|

වෙල්ග­මගේ හෙළි­ද­රව්ව – සී.ජේ.අමරතුංග

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දේශ­පා­ලන ගේම් ගැන දන්නා උද­විය නම් කියන්නේ, ජනා­ධි­ප­ති­ව­ර­ණය දින­න්නට ඔහුට නම් කිසිම වුව­ම­නා­වක් නැති බවය. ඒ තමන්ගේ පැත්තෙන් නාමල් හැර වෙන කවුරු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ආවත් එය නාමල් රාජ­ප­ක්ෂගේ දේශ­පා­ලන අනා­ග­ත­යට අය­හ­පත් ලෙස බල­පාන නිසාය. මේ මොහොතේ මහි­න්දට අවශ්‍ය වන්නේ ඊළඟ මහ මැති­ව­ර­ණ­ය­කින් නාමල් රාජ­පක්ෂ විපක්ෂ නාය­කයා කර­න්නට පම­ණය. නාමල් කුමා­රයා ඔටුන්න හිමි කුමා­රයා වන්නෙ එවි­ටය. ඒ නිසා මහි­න්දට ඕනෑ පර­දින අපේ­ක්ෂ­ක­යෙකි.

ඒකා­බද්ධ විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් කිහි­ප­දෙ­නකු කුමාර වෙල්ගම මන්ත්‍රී­ව­ර­යාට ප්‍රහාර එල්ල කිරී­මත් එයට වෙල්ග­මගේ ප්‍රති­චා­ර­යත් තුළින් ඔවුන්ගේ දේශ­පා­ල­නයේ අර­මුණු මෙන්ම අනා­ග­තය ගැනද බොහෝදේ හෙළි­ද­රව් වී තිබේ. මහ­නු­වර පැවැති රැස්වී­ම­කදී මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, දිලුම් අමු­ණු­ගම, ලොහාන් රත්වත්තේ, කෙහෙ­ලිය රඹු­ක්වැල්ල ආදින් වෙල්ග­මට ප්‍රහා­ර­යක් එල්ල කළේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­කයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් කිරීමේ යෝජ­නා­වට විරු­ද්ධ­වීම නිසාය. එහිදී කිය­වුණේ වෙල්ගම පක්ෂය භේද­ක­රන බව හා එජා­ප­යට කඩේ යන බවකි. වෙල්ග­මට ගෝඨා භයක් ඇතිවී තිබෙන බවද කියැ­වුණි. මේ කතා කීවේ මහින්ද රාජ­පක්ෂ මහතා වේදි­කාවේ සිටි­යදී වීමද වැද­ගත්ය. එම ප්‍රහා­ර­යෙන් පසුව මහින්ද රාජ­පක්ෂ මහතා වෙල්ග­මට කියා ඇත්තේ සමා­දාන වන ලෙසය. ඔහුගේ ප්‍රති­චා­රය වූයේ සමා­දාන වන්නේ උත්තර දීමෙන් පසුව බවයි. පසු­ගි­යදා වෙල්ගම දුන්නේ එම උත්ත­ර­යයි. බොහෝ කත­න්දර එළි­යට ආවේ එම පිළි­තු­රත් සම­ඟය.

කුමාර වෙල්ගම මහ­තාගේ ප්‍රකා­ශ­යට අනුව මෙම විර­ස­ක­යට එක් ප්‍රධාන හේතු­වක් නම් ඒකා­බ­ද්ධය භාර­කාර ආණ්ඩු­වක් සෑදී­මට දැරූ උත්සා­හ­යට ඔහු විරු­ද්ධ­වී­මය. එහිදී භාර­කාර ආණ්ඩු හැදීමේ උත්සා­හය පිටු­පස තිබෙන කාර­ණාද එළි­යට ඇදිනි. එකක් නම් දිගි­න්දි­ගට බොරු කියා ජන­තාව රවටා තිබී­මය. එනම් හෙට බලය ගන්නවා, තව පෝය­කින් ගන්නවා, දෙක­කින් ගන්නවා ආදී වශ­යෙනි. එලෙස දිග­ටම ජන­තාව රවටා ඇති නිසා කොහොම හරි බලය ගැනී­මට ජනා­ධි­ප­ති­තුමා සමඟ භාර­කාර ආණ්ඩු­ව­ක්වත් හදා­ගැ­නීම එම උත්සා­හ­යයි. වෙල්ගම කියා ඇත්තේ එහෙම කර­න­වා­නම් තමා සහය දෙන නමුත් පසුව විප­ක්ෂයේ වාඩි­වන බවය. එලෙස භාර­කාර ආණ්ඩු­ව­කට විරු­ද්ධ­වීම මෙම විර­ස­ක­යට ‍එක් හේතු­වකි.

භාර­කාර ආණ්ඩුව වතුරේ යාම

භාර­කාර ආණ්ඩුව හබ­ක්වීමේ හේතු­වක්ද එහිදී හෙළි­ද­රව් වී ඇත. එනම් මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සිටින මන්ත්‍රී­වරු විසි­තු­න්දෙ­නා­ගෙන් මෙයට කැමැත්ත දී ඇත්තේ තුන්දෙ­නකු පම­ණක් වීමය. විස්සක් හිටියේ එජා­ප­යත් සමඟ බව වෙල්ගම මහතා හෙළි­ක­ළේය. එවිට එම දෙපා­ර්ශ්වයේ එක­තුව එක­සිය විසි හතකි. ඒකා­බ­ද්ධ­යට ඉන්නේ හැත්තෑ­වකි. භාර­කාර ආණ්ඩු­වක් හැදී­මට එක­සිය දහ­තු­නක් අවශ්‍ය ය. වෙල්ගම මහතා ප්‍රශ්න කළේ එම සංඛ්‍යාව පෙන්නන්නේ කොහො­මද කියාය. භාර­කාර ආණ්ඩු හදන උත්සා­හය අත්හ­රි­න්නට ඒකා­බ­ද්ධ­යට සිදු­වන්නේ ඒ නිසාය. ඇත්ත කතාව ඒකය.

අද වීර­යන් වී සිටින ඇතැ­මුන්ට එදා මහි­න්දගේ වේදි­කා­වට ගොඩ­ව­න්නට කොන්ද පණ නොතිබූ අන්දම කී වෙල්ගම මන්ත්‍රී­ව­රයා ඇතැ­මුන් ඇමැ­ති­කම් ඉල්ලා­ගෙන අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමුවේ වැඳ­වැ­ටුණු ආකා­ර­යද හෙළි­ද­රව් කළේය. එයින් කියැ­වෙන්නේ මොවුන් අතර බොහෝ­දෙ­න­කුට ජන­තා­වාදී දේශ­පා­ල­න­යක් හෝ කිසිම දේශ­පා­ලන දැක්මක් හෝ ප්‍රති­ප­ත්ති­යක් හෝ නැති බවය. එකම වුව­ම­නාව ඇමැ­ති­කම් ලබා­ගැ­නී­මය. ඒ කුම­ක­ටද යන්න ගැනද අමු­තු­වෙන් කිව­යුතු නැත.

අත් දෙකේම ලේ තව­රා­ගත් උද­විය ගැනද කුමාර වෙල්ගම මහතා හෙළි කළේය. නීති­යෙන් ගැල­වු­ණත් කළ වරද කුමක්ද කියා ඔහු පෙන්වා­දුන්නේ වීර­යන් වී සිටින උද­වි­යගේ තරම පෙන්නුම් කර­මිනි. වෙල්ගම මන්ත්‍රී­ව­රයා විවේ­ච­නය කළ තවත් අය ගැනද ඔහු එළෙ­සම හෙළි­ද­රව් කොට තිබිණි.

ආණ්ඩු හද­න්නට තදි­ය­ම්වීමේ ඇත්ත හේතු­වද වෙල්ගම හෙළි­ක­ළේය. ඒ සියලු දෙනාට නඩු තිබී­මය. තම­න්ටත් නඩු තුනක් තියෙන බව වෙල්ගම කීවේ ඒවාට නීති­ඥ­යන් මඟින් මුහුණ දෙන බවද කිය­මිනි. එම නඩු­ව­ලින් නිද­හස් වන්නට හෝ දඬු­වම් ලබ­න්නට හෝ සිදු­විය හැකි බවත් එලෙස මුහු­ණ­දෙ­නවා විනා වෙනත් මාර්ග­වල නොයන බවද වෙල්ගම කීවේය. වෙල්ගම මේ කීවේ මෙම ලියු­ම්කරු ඇතුළු බොහෝ­දෙනා වරි­න්වර කී සත්‍ය කතා­වය. එනම් කළ වැර­දි­ව­ලට දඬු­වම් විඳී­මෙන් ගැල­වෙ­න්නට මෙම කල්ලිය ඉක්ම­නින් ආණ්ඩුව පෙරළා ගන්න හදන බවය. කෙසේ වෙතත් එය වඩාත් තහ­වු­රු­වන්නේ කුමාර වෙල්ගම වැනි ඒකා­බ­ද්ධයේ ජ්‍යෙෂ්ඨ­යකු සනාථ කරන විටය.

මහින්ද රාජ­පක්ෂ මහතා තම එකම නාය­කයා බව කියන ගමන් වෙල්ගම මහතා කියන්නේ එන­මුත් පවුල් වාද­යක් අවශ්‍ය නොවන බවය. මහින්ද රාජ­පක්ෂ මහ­තාට ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා විය නොහැකි නම් එම අව­ස්ථාව ඒකා­බ­ද්ධයේ ජ්‍යෙෂ්ඨ­ය­කුට ලබා­දිය යුතු බවය. එයද වැද­ගත් ප්‍රකා­ශ­යකි. එසේ වුවද වෙල්ගම මන්ත්‍රී­ව­ර­යාද තේරුම් ගත යුතු කරු­ණක් වන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා එදා මෙන්ම අදත් පවු­ල්වා­දය ගොඩ­න­ඟ­මින් පව­ත්වා­ගෙන යමින් සිටින බවය.

මහින්ද ආණ්ඩු කරද්දී මේ රටේ සමස්ත අය-වැයෙන් සිය­යට හැත්තෑ­වක් විය­දම් කළේ රාජ­ප­ක්ෂලා තිදෙ­නකු විසිනි. ඒ මහින්ද රාජ­පක්ෂ, බැසිල් රාජ­පක්ෂ හා ගෝඨා­භය රාප­ක්ෂය. ගෝඨා­භය හා බැසිල් ගෙන්වා ගත්තේ ඇමෙ­රි­කා­වෙනි. ඔවුන් ගැන මේ රටේ ජනයා දැන සිටියේ ද අල්ප වශ­යෙනි. ටික කලක් යද්දී මේ දෙදෙනා සිටියේ ඇමැති මණ්ඩ­ල­ය­ටද ඉහ­ළිනි. මහින්ද රාජ­පක්ෂ පාල­නය ක්‍රියා­ත්මක වුණේ සමස්ත ඇමැති මණ්ඩ­ල­යත් පක්ෂ­යත් යට­පත් කර­මිනි. නාමල්ලා, ශිර­න්තිලා ද කර­ළි­යට ගෙනා­වේය. එක දරු­ව­කුට හැර අනෙක් දරු­වන්ට සැලකූ ආකා­රය ද මහ­ජ­න­යාට රහ­සක් නොවේ.

මහින්ද රාජ­පක්ෂ මහතා දැන­ටත් කර­ගෙන යන්නේ එය මය. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­කයා ගැන ප්‍රශ්නය මතු­ක­රන්නේ ගෝඨා­භය ද, චමල් ද, බැසිල් ද වශ­යෙනි. එයට එක හේතු­වක් නම් නාමල්ට වයස මදි­වී­මය. නාමල් වයස සපුරා සිටි­යා­නම් අනෙක් අයගේ නම් කියැ­වෙ­න්නේ­වත් නැත. ඇත්ත තත්ත්වය ඒකය. මෙය තේරුම් ගැනී­මට ඒකා­බ­ද්ධයේ ජ්‍යෙෂ්ඨ­යකු වන කුමාර වෙල්ගම මහ­තාට නොහැ­කිවී ඇත්තේ ඔහු තව­මත් දැඩි මහින්ද භක්ති­ක­යකු වී සිටීම නිසා විය හැකිය. මේ රටේ සාමාන්‍ය ජන­යාට නම් මේ කතාව අමු­තු­වෙන් කියා­දිය යුතු නැත.

පොහොට්ටු පක්ෂය ගොඩ­නැ­ඟීම භාර­දුන්නේ බැසිල් රාජ­පක්ෂ මහ­තා­ටය. මහින්ද හැරු­ණු­විට එම පක්ෂයේ නොනිල නාය­කයා බැසිල්ය. එහි තිබෙන්නේ බැසිල්ගේ ආධි­ප­ත්‍ය­යය. වෙල්ග­මත් කියන්නේ බැසිල් පක්ෂය හැදුවා කියාය. එම කාර්යය වෙනත් ජ්‍යෙෂ්ඨ­ය­කුට නොපැ­ව­රීම ගැන ප්‍රශ්න කර­න්නේ­වත් නැත.

මේ වන­විට මහින්ද රාජ­පක්ෂ මහතා වැඩ පටන් අර­ගෙන තිබෙන්නේ නාමල් රාජ­පක්ෂ මහතා මීළඟ නාය­කයා ලෙස ගොඩ­න­ඟ­න්න­ටය. පසු­ගි­යදා ‘ජන­බ­ලය කොළ­ඹට’ කියා අඩ­ව්වක් ඇල්ලුවේ ඒක­ටය. එය සම්පූ­ර්ණ­යෙන්ම සංවි­ධා­න­ය­කොට මෙහෙ­ය­වන ලද්දේ නාමල් රාජ­පක්ෂ පිම්බෙන ලෙස­ටය. කෙසේ වෙතත් වැඩේ අසා­ර්ථක වීමෙන් නාමල්ගේ හුලං බැස්සේය. එසේ වුවද වැඩේ තාම ඇත­හැර නැත. දැන් ඒකා­බ­ද්ධයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යන් පසෙ­කය. ඒ වෙනු­වෙන් පෙනී හිටින්නේ නාමල්ය. වග­කීම් දෙන්නේ නාම­ල්ටය. මහින්ද රාජ­පක්ෂ ගානට වැඩේ කර­ගෙන යන්නේ එහෙ­මය.

එහෙම තිබි­යදී පවුල් වාද­යට විරුද්ධ බව කිය­මින් මහින්ද වන්ද­නාවේ යෙදීමේ කුමාර වෙල්ග­මගේ පිළි­වෙත කිසිදා තේරු­මක් නැති එකකි. මහින්ද තමාගේ එකම නාය­කයා කිය­න­වි­ටම ඔහුගේ ක්‍රියා­කා­රී­ත්වය ද පිළි­ගෙන හමා­රය. ඒ ක්‍රියා­කා­රී­ත්වය තුළ තිබෙන්නේ පවු­ල්වා­ද­යය. ගොඩ­න­ඟන්නේ පුතාගේ දේශ­පා­ලන අනා­ග­ත­යය. ඒ ගැන කිසිඳු අපැ­හැ­දිලි බවක් නැත. පක්ෂයේ අනෙක් සියලු දෙනාට සල­කන්නේ රම්පේ, කර­පිංචා ගාන­ටය. වැඩ අර­ගෙන අහක දාන්න­ටය.

රම්පේ කර­පිංචා න්‍යාය

තමන්ගේ නාය­ක­ත්ව­යට කැපවී සේවය කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යන්ට පවා කොල්ලන් කුරු­ට්ටන් දමා ගස්සන්නේ ඒක­ටය. වෙල්ග­මලා තව­මත් තේරුම් ගෙන නැති පාඩම ඒකය.ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය පිළි­බඳ බර­ප­තළ ප්‍රශ්න­යක් ඒකා­බ­ද්ධය තුළ මතුව ඇත්තේ ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනිය හැකි අපේ­ක්ෂ­ක­යකු එයට නැති­වීම නිසාය. ඒ කතාව කෙළින්ම කීවේ වාසු­දේව නානා­ය­ක්කා­රය. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර ආණ්ඩුව පෙර­ළන්න ජනා­ධි­ප­ති­තුමා සමඟ සම්මු­ති­ය­කට යන්න හැදු­වේද ඒක­ටය. එය­ටද එක හේතු­වක් නම් මහින්ද රාජ­පක්ෂ මහතා පක්ෂය තුළ වෙනත් නාය­ක­යන්ට ගොඩ නැ‍ඟෙන්නට ඉඩ නොදී­මය. එකම නායක මහින්ද රාජ­පක්ෂ මිස වෙනත් නාය­ක­යන්ට මතු­ව­න්නට දුන්නේම නැත. පක්ෂ­යෙන් පිට කිසි­ව­කුට අව­ස්ථාව දුන්නේ නැත. වැඩක් කර­න්නට ප්‍රති­පා­දන දුන්නේ නැත. වග­කීම් පැව­රුවේ නැත. වැඩක් කරන්න හද­න­විට කකු­ලෙන් ඇද්දේය. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මේ කතා බොහො­ම­යක් කියා ඇත. මොර­ග­හ­කන්ද ව්‍යාපා­ර­යට මුල්ගල තැබූ හැටියේ ඇමැ­ති­කම නැතික‍ළේ ඒකය. කුමාර වෙල්ග­ම­ලා­ටද සිදුව තිබෙන්නේ එකම නාය­කයා මහින්ද කියා­ගෙන පස්සෙන් යාම­ටය.

ඔටුනු පලඳා මුල්ලට කළ හැටි

තම ආණ්ඩුව තුළ තමන්ට අභි­යෝ­ග­යක් විය හැකි ප්‍රබ­ල­යන් කවු­දැයි වරෙක මහින්ද හඳු­නා­ගත්තේ ය. ඒ සියලු දෙනාට මහින්ද ඔටුනු දැම්මේ ජ්‍යෙෂ්ඨ ඇමැ­ති­ව­රුන් වශ­යෙනි. පට්ටම විත­රය. කිසිදු බල­යක් නැත. වග­කී­මක් නැත. මුදල් ප්‍රති­පා­දන නැත. මහින්ද දෙවන පෙළ නාය­ක­ත්වය විනාශ කළේ එහෙ­මය. දැන් ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­ත්ව­යට කෙනෙකු ඇමෙ­රි­කා­වෙන් ආන­ය­නය කර­න්නට සිදුවී තිබෙන්නේ එලෙස මහින්ද අනෙක් නාය­ක­යන් එකි­නෙකා විනාශ කළ නිසාය.

ඒකා­බද්ධ විප­ක්ෂයේ බොහෝ­දෙ­නාට ඉක්මන් ආණ්ඩු­වක් අව­ශ්‍යව ඇත. ඒ ‍බොහෝදෙ­නාට එරෙ­හිව නඩු­වැටී ඇති නිසා බව දැන් අපිට සහ­ති­කය. ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ගැන යෝජ­නා­වට ගහ බැන ගන්නේ ඒක­ටය. ඒ ඒකා­බ­ද්ධයේ අයගේ වුව­ම­නා­වය. කෙසේ වෙතත් මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දේශ­පා­ලන ගේම් ගැන දන්නා උද­විය නම් කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය දින­න්නට ඔහුට නම් කිසිම වුව­ම­නා­වක් නැති බවය. ඒ තමන්ගේ පැත්තෙන් නාමල් හැර වෙන කවුරු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ආවත් එය නාමල් රාජ­ප­ක්ෂගේ දේශ­පා­ලන අනා­ග­ත­යට අය­හ­පත් ලෙස බල­පාන නිසාය. මේ මොහොතේ මහි­න්දට අවශ්‍ය වන්නේ ඊළඟ මහ මැති­ව­ර­ණ­ය­කින් නාමල් රාජ­පක්ෂ විපක්ෂ නාය­කයා කර­න්නට පම­ණය. නාමල් කුමා­රයා ඔටුන්න හිමි කුමා­රයා වන්නෙ එවි­ටය. ඒ නිසා මහි­න්දට ඕනෑ පර­දින අපේ­ක්ෂ­ක­යෙකි.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඒ අනුව නම් මේ වන­විට මහි­න්දගේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වන්නට සුදු­සු­කම් සපුරා ඇත. ඒ ඔහුට දින­න්නට අව­ස්ථා­වක් තිබුණා නම් මේ වන­විට ඔහු විසින්ම ඒ අව­ස්ථාව නැති කර­ගෙන තිබීම නිසාය. ඒ වැඩේ ඔහු කර­ගත්තේ ජාති­වාදී හමුදා නිල­ධා­රීන් ඇතුළු අන්ත­වා­දීන් පිරි­සක් සමඟ රට වටා යෑම මඟිනි. එම­ඟින් ඔහු සුළු­ත­ර­ය­කට කොටුවී ඇත. මුලදී තිබූ ‍ගෝඨා රැල්ල පසුව විනා­ශවී ගියේය. මධ්‍යස්ථ බොහෝ­දෙනා ඉව­ත්වූහ. මුලින් ගෝඨා රැල්ලක් ගොඩ­න­ඟ­න්නට ලිපි ලියූ ආචාර්ය දයාන් ජය­ති­ලක වැන්නන්ද එළි­පි­ටම ඔහුට එරෙහි විය. මේ වන­විට ගෝඨා­භ­යගේ ප්‍රචා­රක ව්‍යාපා­රය බිඳ­වැටී අව­සන්ය. ඔහුට දැන් දින­න්නට බැරිය. ඒ නිසා මහි­න්දට හෝ නාමල්ට ඔහු තර්ජ­න­යක් වන්නේ ද නැත.

ගෝඨා තර­ග­යට දමා පොදු­ජන පෙර­මු­ණට යන්ත­මට ඉති­රිව තිබෙන සුළු­තර ජනයා අතර සුළු පද­නම මෙන්ම මධ්‍යස්ථ ජන­යාද දුර­ස්කර ගන්න­වාද යන කාර­ණ­යද සැල­කි­ල්ලට ගැනී­මට මහි­න්දට සිදු­වනු ඇත. ගෝඨා­භ­යගේ ප්‍රචා­රක ව්‍යාපා­රය බිඳ­වැ­ටීම ගැන මහි­න්දා­න­න්දලා කුමාර වෙල්ග­මට දෙස් දෙවොල් කීම තේරු­මක් නැත. ගෝඨාගේ ඉර­ණම තීන්දු කළේ ඔහු­ගේම ගෝල බාල­යන් මිස අන් කිසි­වෙක් නොවේ. එමෙන්ම මහින්ද නැති­විට පක්ෂ­යට නාය­ක­ත්ව­යක් නැති ‍කළේ මහි­න්දම මිස වෙන කවු­රු­වත් නොවන බවද කවු­රුත් තේරුම් ගත යුතු කාර­ණ­යකි. මහින්ද පිටු­පස තව­දුර ගියත් කතා­න්ද­රය ඕකය. ජ්‍යෙෂ්ඨ­යන් කළ යුතු වන්නේ සුදුසු වෙනත් මගක් සොයා­ගැ­නී­මය.

සී.ජේ.අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *