බැදුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න ආණ්ඩුව නව නීතියක් ගෙනඑයි

මහා බැංකුවේ බැදුම්කර වංචාවට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම සදහා නව නීති අඩංගු පනතක් ආණ්ඩුව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය . ඒ අනුව ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට හිමිවෙයි . දැන් පවතින නීතිමය තත්ත්වය අනුව ජනාධිපති කොමිසමක් හමුවේ ඉදිරිපත් වන සාක්ෂි වෙනත් අධිකරණ ක්‍රියාමාර්ග සදහා භාවිතා කළ නොහැක . එමනිසා සියලු සාක්ෂි අලුතින් ලබාගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට  සිදුව තිබිණ . එම තත්වය මගහැර ජනාධිපති කොමිසමේ ඉදිරිපත් වූ සාක්ෂි මත බැදුම්කර වංචාවට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නව නීතිය මගින් ඉඩ සලසා ඇත. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව නීති කෙටුම්පත  සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය .

පනත ඉක්මනින්ම සම්මත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව අගමැති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *