|

වියට්නාමයේ සංවර්ධන උපාය මාර්ග – කීර්ති ගොඩිගමුව

වසර 2000 සිට වියට්නාම් ආර්ථිකය විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර වෙලඳාම ආශ්‍රයෙන් බලගැන්වුණු නව ජවයක් අත්විඳිමින් සිටී.

2017 දී 6.3%වූ එරට ආර්ථික වර්ධන ‍වෘදිය 2018 දී සහ 2019 දී ද පවත්වාගෙන යනු ඇති බවට විශ්වාසය පලකෙරේ. එරට දල දේශීය නිෂ්පාදිතයට කාර්මික භාණ්ඩ, රෙදිපිළි, ඉලෙක්ට්‍රෝනික උපරකණ සහ මුහුදු ආහාර ආදී අපනයන භාණ්ඩ සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි.

වියට්නාමය එරට ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ 1986 වර්ෂ යේ දී ය. 1992 සිදු කළ ව්‍යවස්ථා සංසෝධනය මගින් ආර්ථිකය මෙහෙය වීමෙහි ලා පුද්ගලික අංශයේ වැදගත්කම සහ කාර්යභාරය පිළිගැනීමට එරට රජය කටයුතු කළේය. ඉන්පසු 2001 දී ඔවුන්ගේ ආක්‍රමනික සතුරා වූ ඇමරිකා එක්සත් ජනපදය සමග ද්වි පාර්ෂික වෙළඳ ගිවිසුම (US – BTA) අත්සන් කිරීමට කටයුතු කරන ලදී. (1955-1975 ඇමරිකානු සමුදාව සමග පැවති වියට්නාම් යුද්ධය ඇමරිකානු හමුදාව පරාජය කිරීමෙන් කෙලවර විය. ඉන්පසු ඒකසත් වූ වියට්නාමය මේ දක්වා එරට කොමිනියුස්ට් පක්ෂය විසින් පාලනය කරන ලබයි) එතැන් සිට සියලුම අංශවල ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම ආරම්භ කෙරිනි.

මේ වන විට අයවැය පරතරය අඩු කර ගැනීම සඳහාත් අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාත් රාජ්‍ය සංස්ථා හා සමාගම් පුද්ගලිකකරණය කරමින් පවතී. එරට රජය ප්‍රකාශ කරන අන්දමට 2020 වනවිට රාජ්‍ය සමාගම් 533ක කොටස් කෙලින්ම විකුණා දැමීමට හෝ කොටස් වෙළඳපොල හරහා විකිණීමට කටයුතු කෙරෙනු ඇත.

ඍජු ආයෝජන ඇදගැනිම  හරහා ඔවුන් අධි වටිනාකමකින් යුතු තාක්ෂණික දැනුම මේ වන විට අත්කරගෙන ඇත. අසල්වැසි චීනයේ කාර්මාන්ත ප්‍රසාරණය හරහා චීන කම්හල් වියට්නාමයේ පිහිටුවීමට ඉඩදීම හරහා ද ඔවුන් වාසි අත්කරගෙන ඇත.

එරට 2018 උද්ධමන අනුපාතය 4%කි. උද්ධමනය පාලනය කිරීම සහ ණය ලබා දීම හරහා පරිභෝජනය අවශ්‍ය මට්ටමට පවත්වාගෙන යන බව රජය පවසයි. එහෙත් බැංකු පද්ධතිය එතරම් ස්ථාවර බවක් තවමත් නොදක්වන අතර ව්‍යාපාර සඳහා ණය දීමට මැලිකමක් දැක්වීම හරහා ව්‍යාපාර වර්ධනයට බාධාවක්ව පවතී.

එරට සංචාරක ව්‍යාපාරය ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටී. 2018 මුල් මාස 2 ඇතුළත 29.7% ප්‍රගතියක් 2017 අදාල මාස වලට සාපේක්ෂව ලබා ගෙන ඇත.

එහෙත් ඔවුන්ගේ කාර්මික නිෂ්පාදන වල වර්ධන ප්‍රතිශතය 6.4% වූ අතර මෙය 2016 වර්ෂයේ දී ලබාගත් 7.5% හා සසඳා බැලීමේ දී අඩු අගයකි. වර්ධනය ස්ථායිව පවත්වාගෙන යාම සඳහා මෙවැනි වෙනස්වීම් පාලනය කළයුතු බැවින් එයට ප්‍රතිකර්මයක් ලෙස යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ තරුණ ශ්‍රම බලකාය සඳහා නිරන්තර පුහුණුව සහ පුහුණු ආයතන නවීකරණය කිරීම ආදී වැඩ සටහන් දියත් කර ඇත.

2017 දී එරට අයවැය පරතරය ඊට පෙර වසරට සාපේක්ෂව වැඩි වී ඇත. රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයෙන් 62.3% වුව ද  එරට විදේශ ගිණුම් සංචිත අපනයන ආදායම් වැඩි වීම හේතුවෙන් ඉහළ යමින් පවතින බැවින් තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බවට විශ්වාස කළ හැකිය.

රැකියා වියුක්තිය අඩු අගයක පවතින අතර එය 2017 දී 2.3%කි. මෙම ප්‍රතිශතය 2018, 2019 වසරවල දී ද පවත්වා ගැනීමට හැකිවන බවට පුරෝකථනය කර ඇත.

වියට්නාමයේ අනාගතය සුභවාදී වන බවට විශ්වාසය පළවේ. රටේ තරුණ අඩු වියදම් ශ්‍රම හමුදාවක් පැවතිම, විශිෂ්ට තත්ත්වයක පවතින කෘෂිකර්මාන්තය, දේශීය ස්භාවික සම්පත් පැවතීම, නිරවුල් ප්‍රතිපත්ති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම, පුද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්විම හරහා නිෂ්පාදන වි‍විධාංගිකරණයට උදව් කිරීම. විවෘත වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආදිය මෙම පුරෝකථන වලට පාදක වී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *