ධර්මසිරී බණ්ඩාරනායකට දෝස් මුරයක්

ජනාධිපති සිරිසේන තම දෙගිඩියාව අත්හැර මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ගත් තීන්දුවට, □පාරාදීසය සොයා“ නම් වූ වාර්තාමය චිත්‍රපටය හේතු වූ බව ඇතැම් හු පවසති. □පාරාදීසය සොයා“ චිත්‍රපටිය ධර්මසිරි බණ්ඩාරණායක ගේ නිර්මාණයකි. ජූනි 29 වැනිදා සවස 6.00 රාජ්‍ය චිත්‍රපටි සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දි □පාරාදීසය සොයා“ තිරගත වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද සහභාගිත්වය ඇතිව ය. සිංහළ බෞද්ධ දෘෂ්ටිවාදයේ නැගීම සහ එහි දේශපාලන අභිෂේකය හා ඛේදවාචකය මේ නිර්මාණයට තේමා විය. අගමැති එස්. ඩබ්ලියු. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනයෙන් අනතුරුව චිත්‍රපටිය අවසන් වන්නේ පිස්තොලයක් ඇති පසුබිමක “මෙය ආරම්භයක් පමණි□ යන අකුරු පේලිය සමඟනි. බණ්ඩාරනායකගේ ඝාතකයා වූ තල්දූවේ සෝමාරාම භික්ෂිවක්, ඇස් වෙදෙක්, ගුරුවරයෙක් මෙන්ම ගොවි පවුලකින් පැවත එන්නෙක් බව ධර්මසිරි මෙහි දි පෙන්වා දෙයි. නිර්මාණකරුවාට අනුව කම්කරුවා හැර ශ්‍රිලනිපයේ පංච මහා බලවේගයෙන් බලවේග හතරක් ම, බණ්ඩාරණායකගේ ඝාතකයා වූ සෝමාරාම භික්ෂුව නියෝජනය කළේ ය. ගාමිණි වියන්ගොඩ□පාරාදීසය සොයා“ නිර්මාණයේ තිර රචකයා වේ.
ජනාධිපතිවරයාගේ පාවාදීමට මේ චිත්‍රපටිය හේතු වූ බව පවසන මේ පිරිසට අනුව □පාරාදීසය සොයා“නැරඹීමෙන් ජනාධිපතිවරයා තැති ගත්තේ ය. පැය 2යි විනාඩි 20 ක් දීර්ඝ මෙම චිත්‍රපටිය අවසන් වනතුරු ම නැරඹූ නමුත් නිර්මාණකරුවාටත් නොකියා අවසානයේ ජනාධිපතිවරයා පස්සා දොරෙන්ම පලාගියේ මේ නිසා බව ඔවුන්ගේ අදහස ය. අගමැති බණ්ඩාරනායක මෙන් උක්ත බලවේගයෙන් වෙඩි නොකන්නට ඇති එකම උපාය ඔවුන්ගේ පිලට පැනීම ය බව ධර්මසිරිගේ නිර්මාණය තුළින් ජනාධිපතිවරයා නිගමනය කළ බව මොවුන්ගේ අදහස ය. ඔවුන්ට අනුව ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනයට පහර නොදී බබා වගේ මුරුංගා අත්තේ තැබුවා නම් මේ පාවාදී ම වළක්වා ගන්නට තිබුණි. දේශපාලනය පිළිබඳ මෙලොව අවබෝධයක් නැති මොවුහු ජනාධිපති සිරිසේනගේ පාවාදීම සහතික වී තිබිය දී ත්, ඒ ගැන විවේචනය නොකළ හ. මේ දේශපාලන පාවාදීම අදහාගත නොහැකි මොවුහු නාමයෝජනා අවසන් දිනයට පෙර මේ තින්දුව ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපති සිරිසේනට දැණු දු ආයාචනා කරති.
විසකුරු බලවේගයන්ගේ සහායෙන් බලයට පත්වන්නන් ඒවාගේ ගොදුරක් බවට පත්වන බව පෙන්නා දීම මේ නිර්මාණකරුවාගේ අරමුණ වූ බවට කිසිදු සැකයක් නැත. එකී බලවේගයෙන් මිදී පැමිණියා යැයි පෙණුනු ජනාධිපති සිරිසේනට තම නිර්මාණය පෙන්වීමෙන් ධර්මසිරි බණ්ඩාරනායකට අදහස් කරන්නට ඇත්තේ ද එය ම විය යුතු ය. කෙසේ නමුත් විසකුරු බලවේගයන් එම බලවේගයේම නියෝජිතයෙකු මගින් පරාජය කළ නොහැකි බව අප සියළුම දෙනාට මෛත්‍රිපාල සිරිසේන දැන් උගන්වා තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *