රුපියල රැකගන්න ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.1 ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ විදෙශ  මුදල් සංචිත ඉහළ නැංවීම සදහා ඩොලර් බිලියන 1.1 ක මුදලක් ඉන්දියානු සංචිත බැංකුවෙන් (රිසර්ව් බෑන්ක් ඔෆ් ඉන්දියා ) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත . දෙරටේ බැංකු අතර පසුගිය ජුලි 17  දා අත්සන් තබන ලද ගිවිසුම අනුව මෙම මුදල ලබාදී ඇත . මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදීද ඉන්දියාව ඩොලර් මිලියන 400ක් ලබා දුන් බවද හින්දු පුවත් පත කියයි .

ඉන්දියාවෙන් ලැබුණු මෙම අධාරයත් සමග රුපියල ස්ථාවර වනු ඇතයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි . ඒ සමගම රුපියල පාලනයෙන් ඉවත්වීමට ද මහ බැංකුව තීරණය කොට ඇතැයි වාර්තා වෙයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *