ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (05) ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් දඬුවමද තහවුරු කළේය.
එම අභියාචන අයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.
ඒ අනුව නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දැමිමටය ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *