කොට ඇදපු අලි ගාලට දක්කා සන්ධාන අලි පෙරහැරේලු – ගමේ අලින්ගෙන් මැසිවිලි

වසර විසි  එකක් විපක්ෂයේ සිටිමින්, හිරිහැර , තාඩන -පීඩන , මරණ තර්ජන වලට මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට කොටන් ඇද්ද නායකයන්ට කුඩම්මාගේ සැලකිලි හිමිවෙද්දී සන්ධානයේ උදවිය හොදම ඇමැති තුනතුරු හිමිකරගෙන ඇති බවට ගමේ එජා පාක්ෂිකයෝ මැසිවිලි නගති . දිගටම තමන් සමග සිටි කැපවීම් කළ නායකයින්ට තනතුරු ලැබී නැති බවත් ඒ වෙනුවට තනතුරු ලබාදී ඇත්තේ පසුගිය රජයේ සිටි දුෂිතයන්ට හා වාසියට පක්ෂ මාරුකළ අවස්ථාවාදීන්ට බවත් ඔවුහු කියති .

ජනාධිපතිවරනයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ප්‍රධාන බලවේගය වුයේ එජාපය වුවද 48ක් වූ කැබිනට් මණ්ඩලයෙන් පක්ෂයට ලැබී ඇත්තේ 26ක් බවද ඔවුහු පෙන්වාදෙති . එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් ආ පරාජිතයන්ට මෙන්ම තම ආසනය මෙන්ම දිස්ත්‍රික්කයද පරාජය වූ නායකයින්ටද හොදම ඇමැති ධුර හිමිවී තිබේ . මෙම තත්ත්වය ගමේ එජා පාක්ෂිකයාගේ සිත් වේදනාවට හේතු වී ඇති බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *