නව අගවිනිසුරු නලීන් පෙරේරා?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අග විනිසුරු ධුරය සඳහා සිය නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ පසු එම සභාවෙන් අනුමත විය යුතුය. එහිදී පත්වීම පමා වුවහොත් දින 14ක් සඳහා වැඩ බලන අග විනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිය.

අවුරුදු තිහකට පසු වෘත්තිමය විනිසුරුවරයෙක් අග විනිසුරුවරයා ලෙස පත් වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

අලුතින් පත් වූ ව්‍යවස්ථාදායක සභාව අද රැස් වී නව අග විනිසුරුවරයා පත් කිරීම පිළිබඳ සාකච්ජා කරන ‍බව කථානායක කරූ ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

වර්තමාන අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතා අද සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාගෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා 2016 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නලීන් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරනු ලැබිණි. පෙරේරා මහතා මහාධිකරණ විනිසුරුවරයකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසද සේවය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *