නීතිපතිගේ නිලධාරියෙක් දේශපාලන ගේමක !

බැදුම්කර ගනුදෙනු පිලිබඳ චෝදනා එල්ල වී ඇති පෙර්පචුවල් ට්‍රේසරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චන්දන පරේරා මහතා තම කාර්යාලයට ගෙන්වා තර්ජනය කළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියකු මෙම නඩුවට දේශපාලඥයන් කිහිප දෙනකු සම්බන්ධ කිරීමට උත්සාහ දර ඇති බව වාර්තා වෙයි . එම නීතිඥ මහතා දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට මෙම කරුණු හෙළිදරවු කොට ඇති අතර අගවිනුසුරුතුමාට , නීතිපතිතුමාට , අධිකරණ ඇමැතිනියට ඇතුළු සියලු අංශ වෙත පැමිණිලි කොට ඇත .

පෙර්පචුවල් ට්‍රේසරීස් සමාගම එජාපයේ හා විපක්ෂයේ දේශපාලඥයන්ට මුදල් දුන් බවට තොරතුරු ලබාදෙන ලෙස මෙම නීතිඥවරයාට බළකොට ඇති බවත් එලෙස තොරතුරු නොදෙන්නේ නම් බොරු සාක්ෂි දීමට සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා කොට නීතිඥ තනතුර අහිමි කිරීමට කටයුතු කරන බවට නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියා එම නීතිඥවරයාට තර්ජනය කොට ඇති බව වාර්තා වෙයි .

නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියා මෙලෙස ක්‍රියා කරන්නේ බැදුම්කර ගනුදෙනුවේ මුදල් එම සමාගමේ ගිණුම්වල ඇති බවත් එජාපයට හෝ එහි නායකයන්ට මුදල් දීමක් සිදුවී නැති බවත් බැදුම්කර කොමිසන් වාර්තාවේ පැහැදිලිව සදහන් කොට තිබියදීය .

නීතිපති දෙපාර්තමේන්තුවේ ලගදී සිදුවනු ඇතැයි කියන වෙනස්කම් වලදී ඉහල තනතුරක් ලබාගැනීම සදහා රටේ ඉහලම බලවතෙකුගේ හිත දිනාගැනීමේ අරමුණින් මෙම නිලධාරියා විනය විරෝධී ලෙස හැසිරෙමින් මෙලෙස කටයුතු කරන බව නීති අංශවල අපගේ ආරංචි මාර්ග කියයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *