සුව අැමැති රාජිතගේ සේවය ප්‍රශංසනීයයි – වාසුදේව නානායක්කාර

යහපාලන රජයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා ඉටු කරන සේවය හා කාර්ය භාරය ප්‍රශංසනීය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.

ඇසීමට ප්‍රශ්න නොමැති වන තරමට සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ඇති බවත් හෙතෙම පැවැසීය.

සෞඛ්‍ය ඇමැති රාජිත ‍සේනාරත්න මහතා වෙත වාසුදේව නානායක්කාර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට සේනාරත්න මහතා විසින් දීර්ඝ පිළිතුරක් ලබාදුන්නේය.

අදාළ ප්‍රශ්නය යටතේ අතුරු ප්‍රශ්න යොමුකරන්නේ දැයි මූලාසනය විමසූ අවස්ථාවේ වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ අතුරු ප්‍රශ්න විමසනවා වෙනුවට නිරුත්තර වන පරිදි රාජිත සේනාරත්න මහතා සේවය කරන බවයි.

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර
දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *