පැරකුම් යුගයෙදි අන්තර් ජාතික වෙළඳාම නිසා ලංකාව විශාල ආදායම් ලැබුවා – රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

‘පැරකුම් යුගයක් නැවතත් අරඹව්’ කියලා කියනකොට මේ සියළු දේ අන්තර්ගත වෙනවා. ඇයි අපිට වෙළඳ ගිවිසුම් අවශ්‍ය? සමහරු අහනව. මේ ගිවිසුම් අත්සන් කරන එකේ තේරුමක් නෑ කියලා කියනව. තේරුමක් නැත්නම් ඇයි අටවල් අතර ගිවිසුම් අත්සන් කරන්නෙ? මේ සිංප්පූරු ගිවිසුම ලොකේ ප්‍රථම වතාවට අත්සන් කරන ‍ගිවිසුම නෙමේ. වෙළඳ ගිවිසුම් රටවල් අත්සන් කරන්නෙ ඔවුන්ගේ අපනයනයන් වර්ධනය කරගන්න, අලුත් වෙළඳපොලවල් හොයාගන්න.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා එසේ ප්‍රකාශ කළේ ඊයේ (18) සවස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවති මහජන මන්ත්‍රණසබාව අමතමිනි. තවදුරටත් කතා කළ ඇමතිවරයා,

‘පැරකුම් යුගක් නැවතත් අරඹමු හෙළ භූමිතලේ ලංකා’ කියන ගීතය ඇහෙන කොට අපේ හිත්වලට අමුතුම හැඟීමක් ඇති වෙනවා. පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ ලංකාව කොතරම් හොඳ දියුණු තත්ත්වයක තිබුණද කියලා හිතෙනවා. මට ඒක හොඳටම දැනුනා පසුගිය දවසක පොළොන්නරුවට ගියවෙලාවෙ. පරාක්‍රම සමුද්‍රය පිරිලා ඉතිරිලා. එතන හිටිය නාලක කොලොන්නෙ මන්ත්‍රිතුමා මට කිව්වා එතුමාට වයස අවුරුදු 40ක් වෙනවා පරාක්‍රම සමුද්‍රය මෙතරම් පිරිලා තියනවා කවදාවත් දැකලා නෑ කියලා. පසුගිය ටිකේ හොඳට වැහැලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මොරගහකන්දෙනුත් දැන් පරාක්‍රම සමුද්‍රයට වතුර එනවා. අපිට තව දෙයක් කල්පනා කරන්න වෙනවා. මෙච්චර විශාල ගොඩනැගිලි හදන්න, මෙච්චර රට දියුණු කරන්න කෙහෙන්ද පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට සල්ලි ආවේ. ඒකත් අපි කල්පනා කරන්න ඕනැ කාරණයක්. මේක ආර්ථික ඉතිහාසය පිළිබද ප්‍රශ්නයක්.

පරාක්‍රම භාහු රජ්ජුරුවො හිටියෙ දොළොස්වෙනි ශතවර්ෂයෙ. අපි කවුරුත් දන්නවා. මේ ඉතිහා‍සය ලියවෙන්නෙ ඊට අවුරුදු සියයකට විතර පස්සෙ 13 වන ශතවර්ෂයෙ මේක. ලියනකොට ඒ අයට හොඳ මතකයකින් මේක දීර්ග විදිහට විග්‍රහ කරලා තියෙනව.

ඊට පස්සෙ ආර්ථික විද්‍යාඥයො මේ විග්‍රහය ඉස්සරහට ගෙනිච්චා. මේක මෑතකදි අපේ විද්‍යාඥයන් විසින් ඉතාගැඹුරු විග්‍රහයක යෙදුනා. මේ අය මොකද කියන්නේ, පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉන්දියන් සාගරයේ වෙළඳ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරගත්තා. ආචාර්ය විජේවර්ධන මැතිතුමා කියනවා කළුතර ප්‍රදේශයේ තිබ්බා කියලා අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් පවා. බුරුමේ හිටපු අලව් ෂිදු රජ්ජුරුවො පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ වෙළඳ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න බදු පැනෙව්වා. වෙනත් කටයතුත් කෙරුවා කියනවා. පරාක්‍රමබාහු රජ්ජුරුවො වෙනත් රටවල් වලින් බඩු ගෙනල්ලා වෙනත් රටවලට විකුණලා තියනවා. ඒ කියන්නෙ ප්‍රතිඅපනයනය කරලා තියෙනවා. මත්පැන් පවා ගෙන්වලා ප්‍රතිඅපනයනය කළා කියලා සඳහන් වෙලා තියෙනවා. අලියෙක් ගන්න පුළුවන්ලු රිදි 30කට. අලව් ෂිදු රජ්ජුරුවො මේ රිදී තිහ රිදී 3000ක් විතර වෙනකල් වැඩි කරනවා. ඊට පසුසෙ යුධ නැව් ඇරලා අලව් ෂිදු රජ්ජුරුවො යුද්ධයෙන් පරද්දලා නැවතත් වාණිජ කේන්ද්‍රස්ථානෙ ලංකාවේ පිහිටුවනවා. එතකොට ආර්ථික විශේෂඥයො කියනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට මේ අවශ්‍ය මුදල් ලබාගත්තෙ මෙන්නමේ ජත්‍යන්තර වෙළඳාමෙන් කියලා. අපි බොහෝවිට කතාකරන්නෙ නැති දෙයක් ගැන තමයි මම මේ කිව්වෙ.

‘පැරකුම් යුගයක් නැවතත් අරඹව්’ කියලා කියනකොට මේ සියළු දේ අන්තර්ගත වෙනවා. ඇයි අපිට වෙළඳ ගිවිසුම් අවශ්‍ය? සමහරු කියනවා මේ ගිවිසුම් අත්සන් කරන එකේ තේරුමක් නෑ කියලා. තේරුමක් නැත්නම් ඇයි අටවල් අතර ගිවිසුම් අත්සන් කරන්නෙ? මේ සිංප්පූරු ගිවිසුම ලොකේ ප්‍රථම වතාවට අත්සන් කරන ‍ගිවිසුම නෙමේ. වෙළඳ ගිවිසුම් රටවල් අත්සන් කරන්නෙ ඔවුන්ගේ අපනයනයන් වර්ධනය කරගන්න, අලුත් වෙළඳපොලවල් හොයාගන්න.

සමහර අවස්ථාවලදි ලෝකයේ වෙළඳාම කරගෙන යන නිදහස නැතිවෙනව. සමහර රටවල් නොයෙකුත් බාදක පනවනව. අලව් ෂිදු රජ්ජුරුවො පරාක්‍රමබාහු රජ්ජුරුවන්නට බාදක පැනව්ව වගේ. ට්‍රම්ප් ඉරාකයට බාදක පැනෙව්වා වගෙ. එහෙමත් නැත්නම් යුරෝපයට බාදක පැනෙව්වා වගේ. නමුත් වෙළඳ ගිවිසුමක් තියනව නම් එහෙම බාදක පනවන්න හැකියාවක් නෑ. ඉතින් ඒ නිසා තමන්ගෙ වෙළඳාම ශක්තිමත් කරගන්න, අලුත් වෙලඳපොලවල් හොයාගන්න ඕන නිසා තමයි රටවල් අතර මෙවැනි වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න පටන් ගන්නෙ.

ඉස්සර කාලෙ මේ වෙළඳ ගිවිසුම් අත්සන් කළේ රටවල් දෙකක් අතර. නමුත් දැන් වැඩිපුරම ගිවිසුම් අත්සන් කරන්නෙ බහුපාර්ෂිකව රටවල් කිහිපයක් එක්ක. ලංකාව ගත්තොත් අපේ වෙළඳපොල ඉතාම කුඩයි. අපේ වෙළඳපොල මිලියන 21යි. ඒ මිලියන 21ක අපේ ඒකපුද්ගල ආධායම ඩොලර් මිලියන 4000න් වැඩිකරපුවාම තමයි ඩොලර් මිලියන 85000ක වෙළඳපොලක් තියෙන්නෙ. උදාහරණයක් ගත්තොත් මේ පෝන් එකේ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 100ට වැඩියි. (අමාත්‍යවරයා ජංගම දුරකතවයක් පෙන්වමින්) ඒ එක කොම්පැනියක. එක කොම්පැනියක වෙළඳපොල ප්‍රාග්ධනයට වඩා පොඩියි අපේ මුළු ලංකාවෙ වෙළඳපොල. අපි රටක් හැටියට ඉස්සරහට යන්න ඕන නම්, සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතය අද තියන තත්ත්වයට වඩා සාර්ථක කරගන්න ඕන නම්, අපිට ජාත්‍යන්තර වෙළඳපාල ජයගන්න අවශ්‍ය වෙනව. ඒක තමයි අපේ පසුබෑමට මූලික හේතුව.

මම කිව්වා කොහොමද ලංකාව 12වෙනි ශතවර්ෂයේ කේන්ද්‍රස්ථානයක් වුනේ කියල. මෑත ඉතිහාසෙදි, අවුරුදු 50ක විතර කාලෙදි අපේ වැරදි නිසා තමයි ඩුබායි රටයි, සිංගප්පූරුවයි මේ කලාපෙ වෙළඳ කේන්ද්‍රස්ථානය බවට පත් වුණේ. ඉස්සර සිංගප්පුරුව කිව්වෙ ලංකාව වගේ වෙන්න ඕන කියල. තෙල් කොම්පැනි ටික සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවෙ වැඩ පටන්ගත්තා අද ලෝකයේ තියෙන ප්‍රධානම තෙල් මධ්‍යස්ථානය තියෙන්නෙ මැදපෙරදිගවත් වෙනිසියුලාවෙවත් නෙමෙයි සිංගප්පූරුවෙ. සිංගප්පූරුව තමයි ගෝලීය ඛනිජතෙල් කේන්ද්‍රස්ථානය. ඇමරිකා පිරිපහදුවලට වඩා ලොකු පිරිපහදු සිංගප්පූරුවෙ තියෙනව. සිංගප්පූරු වරායට මහ විශාල නැව් වලින් තෙල් ගේනවා. ඒ තෙල් පිරිපහදු කරලා ඩීසල් පෙට්ට්‍රල් හැටියට වෙන රටවල් වලට අපනයනයන කරනව. ඔවුන් අතිවිශාල ලෙස ඒවයින් මුදල් උපය ගන්නව. සිංගප්පූරුවයි අපියි එකට පටන්ගත්තට අපි ඩොලර් 4000යි, සිංගප්පූරුව ජපානෙටත් වඩා එහාට ගිහිල්ලා තියෙන්නෙ. ඩොලර් 55000යි ඔවුන්ගෙ ඒක පුද්ගල ආදායම. අපි තවමත් ප්‍රමාද නෑ. ප්‍රමාදයි, නමුත් අපිට හැකියාවක් තියෙනව. ඊළඟ අවුරුදු විස්සේ, තිහේ, හතලිහේ මොකක්ද වැඩිපුරම වර්ධනය වන කලාපය? ඒ ඉන්දියන් සාගර ආශ්‍රිත කලාපය. ඉන්දියන් සාගරය වටේට තියෙනව රටවල් විසි අටක්. ඊළඟ අවුරුදු විස්සෙදි මේ රටවල් විසි අටේ ලෝකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ 40%ක් පමණ නිෂ්පාදනය වෙනව. ලෝකයේ ඊළඟට වර්ධනය ‍වෙන කලාප‍යේ කේන්ද්‍රස්ථානය තමයි අපි. අපි මේක හරියට කෙරුවොත්, අපිට මේ වර්ධනය වන රටවල් වලට අවශ්‍ය ඒ පහසුකම් ලබාදීලා, සේවාවන් ලබාදීලා, අගය එකතුකරලා, අපේ රටේ වෙළඳපොල පොඩි වුණාට විශාල වෙළඳපොල තරණය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා තමයි අපට අවශ්‍ය වෙන්නෙ අපේ වෙළඳාම නිදහසේ කරගෙන යන්න, සම්බාධක, බධක නොදාන්න, අවශ්‍ය පරිසරයක්, වේදිකාවක් හදාගන්න රජත්‍යන්තර වෙළඳ ගිවිසුම් අවශ්‍ය වෙනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *