අපි ඉන්නේ අපේ දේශපාලන සංස්කෘතියෙ ඉතාමත් කුණුවෙච්ච තැනක.

Prof.-Sarath-Wijesuriya

          යහපාලන ආණ්ඩුවේඇමැති මණ්ඩලය පත් කිරීමේදී එහි විශාලත්වය , තනතුරු ලැබුවන්ගේ සුදුසුකම් , ආදිය සැලකිල්ලට ගත්විට කිසිසේත් සතුටුවිය නොහැකි බවත් , මෙයින් පෙනී යන්නේ අපගේ දේශපාලන සංස්කෘතියේ කුණුවීම බවත් , මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කරයි . “යුක්තිය” සමග සංවාදයකට එක්වූ ඒ මහතා මෙසේ තම අදහස් දැක්වීය .

ජනාධිපතිවරණ දිනවල පුුරවැසි බලය ප‍්‍රචාරක රැුස්වීම්වල හා පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පැවැත් වූ මාධ්‍ය හමුවලට ඔබ නිතර සහභාගි වුනා. එහෙත් පසුගිය මහ මැතිවරණ සමයේ ඔබේ දායකත්වය එතරම් දකින්න ලැබුනේ නැහැ.

මැතිවරණ සමයේ පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරය කියන දෙක හා සිවිල් සංවිධාන ගණනාවක් එකතුව තමයි අපි යම්කිසි ආකාරයක මැදිහත් වීමක් වුනේ. අපි කණ්ඩායම විවිධ ප‍්‍රදේශ තමන්ගෙ අදහස් පළකිරීම සඳහා බෙදා ගත්තා. මම අගනුවර සංවිධානය වන දේවල්වලට වඩා දුර බැහැර ප‍්‍රදේශවල මත දැක්වීම් සඳහා තමයි සහභාගි වුනේ. සැබැවින්ම ඒ මැතිවරණ ක‍්‍රියාදාමය තුළ අපි සමාජය වෙත යම්කිසි මතයක් පළකිරීම වෙනුවෙන් මැදිහත් වීම සිදු කිරීම අඛණ්ඩව සිදු කෙරුවා.

කොළඹ දිස්ත‍්‍රික්ක අපේක්‍ෂක ලැයිස්තුවෙන් තර`ග කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ද, එසේ නොමැතිවුවහොත් ජාතික ලැයිස්තුවට ඔබේ නම ඇතුළත් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිටි බව ඇතැම් පිරිස් පවසනවා. ඔබේ එහෙම බලාපොරොත්තුවක් තිබුණද?

ඒක සම්පූර්ණයෙන්ම කවරුන්හෝ විසින් ගොතන ලද කතාවක්. එහෙම කිසිම දේශපාලන පක්‍ෂයක් මගෙන් විමසීමක් කරල තිබුණෙත් නැහැ. කවුරුවත් මගෙ නම ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් මතු කරල තිබුණෙත් නැහැ. මගෙ ඒ විදිහෙ කිසිම බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ.

ඔබ කිසියම් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වයක් දරනවද? නැත්නම් ස්වාධීන පුද්ගලයෙක් වශයෙන්ද කටයුතු කරන්නෙ?

මම දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරන්නෙ නැහැ. සැබැවින්ම අපි ජනවාරි 8 වෙනිදා පොදු අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන්, සිවිල් සමාජය නියෝජනය කරමින් විවෘතවම පෙනී සිටියා.

ජනාධිපතිවරයා ගේ ජයග‍්‍රහණයෙන් පස්සේ, අපි බලාපොරොත්තු වුණා, පාර්ලිමේන්තුව විසුරුවා හැරලා, සාධනීය දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ක‍්‍රියාමාර්ග අරගනී කියල, ඒත් අපි බලාපොරොත්තු වුණ ආකාරයට සිද්ධ වුනේ නැහැ. සෑහෙන කාලයක් ගත වුනාට පස්සෙ සිදුවුන දේ තමයි මහින්ද රාජපක්‍ෂ මහතා නැවත රාජ්‍ය පාළනයට අවතීර්ණ  වීමට උත්සුක වීම. ඔහුට නාම යෝජනා ලබා දෙන්නෙ නැහැයි කියන තැන හිටපු ජනාධිපතිවරයා අවසානයේදී නාමයෝජනා ලබා දීමේ ක‍්‍රියාවලියට නැඹුරු වෙනවා. ඒ අවස්ථාවේදී සිවිල් සමාජයේ හැටියට අපි කල්පනා කරපු දේ තමයි අපි විසින් පරාජයට පත්කරපු දේශපාලන සංස්කෘතියක්, යළි වෙනත් විදිහකින් හිස ඔසවන්නට උත්සාහ කරනව නම්, ඒක පරාජය කිරීමට අවශ්‍යයි කියන කාරණය.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කිරීමට නම් අනෙක් දේශපාලන බලවේගයට සහයෝගය දැක්වීම කියන එක තමයි මතුවෙච්ච අවශ්‍යතාව. ඒ අවශ්‍යතාව වෙනුවෙන් තමයි අපි කටයුතු කළේ.

රටට වඩාත් යහපත් වෙන්නේ, ඡුන්ද දායකයින් කිසියම් දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් වී, එම පක්‍ෂයේ මතය දරමින්, එම පක්‍ෂයට ක‍්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, එම පක්‍ෂය වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීමද? එහෙමත් නැත්නම් කිසිම පක්‍ෂයකට බද්ධ නොවී නිදහස් මනසකින් සිට අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීරණ තීන්දු ගැනීමද?

මේ නූතන සමාජය තුළ මේ පුරවැසියො කල්පනාකරන්න  ඕනේ, කැපුවත් නිල්, කැපවත් කැපුවත් රතු, කැපුවත් කොළ ආදී සම්ප‍්‍රදායික රාමුවක් ඇතුළෙ නෙමෙයි. රටට හිතකර ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන, එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට යම්කිසි හැකියාවක් තියනවයි කියල විශ්වාස කරන්න පුලූවන්, දේශපාලන බලවේගයක් බලයට පත්කිරීම තමයි පුරවැසියන් විසින් තෝරාගත යුත්තෙ කියලයි මම කල්පනා කරන්නෙ.

ලංකාවේ ඡුන්ද දායකයා ඡුන්දය පාවිච්චි කිරීම ගැන පසුවිපරමක් කිරීමේදී, ඔවුන් නිවැරදි තීන්දු තීරණ අරගෙන තියනවා කියල නිගමනය කරන්න පුළුවන්කමක් තියනවද? මිනිමැරුම් වලට චෝදනාවට ලක් වූ අයත් වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා.

නළුවෙක් කලාකරුවෙක් වශයෙන් නමක් හදාගත්ත, දේශපාලන දැනුමක් ඇති ඇතැම් අයත් බලයට එනවා. දේශපාලන නළු චරිතත් බලයට පත්වෙනවා. උගතුන් බුද්ධිමතුන් තේරී පත්වෙන්නේ නෑ. ඔවුන් මනාප ලැයිස්තුවෙ පල්ලෙහාටම තල්ලූ වෙනවා.

විවිධ ජනමාධ්‍ය මගින්, මාර්තු 12 ව්‍යාපරය මගින් සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත්කර ගන්න කියා විශාල හඬක් ගෙනගියා. එහෙත් මෙවරත් ඡුන්ද දායකයා එයට ප‍්‍රතිචාරය දක්වා තිබෙන්නේ කොහොමද?

මාර්තු 12 ව්‍යාපාරය තුළ ගොඩනගපු මූලික ප‍්‍රවාදය තමයි, ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට කිව්වේ ඒ ගොල්ල හඳුන්වා දීපු නිර්නායක පිළිගන්න කියල. ඇත්තටම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක ඇතුළු සියළු පක්‍ෂ ප‍්‍රසිද්ධියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ගිවිසුමකට අත්සන් කළා, ඒ නිර්නායක 8 ආරක්‍ෂා කරමින් නාම යෝජනා ලබා දෙන බවට.  මේ නිර්නායක ඉතාමත් බරපතල ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය බිඳලා තියෙනව. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එක්සත් ජාතික පෙරමුණේ  නාම යෝ්ජනා ලබපු සියලූ දෙනා ඉතාම හොඳින් අර නිර්නායක 8 ට යටත් වෙනවා කියල. මේ ප‍්‍රධාන පක්‍ෂ දෙක තමයි මේ වරද කරන්නේ. අපි අවසානයේදී මහජනතාවට දෝෂාරෝපනය කරනවා සුදුස්සන් තෝරාපත්කරල එව්වේ නැහැ කියල. ඒ චෝදනාව නගන්නට කලින් අපි තේරුම් ගත යුතුයි, ඇයි ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ මේ විදිහෙ පුද්ගලයන්ට නාම යෝජනා ලබා දෙන්නෙ? ඒ ලබා දුන්න පුද්ගලයන්ගෙන් තමයි මහජනතාව තමන්ගේ පාලකයො තෝරාගැනීමට කල්පනා කරන්නෙ.

මිනීමැරීම් චෝදනාවක් උඩ සිරගත වී සිටින පුද්ගලයට පළවෙනි තැනට එන්න මිනිස්සු ඡුන්දය ලබා දුන්නෙ ඇයි? මැතිවරණ වේදිකාව තුළ සම්පූර්ණයෙන්ම ඔහු පෙනී නොහිටියත්, ඔහුට ඡුන්දය ලබා දෙන්න යි කියන ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය දැඩිව අරගෙන ගියා. ඒ ප‍්‍රචාරන ක‍්‍රියාවලිය තුළින් මිනිස්සුන්ට දෙන පණිවිඩය අතිශයින්ම බලපානවා. ඒක අපි කාලාන්තරයක් තිස්සේ මැතිවරණ වලදි දුටුව දෙයක්. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට ස්වාධීන මැතිවරණ කොමිසම වැනි එකක් ස්ථාපිත කරල, වැඩ පටන් ගත්තොත් හරියයි. මොනව කළත් මහජන නියෝජිතයො හැටියට පර්ලිමේන්තුවෙ අසුන් ගන්නට  ඕනැ කියන පුද්ගලයො, මහජන ඡුන්දයෙන් තෝරා ගැනීමේ ක‍්‍රියාවලියේ දී, පක්‍ෂවලට සදාචාරාත්මක වගකීමක් තියෙනව, දැන උගත්, ශීලාචාර, සාපරාධි ව්‍යාපාරවල නිමග්න නොවූ, ස්ත‍්‍රී ¥ෂකයන් නොවන, අපචාරවල නිමග්න වෙලා නැති පුද්ගලයන්ට නාම යෝජනා ලබා දෙන්නට. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට මේ සම්බන්ධව බලපෑමක් සිවිල් සමාජයෙන් ඇතිවෙන්නට  ඕනැ කියන තැනයි මම ඉන්නෙ.

පසුගිය වකවානුවේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂව පරද්දලා මහ මැතිවරණයකට එනවා. එහිදී පිල් දෙකකට බෙදිලා තමයි මිනිස්සු ඡුන්දය පාවිච්චි කළේ. මෙහිදී මැතිවරණ ප‍්‍රඡුන්ඩ ක‍්‍රියා අඩු වුණත් අපි ඉන්නේ පක්‍ෂ දෙකක කියන හැ`ගීම මිනිස්සු තුළ තිබුණා. අන්තිමේදී මේ පක්‍ෂ දෙකෙන් කෝකට දුන්නත් එකයි වගේ දැන් දැනෙනවා. පක්‍ෂ දෙකම එකක් වෙලා තියෙනවා. මෙහිදී දෙපක්‍ෂයම ජනතාව රැුවැට්ටුවද? නැත්නම් ජනතාවට ‘තමන්ගෙ පිළ’ පිළිබඳව නිවැරැුදි දැක්මක් තිබුණෙ නැද්ද?

මේ පවතින මැතිවරණ ක‍්‍රමය තුළ එක පක්‍ෂයකට බහුතර බලයක් ලබාගන්න බැරි බව අපිට ඉතාමත්ම පැහැදිලියි. කුඩා කාලෙ ඉඳලම දැක්කෙ එක්සත් ජාතික පක්‍ෂයයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ආණ්ඩු පිහිටවනව. අපි දන්න කාලෙක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටවලා නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡුන්ද සලකුණ වුනේ අත ලකුණ. ඡුන්ද පත‍්‍රිකාවක අත ලකුණ දැක්ක කාලයක් මතක නෑ. මම හිතන විදිහට පරම්පරා ගණනාවක්ම අත ලකුණ සහිත ඡුන්ද පත‍්‍රිකාවක් දැකල නැහැ. පුටුව දැක්කා, බුලත් කොලේ දැක්කා. මොකද පක්‍ෂ ගණනාවක් සන්ධාන ගත වෙලා තමයි මේ ක‍්‍රමවේදය තුළ ආණ්ඩු බලය ලබා ගන්නේ. අපට හොඳටම පැහැදිලි වෙනවා මේ ක‍්‍රමවේදය තුළ ඉතාමත් අවලස්සන දේවල් සිද්ද වෙන බව. මේකෙ තියෙන ජුගුප්සාජනක තත්ත්වය තමයි, උදාහරණයක් විදිහට කොළඹ දිස්ත‍්‍රික්ය අරගත්තොත්, අධ්‍යාපන අතින් වැඩිම වරප‍්‍රසාදයක් ලබන දිස්ත‍්‍රික්කයක් කොළඹ දිස්ත‍්‍රික්කය. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරපු පක්‍ෂ අතර, වැඩිම බලයක්, ඡුන්ද පදනමක් තියෙන පක්‍ෂය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය. හැබැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරපු මහජන නියෝජිතයන්ට අංක එකට එන්නට බැරි වෙනවා, අංක දෙකටත් එන්නට බැරිවෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලැයිස්තුවෙන් එක්කෙනෙක් පමණයි පත්වෙන්නේ. ඒක හරිම උත්ප‍්‍රාසයක් දනවන දෙයක්.

එකට දෙකට ආපු පුද්ගලයො ඒගොල්ලන්ගෙ පක්‍ෂවලින් ඉල්ලූවනම්, ඒ ගොල්ලන්ට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න තරම් ඡුන්දයක් ලැබෙන්නේ නෑ. එතකොට මේ සන්ධානය ඇතුළෙ යම්කිසි ආකාරයක විකෘතියක් සිද්ධ වෙලා තියෙනව. යම් ආකාරයකින් මහජනයාගේ අවධානයට ලක් වෙච්ච පුද්ගලයන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුලෙ ඉඳගෙන, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡුන්ද ලබාගෙන පාර්ලිමේන්තු මහජන නියෝජිතයො වෙන්නට හැකියාව ලැබිල තියෙනව.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ එකතුවීම කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ එකතුවීම ඇතුළෙ අද වෙනකොට අපි දකින්නේ ඉතාම අවිනීත බල අරගලයක්. මේක විශාල ඛේදවාචකයක්. ඒ නිසා අවසානයේදී ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයො හැටියට ඡුන්දය දීපු පුද්ගලයො ඡුන්දය දීලා තියෙන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂික අපේක්‍ෂකයන්ට නෙමේ. ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයො තමන් ඡුන්දෙ දුන්න අපේක්‍ෂයො පරාජයට පත්වෙලා තියෙනව.

මේ අවස්ථාවෙදි අපි ඒක හොඳටම දැක්කා. උදාහරණයක් විදිහට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණට එකතු වෙනවා පාඨලි චම්පික රණවක. එතකොට ජාතික ලැයිස්තුවෙන් එනවා අතුරලියේ රතන හාමුදුරුවො. පාඨලි චම්පික රණවක එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් නූනනම්, රෝසි සේනානායක වගේ කෙනෙක් මහජන නියෝජිතයක් විදිිහට පත්වෙන්නට ඉඩ තියෙනව. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වගේ කෙනෙක් ආවෙ නැත්නම්, එක්සත් ජාතික පෙරමුණේ එක්කෙනෙක් එන්නට ඉඩ තිබුණ. ඒ ගොල්ලන්ටත් යම්කිසි ආකාරයක ඡුන්ද පදනමක් තියෙනව වෙන්නට පුළුවන්. අන්තිමේ දී ඒ දෙන්නා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට වරම් ලබාගන්නේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡුන්දවලින් කියන එක අපිට බැහැර කරන්න බැරි කාරණාවක්. ඒ නිසා හැම වෙලාවෙම අපිට පෙනෙන දෙයක් තමයි එක්සත් ජාතික පාක්‍ෂිකයා ඡුන්දෙ දුන්න පුද්ගලයන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡුන්දෙ දුන්න පුද්ගලයන්, තෝරාපත්කරගෙන තියෙන්නෙ තම පක්‍ෂයේ මහජන නියෝජිතයන් නෙමේ. ඒක තමයි අද තියෙන යථාර්ථය.

පොළොන්නරුවෙ පැවැත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 64 වන සමරු උත්සවයේ දී ඔබතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා ඒ තත්ත්යව වෙනස් වියයුතු තත්ත්වයක් කියල.

ඇත්ත වශයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ මැතිවරණ ක‍්‍රමය සංසෝධනය වෙන්නට  ඕනැ. මේ මැතිවරණ ක‍්‍රමය ඉතාම අවලක්‍ෂණ, අවිනීත මැතිවරණ ක‍්‍රමයක්. මේක අපේ රටට මොන විදිහකින්වත් ගැලපෙන්නේ නෑ. අනික මේ මැතිවරණ ක‍්‍රමය වෙනම කෑල්ලක් ගෙන වෙනස් කරන එක ඵලදායක නෑ කියල අපිට හිතෙනව. මේ රටට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. 19 වතාවක් කෑලි කෑලි වෑල්ඩින් කරපු මේ ව්‍යවස්ථාව මහජන හිතකාමි ආකාරයට වෙනස් කරපු ව්‍යවස්ථාවක් නෙමේ. මේ 18 අවස්ථාවෙන්ම මේ වතාවෙයි, තවත් එක වතාවකුයි අරුනාම අනික් සියලූ සංසෝධන කරල තියෙන්නේ දේශපාලඥයින්ගේ බලය වැඩි කරගන්න. ජනාධිපතිවරයගෙ බලය වැඩි කරගන්න මිසක් මහජන හිතකාමි කටයුතු වෙනුවෙන් නෙමෙයි. මේක විකෘත්ති ව්‍යවස්ථාවක්. පොදු ජනයාට වඩා යහපත් ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවෙන් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.

මේ ව්‍යවස්ථාවන් සංසෝධනය කර නව ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමේ දී මැතිවරණ ක‍්‍රමය මොන ආකාරයකටද සංසෝධනය කරගන්න  ඕනෙ, අමතිවරු කීයක්ද සිටිය යුත්තේ කියන එක ආදිය ව්‍යවස්ථාව ඇතුළටම එන්න  ඕන. පළාත් සභා සම්බන්ධව මොන විදිහෙ විවේචන තිබුණත්, ඇමති ධූර 5 යි. කාටවත් ඒක වෙනස් කරන්න බැරිව ගියා. මොකද ඒක ව්‍යවස්ථාව ඇතුළෙ තියෙනව. ඒ විදිහෙ සම්මතයක් ව්‍යවස්ථාව ඇතුළෙ ගේන්න  ඕනෙ. ඒ විදිහෙ සංසෝධන එක්ක මැතිවරණ ක‍්‍රමයත් සංසෝධනය කළාට පස්සේ, ශීලාචාර දේශපාලන සංස්කෘතියකට සාධනීය පියවර ඇති කරගන්න පුළුවන් වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කරන්න  ඕන කියන එක අපි ඉල්ලා සිටින්නේ, එක වැදගත් කාරණාවක් නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බණ්ඩාරනායක මහතා ගොඩනැගුවේ ජනහිතකාමී පක්‍ෂය විදිහට පොදු ජනයාගේ අභිවෘද්ධිය වෙනුවෙන්. පහුගිය කාලේ බණ්ඩාරනායක දර්ශනය ඒකෙන් බැහැර කරල, මහින්ද රාජපක්‍ෂ මහතා හු`ගාක් වැඩවසම් ලක්‍ෂණ එකතු කළා. පොදු ජනයාගේ යුගයක් බිහිකරන්නට අති කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රජ කෙනෙක් හැටියට වැජඹෙන්නට කල්පනා කළා. එතකොට මේක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නෙමේ. බණ්ඩාරනායක මහත්තයගෙ පක්‍ෂය නෙමේ. බණ්ඩාරනායක දර්ශනය තුළින් ප‍්‍රතිසංස්කරණය කෙරුවොත් තමයි මට හිතෙනනේ ජනතාව බලාපොරොත්තුවන මහජන හිතකාමී දේශපාලනයක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළෙන් සමාජයට බිහි වෙන්නේ.

ප‍්‍රධාන පක්‍ෂ දෙකත්, ද්‍රවිඩ සංවිධානය හැරුණු විට ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් එයි කියන අදහස සමාජගත වෙලා තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. ඒකෙන් පෙන්නුම් කරනනේ අපේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක හැර විකල්ප දේශපාලන පක්‍ෂයකට අවස්ථාවක් නෑ කියන එකද?

අපේ දේශපාලන ඉතිහාසය අරගෙන බලනකොට ආණ්ඩු කරල තියෙන්නේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක තමයි. අනිත් අය අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනව. ඒක වෙලා තියෙන්නේ හොද්දකට දාන ලූණු, ඇඹුල්, කරපිංචා වගේ. එහෙම තමයි ඒක වෙලා තියෙන්නේ. තවම අපේ රටේ රාජ්‍ය පාලනයෙදි රාජ්‍ය බලය ලබාගැනීමට වෙනත් පක්‍ෂයකට අවකාශයක් නැහැ. මේ නිසාම ප‍්‍රධාන පක්‍ෂ දෙකම තේරුම් ගන්නට  ඕනැ මේ පක්‍ෂ දෙක ඉතාම හොඳ ඉහළ මට්ටම් වලින් දියුණු කර ගන්න. ගොඩ නගන්න. හොඳ හොඳ දැන උගත් බුද්ධිමත් පුද්ගලයන්ව මේ පක්‍ෂවලට සම්බන්ධ කරගෙන, ආණ්ඩු කරන්නට සුදුසු සංදර්භයක් නිර්මාණය කර ගන්නට අවශ්‍යයි.

ජනතා විමුක්ති පෙරමුණට විශාල බලයක් ලැබෙයි කියල ඇත්ත වශයෙන්ම මම නම් විශ්වාස කළේ නැහැ. නමුත් අනුර කුමාර දිසානායක නායකයා බවට පත්වුනාට පස්සේ ඔහුගේ මැදිහත් වීම නිසා යම්කිසි ප‍්‍රතිශතයක් ඡුන්දය ලබා දෙයි කියන විශ්වාසයක් සාමාන්‍ය ජනතාව තුළ තිබුණ. ඒ විශ්වාසය සාක්‍ෂාත් නොවුන බව තමයි අපට මේ මැතිවරණයෙන් පෙනී යන්නේ. අවසාන මොහොතේදී අපිට පෙනී ගිය දෙය තමයි මහජනයා, ඡුන්ද දායකයා තීරණය කළා තමන් පත් කරගන්න ආණ්ඩුව මොන පැත්තෙන්ද එන්න  ඕනෙ කියල.

මිනිස්සු ඡුන්දය දෙන්න කැමති නැහැ- තමන් ඡුන්දය දුන්න පක්‍ෂය  පරදිනව දකින්න. විපක්‍ෂය වෙනව දකින්න. මිනිස්සු හැමතිස්සෙම ඡුන්දය දෙන්නෙ ‘මම ඡුන්දය දුන්න පක්‍ෂය දිනන්න  ඕනැ’ කියන මානසිකත්වයෙන්. ඒ තත්ත්වයක් තුළ ප‍්‍රධාන පක්‍ෂ දෙකට අඩු වැඩි වශයෙන් අවසාන මොහොතෙ මිනිස්සු බෙදෙනව.

ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය පාවිච්චි කළ යුතුයි කියල, පුරවැසි බලය රැුස්වීමකදි පැවසුවා.

මම ප‍්‍රකාශක් කළා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙ විපක්‍ෂ නායක හැටියට පත්වෙනවා දකින්න මම කැමතියි, නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායක වශයෙන් පත්වෙනවට වඩා කියල. ඒකෙන් මම අදහස් කළේ සංධානයේ විපක්‍ෂ දේශපාලන ක‍්‍රියාදාමයට වඩා ජනතා විමුක්ති පෙරමුණ ආසන 3 ක් තියාගෙන න`ගපු හඬ ඇත්ත වශයෙන්ම මහජන හිතකාමි හඬක් නිසා.

නව රජය පත්වීමෙන් පසුව ගනු ලැබූ තීන්දු තීරණ ගැන සෑහීමකට පත්වෙනවද? ඇමති මණ්ඩයට සුදුසු පුද්ගලයො පත්වුණා කියල අදහස් කරනවද?

අපිට මොන විදිහකින්වත් මේ පත්වෙච්ච ඇමතිවරු සියලූ දෙනාම සුදුසු  පුද්ගලයොද, ඒ ඒ අයට ගැලපෙන ඇමතිධූර ලබා දීලා තියෙනවද? මේතරම් ඇමති ධූර සංඛ්‍යාවක් පත්කිරීම හරිද කියන එක පිළිබඳව සෑහීමකට පත්වෙන්නට බැහැ. අපි ඉන්නේ අපේ දේශපාලන සංස්කෘතියෙ ඉතාමත් කුණුවෙච්ච තැනක. ඒක අපට අමතක කරන්නට බැහැ. සම්මුතිවාදී ආණ්ඩුවකට සහයෝගය දෙන්නේ ප‍්‍රතිපත්ති මත නෙමේ. තමන්ටත් යම් කිසි බලයක් ඒක ඇතුලෙ උරුම කර ගැනීමේ කොන්දේසියක් මත. ඒනිසා මේ ඉතාම නොදියුණු, අශිලාචාර දේශපාලන සංස්කෘතිය ඇතුළෙ අපට පරමාදර්ශි ප‍්‍රතිඵල දකින්න දකින්න බැහැ. හැබැයි සිවිල් සමාජය හැටියට අපි යම්කිසි ආකාරයකට ප‍්‍රයත්නයක් දරනවා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවලට බලපෑම් කරන්න. මම කල්පනා කරන්නේ අපි සීයක් බලාපොරොත්තුවෙන් වැඩ කටයුතු කරන්නට  ඕනැ. අපිට ප‍්‍රතිඵල හැටියට ලැබෙන්නේ 50% ක් නම් ඒක ලොකු ජයග‍්‍රහණයක්. අන්න ඒ වගේ මානසිකත්වයකින් තොරව, අපි බලාපොරොත්තුවන විදිහේ පරමාදර්ශී, ශිෂ්ට සම්පන්න රාජ්‍ය යාන්ත‍්‍රණයක් අපිට අත්පත් කරගන්න පුලූවන් වනවාය කියන සිහිනයක අපි හිටියෙ නැහැ.

ප‍්‍රධාන පක්‍ෂ දෙකේම බහුතරයක් මහජන නියෝජිතයො විවිධ චෝදනාවලට වැරදි කරුවො නොවුනත්, චෝදනා ලබල තියෙන, යම්කිසි ආකාරයකට ජන විඥ්ඥාණය තුළ පලූදු වෙච්ච පුද්ගලයන්. ඒ පුද්ගලයො මොනයම් ආකාරයකින් හෝ මහජන වරමක් ලබා ගන්නවා නම් බලාපොරාත්තු වෙන්න පුළුවන්ද ඉතාම සුපිරිසිදු කැබිනට් මණ්ඩලයක් බිහිවෙනව කියල. එහෙම පරමාදර්ශි සිහිනයක් අපට නැහැ. හැබැයි අපි උත්සහ කරන්නට  ඕනැ පුලූවන් තරම් බල කණ්ඩායම් හැටියට මේ පුද්ගලයන් සම්බන්ධව අවබෝධයක් සමාජයට ලබා දීල, දේශපාලන යාන්ත‍්‍රණය යම්කිසි ආකාරයකට හොඳ මට්ටමකට හසුරුවා ගන්න.

ද්‍රවිඩ සන්ධානයෙ නායක ආර්. සම්පන්දන් මහතාව විපක්‍ෂනායක ධූරයට පත්වීම පිළිබඳව රටේ විශාල හාහූවක් තියෙනව. ඉතා සුළුතරයක් ඒ දෙස ධනාත්මකව බලනවා. සමහරුන් කියන්නේ ‘අනේ අපොයි රට ඉවරයි’ වගේ කතා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද?

විපක්‍ෂ නායක වශයෙන් සම්පන්දන් මහතා ගේ පත්වීම පිළිබඳව යම්කිසි තිගැස්මක් ඇතිවෙලා තියෙනව සමහර කොටස් අතර, ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකකම පිරිනැමීම සම්බන්ධව. මම කල්පනා කරන්නේ අපේ රටේ දැවෙන, සංකීර්ණම ප‍්‍රශ්නය මොකක්ද? ඒ ජාතික සංහිඳියාවක් ඇති කර ගැනීම. ඒ වෙනුවෙන් මහ ජාතිය යම්කිසි කැපකිරීමක් කිරීමට අවශ්‍යයි. සැත්කමකට භාජනය වෙනව නම්, අපි වේදනාවක් විඳින්නත්  ඕනෙ. දරාගන්නට ලැස්තිවෙන්න  ඕනෙ. සාධාරණ විදිහට මැතිවරණයකට ඉදිරිපත් වෙලා, යම්කිසි ජනවරමක් ලබාගත්ත, පරිනත දේශපාලඥයකුට විපක්‍ෂනායක කම දීමට විරුද්ධ වීම මොනතරම් අශීලාචාරද කියලයි මම කල්පනා කළේ.

මම කල්පනා කරනනේ මේ අවස්ථාවේදී සම්පන්දන් මහතාට විපක්‍ෂනායක ධූරය ලැබීම තුළින් අපි ලෝකෙට ඉතාම හොඳ සංඥාවක් නිකුත් කරනව, ‘අපි සුළු ජාතීන් සම`ග ශීලාචාර රටක් ගොඩනගා ගැනීමට ලෑස්තියි’ කියන එක. ඒකෙන් ද්‍රවිඩ ජාතිකයන්ටත් යම්කිසි සංඥාවක් නිකුත් කරනව ‘මහ ජාතිය අපිව කොන් කරන්නෙ නැහැ. අපි ඒ අයත් එක්ක සහජීවනයෙන් අපේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට පුළුවන්’ය කියල. සහජීවනය ඉතාමත්ම වැදගත්.

මම භාහිර පුද්ගලයෙක් හැටියට සම්පන්දන් මහතාගේ දේශපාලන චරිතය නිරීක්‍ෂණය කරල තියෙනව. ඇත්ත වශයෙන්ම ඔහු දැනුමක් තියෙන, පරිනත දේශපාලඥයෙක්. ද්‍රවිඩ ජාතිකයෙක් වීම නිසා ඔහුට විරුද්ධව අදහස් පලකරන එක වැරදියි කියලයි මම කල්පනා කරනනෙ. අපි ඊට වඩා විවෘත නිදහස් මනසකින් කල්පනා කරන්නට  ඕනැ. ‘මේ රටේ ඉපදුන පුරවැසියෙක් තමයි පාර්ලිමේන්තුවෙ විපක්‍ෂනායක වරය බවට පත්වෙලා තියෙන්නෙ.’ ඒ විදිහෙ සුභවාදී අදහසක් තමයි ඒ පිළිබඳව මම දරන්නෙ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *