ප්‍රගීත් ඝාතන පරීක්ෂණ යටගහන්න කියන අතේ පැලවෙන කෙප්ප

හමුදා බුද්ධි අංශය ගිරිතලේ යුද හමුදා කඳවුරට යාබදව ව්‍යාජ කෝටි කදවුරක් පවත්වාගෙන ගිය බවටත් , එහි පැමිණි “ප්‍රදීප්” නම් අයකු සිංහල ජනයා පමණක් ජීවත්වන මෙම ප්‍රදේශයේ හමුදා කඳවුරකට යාබදව තිබෙන එම කඳවුර ගැන කිසිදු සැකයක් නැතිව ඔවුන් හා කුමන්ත්‍රණ කළ බවටත්, මාධ්‍ය  මගින් ප්‍රචාරය කරමින් ප්‍රගීත් ඝාතන පරීක්ෂණ යට ගස ගන්නට හමුදාවේ දුෂිතයෝ පිරිසක් තවමත්  උත්සාහ දරමින් සිටිති . ඔවුන්ගේ ඉගැන්නුම් බස් අනුව ලියන ඇතැම් මාධ්‍යකරුවන් කියන පරිදි මෙම කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ 2009 දී ය . එනම් නැගෙනහිරින් පමණක් නොව උතුරින්ද කොටින් පලවාහැර සමුල ඝාතනය කිරීමෙන් පසුවය .

මොවුන් වාර්තාකරණ ආකාරයට මෙම බොරු කෝටි ගැන කිසිදු සැකයක් නැති “ප්‍රදීප්” නැමැත්තා ඔවුන්ට යෝජනා කරන්නේ පුදුමාකාර වටිනා යෝජනාවකි . එනම් හිටපු ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයක් බිම හෙලන්නටය . “ප්‍රදීප්” යෝජනා කරන තෙක් මෙම වටිනා අදහස කොටින්ට පහළ වී නැති ගානය . මෙහෙම වැඩක් කළ හැකි බව කොටින්ට පෙන්වා දෙන්නේ “ප්‍රදීප්” විසිනි .

දුෂිත හමුදා නිලධාරීන්ට කඩේ යන මාධ්‍යවේදීන් කියන්නේ එම “ප්‍රදීප්” යනු ප්‍රගීත් එක්නැලිගොඩ බවයි .

කෙසේ වෙතත් ප්‍රගීත් ගැන කරන පරීක්ෂණ වලදී මෙබදු කරුණු කිසිවක් හෙළිවී නැත . ගිරිතලේ කදවුරේදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු  ලියු “පවුල් ගස” ලිපිය පිළිබදවය .

එසේ තිබියදී මෙබදු අතේ පැලවෙන බේගල් ගොතන්නේ බුද්ධි අංශයක සිටි නිලදාරීන් නම් එබදු බුද්ධි අංශයක් කළ බව කියන වීර ක්‍රියා ගැනද සිතාගැනීම ජනතාවට භාරය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *