දිසා ඇමැතිකමත් රැගෙන මහින්ද එනතුරු කුරුණෑගල ජනයා මග බලා සිටිති

යහ පාලන ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කොට  ඇති ප්‍රතිපත්ති අනුව කුරුණෑගල දිසා ඇමැති තනතුර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට හිමිවිය යුතු බව කියන කුරුණෑගල ජනයා එතුමා එම ඇමැති ධුරය ලබාගෙන තමන්ට සේවය කිරීමට පැමිණෙන තෙක් මග බලාසිටින බව “යුක්තිය”ට වාර්තා වෙයි .

දිස්ත්‍රික් ඇමතිකම් ලබාදෙන්නේ දිස්තික්කය දිනු පක්ෂයේ ඇමතිධුර හිමි නොවන මන්ත්‍රී වරුන්ට බව ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කොට ඇත . ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය දිනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිකම් නොලැබූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රී වරයාට එම තනතුර හිමිවිය යුතු බව ජනතාවගේ අදහසයි . දිසා ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා  එනතෙක් මහජනයා බල සිටින්නේ චන්දයෙන් පසුව මෙතෙක් නොදුටු ඒ මහතාගේ මුහුණ දැක ගන්නටය .

ලක්ස හතරක් මනාප ලබාදී රාජපක්ෂ මහතා පත්කර ගත්තේ තමන්ට සේවයක් ලබාගැනීමට බව කියන කුරුණෑගල ජනයා එසේ කළ තමන්ට කොකා පෙන්වා එතුමා මැද මුලනට නොයනු ඇතැයි ප්‍රර්ථනා කරති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *