මල්ෂානි අපේ කාලයේ වීරවරියක් – අනුර සූරියබණ්ඩාර

මල්ෂානි සූරියආරච්චි ජයග්‍රහණය කළාය. මල්ෂානි යනු කවුරුන්දැයි දැන් කිසිවකු කල්පනා කරනවා වන්නට පුළුවන. හේතුව ඇය රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමයේ නිලධාරින් තරමට හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අය තරමට ප්‍රසිද්ධ හෝ දෑවැන්ත චරිතයක් නොවන නිසාය.

මල්ෂානි හඳුන්වාදිය හැකි හොඳම ආකාරය වන්නේ මෑත ඉතිහාසයේ වඩාත්ම අසාධාරණයටය ලක් වූ දරු දැරියන් අතරින් කෙනෙක් වශයෙනි. හේතුව ඇගේ වරදක් නොවේ. මෙරට විශ්වවිද්‍යාලයක දොර ඈට විවෘත නොවූ බැවින් සයිටම් නම් වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට ඇයට සිදු වීමයි.

ඔබේ මතකය නිවැරදිය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේත් මෙරට අවස්ථාවාදී දේශපාලන යකඩ හස්තයේත් බලයට අභියෝග කළ දැරිය මල්ෂානි සූරියආරච්චිය.

වසර තුනක් තිස්සේ මෙරට රෝගීන්ගේ ජීවිත බිලිගනිමින්, ජනතාවගේ ගමනාගමනයට බාධාකරමින් ජන ජීවිතය කඩාකප්පල් කරමින් දිග්ගැසෙමින් තිබුණු සයිටම් වෛද්‍ය උපාධි ප්‍රශ්නයට නිත තබන්නට මල්ෂානි සමත් වූවාය. ඒ ඇය ගත් අධිකරණ ක්‍රියාමාර්ගයට අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇය වෛද්‍යවරියක ලෙස පිළිගන්නා ලෙස වෙද්‍ය සභාවට නියෝග කිරීම හේතුවෙනි.

දැන් සයිටම් විරෝධීන්ට ඇත්තේ සාමදානයේ සැතපෙන්නටය. තවත් ආකාරයකින් ගත්කල සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඉහත තීරණය මල්ෂානි සූරියආරච්චි පමණක් සම්බන්ධ වූවක් නොවේ. දැන් වෛද්‍යසභාවට, ඇය පමණක් නොව ඇය සමග සයිටම් ආයත‍නයේ වෛද්‍ය අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තිය සඳහා ලියා පදිංචි වීමට අවශ්‍ය සුදුසුකම් සපිරූ අවශේෂ සිසුන් ද වෛද්‍ය සේවයට ඇතුළත් කරගන්නට සිදුවී තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සමස්ත සයිටම් ශිෂ්‍ය ප්‍රජාවගේම ඉරණම සම්බන්ධයෙන් දුන් තීන්දුවක් සේ සැලකිය හැකිය.

එපමණක් ද? නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහත තීරණය මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙනු ලැබුවා වූ ඓතිහාසික නිගමනයක් ද වන්නේය. මක්නිසාද ඉහත අධිකරණ තීරණයට අනුව සයිටම් ආයතනය යනු; රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමය හෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෝ ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමින් හෝ වෙනත් වෘත්තිය හෝ සිවිල් සංවිධාන හෝ මෙතෙක් කියමින් සිටි ආකාරයේ ප්‍රමිතියෙන් තොර ආයතනයක් නොවන බව සැකයකින් තොරව තහවුරු වී ඇති නිසාය.

එම්.බී.බී.එස්. උපාධිධාරියකු වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචිවීමට සුදුසුදම් දෙකක් අවශ්‍ය කෙරේ. ඉන් පළමුවැන්න යහපත් චරිතයකින් යුතු අයකු වීමය. දෙවැන් වන්නේ මෙරට හෝ විදේශිය හෝ පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයකින් ලබාගත් උපාධියක් තිබීමය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව සයිටම් යනු පිළිගත හැකි වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් බවට තහවුරු වී තිබේ.

තවත් ආකාරයකින් ගත් කල මල්ෂානි සූරියආරච්චි ගේ ජයග්‍රහණය මෙරට වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් විය නොහැකි එහෙත් ඒ සඳහා අවශ්‍ය උසස් පෙළ සුදුසුකම් සපුරා සිටින දහස් ගණනක් දරුවනට සුබ ආරංචියකි. දැන් එවන් අයට අධික වියදමක් දරමින් විදේශ අධ්‍යාපනය සඳහා යොමු වන්නට සිදු වන්නේ නැති හෙයිනි. විදෙස් රටක දී කළ යුතු වන වියදමෙන් දහයෙන් එක් පංගුවක් පමණ වැයකොට මෙරට දී වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහත තීරණය අනුව හැකියාව ලැබේ.

වඩාත් වැදගත් කරුණ වන්නේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීරණය විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සැබෑ මුහුණ රටත් ලෝකයත් හමුවේ නිරාවරණය වී තිබීමයි. අනෙක වෛද්‍ය සභාව සයිටම් සම්බන්ධයෙන් අනුගමනය කළ දෙබිඩි පිළිවෙත හෙළිදරවු වීමයි.

අභියාචනාඅධිකරණයේ දි සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදිත් හෙළිදරව් වූයේ සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ තීන්දු තීරණ උපදෙස් මත ක්‍රියාත්මක වී ඇති බවයි. අභියාචනාඅධිකරණයේත් ශ්‍රේෂ්ඨාධිකරණයේත් තීරණයේ පදනම වූයේ ද එයයි. ඒ අනුව කාලෝ ෆොන්සේකා මහාචාර්ය වරයා වෛද්‍යවරුන්ගේ සංගමයේ පිරිස සමඟ එක්ව නැටූ තොවිලය ව්‍යාජයක් බව අධිකරණ ද්විත්වය හමුවේම තහවුරු වී තිබේ.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ශික්ෂණ රෝහල වූ නෙවිල් ප්‍රනාන්දු රෝහල හා අනෙකුත් පහසුකම් පිළිබද ‍සොයා බලන්නට මහාචාරය කාලෝ ෆොන්සේකාගේ සභාපතිත්වයෙන් යුතු වූ වෛද්‍ය සභාව විසින් ඔවුන්ගේම කමිටුවක් පත් කෙරුණු බව තතු දන්නා අයට අමතක නැත. එම කමිටුව 2015 ජුලි 13, 14, 15 දිනවල කළ අධ්‍යයනයේ වාර්තාව වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිණ. කමිටුවේ නිර්දේශය වූයේ, වෛද්‍ය උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සයිටම් ආයතනයේ අඩුපාඩු කීපයක් සම්පූර්ණ කළ යුතු බවය. එහෙත් එම වාර්තාව වෙනස් කිරීමට ලක්කර තිබුණු අතර එසේ වෙනස් කළ වාර්තාව මත පදනම්ව වෛද්‍ය සභාවට සයිටම් උපාධිය පිළිගත නොහැකි බව කාලෝ ෆොන්සේකා මහතා සෞඛ්‍ය ඇමතිවරයාට දැන්විය. එකී වාර්තාවේ 18 වන පිටුවෙහි කළ එම වෙනස්කම් අධිකරණයේ දී හෙළි වූයේය. ඒ 18 වන පිටුවේ වෙනස්කම් එම වාර්තාවේම අනෙකුත් පිටුවල තොරතුරු හා විස්තරවලට පරස්පර වූ හේතුවෙනි. වෛද්‍ය සභාවේ සැබෑව හෙළිවු ආකාරය එයයි.

සුව සැරිය ගිලන් රථ සේවය ආරම්ක අවධියේ ද වෛද්‍ය නිලධාරිහු ඒ ආකාරයේම තොවිලයක් නැටූහ. ඔවුන් එකල කී කතා සියල්ල පුස්සක් බවට පත් කරමින් එම ගිලන් රථ සේවය තවත් ප්‍රදේශවලට ද මේ වන විට ව්‍යාප්තව පවතී. එමගින් ජනතාවට සිදුවන සේවය ඉමහත්ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අලුත්ම තුරුම්පුව සිංගප්පුරු වෙළඳ ගිවිසුමයි. සයිටම් ප්‍රශ්නයේදී සහ සුවසැරියේ දී ඔවුන්ගේ හැසිරීම අනුව සිංගප්පූරු ගිවිසුම සම්බන්ධ ඔවුනගේ පිළිවෙත තක්සේරු කරන්නට ජනතාව වගබලා ගත යුතුය.

සයිටම් විරෝධය හේතුවෙන් සයිටම් සිසුන්ගේ ජීවිතයෙන් වසර දෙකක් නිරපරාදේ ගෙවී ගියේය. එකී සිසුන් මහත් මානසික පීඩාවකට ලක් වූහ. ඔවුන්ගේ මවුපියන්ගේ මුදල් නාස්ති විය. මල්ෂානි සූරියආරච්චි දැරියට මුදලින් වන්දි ගෙවන්නට වෛද්‍ය සභාවට නියෝග කෙරුණේ එහෙයිනි. එවැනි වන්දියක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් සහ වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටින්නට අනෙකුත් වෛද්‍ය සයිටම් සිසුනටද දැන් අවකාශ තිබේ.

සයිටම් සිසුන්ට පමණක් නොව රජයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ටද සයිටම් තොවිලය හේතුවෙන් වසර දෙකක අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. අරගල පැවති කාලය තුළ මෙරටට අලුතින් වෛද්‍යවරුන් බිහිවීම පස්සට ගියේය. එය මෙරට පොදු ජනතාවගේ සෞඛ්‍ය අයිතීය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොදු ජනතාවටත් ඊට වෛද්‍ය වරුන්ගේ සංගමය වෛද්‍ය සභාව මතුනොව අන්තරයෙන් පවා වන්දි ලබාගත හැකිද යන වග සොයා බැලීම රටේ අනාගතයට යහපත් වන්නේ එයින්වත් ඔලමොට්ටල වෘත්තිය සටන්වලට පාඩමක් ඉගැන්විය හැකිවනු ඇති බැවිනි.

මල්ෂානි අපේ කාලයේ වීරවරියක්

මල්ෂානි අපේ කාලයේ වීරවරියක් අලුත්ම තුරුම්පුව සිංගප්පුරු වෙළඳ ගිවිසුමයි. සයිටම් ප්‍රශ්නයේදී සහ සුවසැරියේ දී ඔවුන්ගේ හැසිරීම අනුව සිංගප්පූරු ගිවිසුම සම්බන්ධ ඔවුනගේ පිළිවෙත තක්සේරු කරන්නට ජනතාව වගබලා ගත යුතුය.

සයිටම් විරෝධය හේතුවෙන් සයිටම් සිසුන්ගේ ජීවිතයෙන් වසර දෙකක් නිරපරාදේ ගෙවී ගියේය. එකී සිසුන් මහත් මානසික පීඩාවකට ලක් වූහ. ඔවුන්ගේ මවුපියන්ගේ මුදල් නාස්ති විය. මල්ෂානි සූරියආරච්චි දැරියට මුදලින් වන්දි ගෙවන්නට වෛද්‍ය සභාවට නියෝග කෙරුණේ එහෙයිනි. එවැනි වන්දියක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් සහ වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටින්නට අනෙකුත් වෛද්‍ය සයිටම් සිසුනටද දැන් අවකාශ තිබේ.

සයිටම් සිසුන්ට පමණක් නොව රජයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ටද සයිටම් තොවිලය හේතුවෙන් වසර දෙකක අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. අරගල පැවති කාලය තුළ මෙරටට අලුතින් වෛද්‍යවරුන් බිහිවීම පස්සට ගියේය. එය මෙරට පොදු ජනතාවගේ සෞඛ්‍ය අයිතීය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොදු ජනතාවටත් ඊට වෛද්‍ය වරුන්ගේ සංගමය වෛද්‍ය සභාව මතුනොව අන්තරයෙන් පවා වන්දි ලබාගත හැකිද යන වග සොයා බැලීම රටේ අනාගතයට යහපත් වන්නේ එයින්වත් ඔලමොට්ටල වෘත්තිය සටන්වලට පාඩමක් ඉගැන්විය හැකිවනු ඇති බැවිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *