මගේ නිවසේ දී මෛත්‍රී-මහින්ද අතර සාකච්ඡාවක් තිබුණේ නෑ – හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතර තමාගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වුයේ නැති බව අවධාරණයෙන් ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහෙත් තමාගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව සත්‍යයක් බවත්, එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවත්, එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමඟ හුරු පුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුධය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කථා බහක් ඇති වූ බවත් සඳහන් කරන එස්.බි. දිසානායක මහතා තම මාධ්‍ය නිවේදනය මාධ්‍යය හරහා ප්‍රචාරය කර තමාට සාධාරණය ඉටු කර දෙන ලෙස කාරුණික ඉල්ලීමක් ද කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *