ජනාධිපති වීරවංශව අන්දවයි

Maithripala_Sirisena_(cropped)පක්ෂ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2වෙනිදා පොළොන්නරුවේ දී ශ‍්‍රිලංකා නිදහස්පක්ෂයේ 64 වෙනි සමරුව පැවැත් විය. පක්ෂය තම නායකත්වයට අවනත කරගැනීමට සිරිසේන මහතා සම්මේලනය යොදාගන්නට කලින්ම vimalසැළසුම් කළේ ය. මාදොළුවාවේ සෝභික ස්වාමින් වහනසේ නායකත්වය දරණ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මෙන්ම අනිකුත් සිවිල් සංවිධාන වල කි‍්‍රයාකාරිකයෙකු වූ මහාචාර්ය සරත් විජේසූරිය ආරාධිත දේශකයා ලෙස කැඳවූයේ ඒ අනුව ය.  බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති මත පදනම් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂගේ නායතක්වය යටතේ කුඩා කල්ලියක් විසින් මෙහෙයවෙන පක්ෂයක් බවට පත්වූ බව පැවසීමට මහාචාර්ය  විජේසූරිය එය අවස්ථාවක් කරගත්තේ ය. කලින් සැළසුම් කරගත් පරිදි මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ ආකාරයට විජේසුරිය මගින් මේ චෝදනාව මහින්ද රාජපක්ෂට එල්ල කළේ ය. මේ අවස්ථාවේ  දී විජේසූරියට රාජපක්ෂවාදීන්ගෙන් ඇල්මැරුණු විරෝධයන් එල්ල වූ බවක් පෙනෙන්නට තිබුණි. නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවනත කරගැනීමට සිරිසේන මහතා සමත් වී ඇති බව සමුළුවට සහභාගි වූවන්ගේ ප‍්‍රතිචාරය අනුව පැහැදිළි ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ පහර දෙනවා වෙනුවට ආරක්ෂාව පතා පසුබසින්නට තිරණය කළ බව සමීපතමයෝ කියති.

පවුලේ උදවිය සමග කරන ලද සාකච්ඡුාවකින් අනතුරුව දේශපාලනයෙන් විශ‍්‍රාම  ගැනීමට රාජපක්ෂ මහතා කලින්  තීරණය කර තිබුණි. එහෙත් ජනාධිපතිවරයා මගින් දැනට කෙරෙන පරීක්ෂණ නවත්වා නොගෙන විශ‍්‍රාම යෑම නුවනට හුරුනැති බව රාජපක්ෂ තම පවුලේ උදවියට ඔහු පවසා ඇත. වීරවංශ කල්ලිය මෙහෙයවන ශ‍්‍රිලනිපයේ මහින්දවාදී පාර්ශවය නන්නත්තාර කරන්නට නම් තම පවුලට සහනයක්  ලබාදෙන මෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාට නොකියා කියා ඇත. වීරවංශ කල්ලිය ගොඩ නැගීමට උත්සාහ දරණ නව ෆැසිස්ට් පෙරමුණට සහාය පළ නොකරන්නට නම් තමන්ට සහනයක දෙන ලෙෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට රාජපක්ෂ තීරණය කර තිබේ. එය කෙසේ නමුත් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂව හතරවෙනි තට්ටුවට මේ වනවිට කැඳවා ඇත. ජනාධිපතිවරයා රාජපක්ෂගේ ඉල්ලීම සළකාබලන්ට කැමති වූවත් දැන් ඔහුට තනි තීරණයක් ගැනීමට හැකියාවක්  නැත. මේ අනුව රාජපක්ෂ ක‍්‍රියාකරන ආකාරය අනුව ප‍්‍රහාරයන් දැඩිකිරීමට මෛත‍්‍රි- රනිල් සන්ධනයට සිදුවනු ඇත.

විපක්ෂ නායක ධූරය සම්බන්ධව ඇති වී තිබෙන පටැළවිල්ල ද මෙයට සම්බන්ධ ය. විපක්ෂ නායක ධූරය භාරගැනීමෙන් රාජපක්ෂ මහතා වැළකී සිටියේ  තම පවුලට එරෙහි පරීක්ෂණ වේගවත්වේය යන බියෙනි. වීරවංශ, දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ රංජිත් සොයිසා ඇතුළු පිරිසක්  පසුගිය සඳුදා ජනාධිපති හමුවීමට ගියේ තම පාර්ශවයට අහිමි වීමට යන විපක්ෂනායක ධූරය ජනාධිපතිපතිවරයා ගොනාට අන්දවා ලබාගැනීමට ය. ශක්තිමත් ආණ්ඩුවක චිර පැවැත්ම සඳහා ශක්තිමත් විපක්ෂයක් ද අවශ්‍යය යනුවෙන්  ජනාධිපතිවරයාට මොවුන් පාඩමක් ද එහි දී කියා දී තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රිවරුන් ඇතුලත් විරුද්ධ පක්ෂයේ වාඩිවීමට කැමති මන්ත‍්‍රීවරුන් 50 ගනනකගේ ලැයිස්තුවක් ද භාර දී ඇත.  විපක්ෂයට අවශ්‍ය ආකාරයට විපක්ෂ නායකයා තෝරාගැනීමට හැකි බව පවසා ජනාධිපතිවරයා ගිය දූ ත පිරිසට බලාපොරොත්තුවක් ද ඇතිකර කුල්මත් කර තිබේ.

ජනාධිපතිවරයා ගොනාට ඇන්ද වූ බවට සතුටු සිත් ඇතිව ජනාධිපති නිවසින් එළියට පැමිණි වීරවංශ උජාරු ලීලාවෙන් ජනාධිපතිවරයාගේ අදහස මාධ්‍යට ප‍්‍රකාශ කළේ ය. විපක්ෂ නායක ධූරය ලබාගෙන ජනවාරි 08 වෙනිදායින් පසුව පාර්ලිමේන්තුව අවුල් කළ ආකාරයට මෙවරත් එය අවුල් කිරීමට අදිටන් කරගත් වීරවංශ කල්ලිය, විපක්ෂ නායක ධූරය වෙල්ගමට ලැබෙන සිහිනය දකිමින්  3 වෙනිදා පැමිණ පාර්ලිමේන්තුවේ අසුන් ගත් හ. දෙවන පක්ෂය වන එක්සත් ජනතා සන්ධානයෙන් ඉල්ලීමක්  නැති හෙයින් ද්‍රවිඩ සන්ධානයේ සම්පන්ධන් මහතාට විපක්ෂනායක ධූරය හිමිවන බව කථානායක නිවේදන කළේ ය. ජනාධිපතිවරයා තමන්ව ගොනාට අන්දවා ඇතිබව අවබෝධ කරගැනීමට අසමත් වූ වීරවංශ, තමා ඇතුළු 50 ගනනක ලැයිස්තුවක් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාට භාරදුන් බව එවිට කථානායකවරයාට දැන්වී ය. මෙහිදි කථාවේ මැදට පැන්න අගමැතිවරයා ගත්කටටම වීරවංශට කීවේ  ඊයේ පොළොන්නරුවේ දී පක්ෂ සභාපති වන ජනාධිපතිවරයා සමඟ ඒ ගැන කථාකරගන්නට තිබුණු බව ය. වෙල්ගම ගොනාට අන්දවා විපක්ෂනායක තානාත්තරයට මුවා වී ඉදිරි පෙළ සිට මෙවරත් ගියවර මෙන් පාර්ලිමේන්තුව අවුල් කිරීමට වීරවංශ කල්ලිය කළ  සැළසුම මේ ආකාරයට ලොප් වී ගියේ ය. මෙයින් පසු හිඟමන් යැද කථාවක් ඉල්ලා ගන්නවා හැරෙන්නට වාචාල බස් දොඩන්නට වීරවංශලාට පාර්ලිමේන්තුවේ ඉඩ නොලැබෙනු ඇත.

මොවුන්ගේ කල්ලිය මෙසේ පාර්ලිමේන්තුවේ දී මුළු ගැන්වෙන බව කල්තියාම දැනගත් කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරී ගජධීර තමා පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කරන බව කලින්ම දන්වා තිබුණි. අධිරාජ්‍යවාදී  අමුඩ වැරහැල්ලෙන් වසාගත්  වැඩ වසම් සහ ජාතිවාදී වාසුදේවගේ නිරුවත දැන් එළියට පැන ඇත. සම්පන්දන් විපක්ෂනායක විම ගැන සතුටුවන ඔහු රටබෙදන්නට යනවා යැයි කියන වීරවංශ හා ගම්මන්පිල සමග එක්වී විපක්ෂනායක ධූරය වෙල්ගමට ලබාදීමේ අසාර්ථක සටනක දැන් නිරත වී සිටී.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *