නැගල යන නාමල්

දැන්නම් මෙයා නාමල් ගේ වැඩ නැගලම යනවා නේද? කියා සාටක බිසව ඇසූ විට සාටක රජා කීවේ, මොන නැගල යාමක්ද මෙයා, ඌ එදා කෙළවාගත්ත කෙළවා ගැනිල්ල නිසා අපට වැලේ වැල් නැතිවුණා. රෙද්දක් ඇඳගෙන පාරේ යන්නෙත් බොහොම අමාරුවෙන් කියා ය.

එහෙම කියන්න එපා මෙයා. දැන් හැමතැනම කතා කරන්නේ නාමල් ගැනමයි. නිය‍ඟෙත් මතක නෑ. ඩොලර් නැග්ගත් කමක් නෑ. රුපියල බැස්සත් කමක් නෑ. නාමල්, නාමල්, නාමල් විතරයි සාටක බිසව කීවාය.

ඔයා අද දවල් නිදා ගත්තද? කියා එවිට සාටක රජා ඇසුවේය.

පිස්සුද මෙයා, මට දවල්ට තියා රෑටත් නින්ද යන්නේ නැහැ. ඇස්පියවෙනකොටම සිරිලිය සවියට රතු කුරුසෙන් දුන්නු ඩිපෙන්ඩරයක් පේනවා, බිසව එවිට කීවාය.
එහෙම නම් මොකක්ද ඔය හැදිල තියෙන රෝගෙ? පාරෙයන බල්ලෙකුටවත් නාමල් එපා වෙලා තියෙද්දි නාමල් නැගල යනව, හැමෝම නාමල් ගැන කතා කරනවා කිය කිය නන්දොඩවන්නේ? කියා රජා කීවේය.

ඇයි අනේ ඔයා පත්තර බලන්නෙ නැද්ද? ටී.වී. බලන්නෙ නැද්ද? මේ දවස්වල සුපර් ස්ටාර් වගේ නැගලා යන්නේ නාමල් නෙමේද? කියා බිසව නැවතත් කීවාය.
සමහරවිට එදා ජනබලේට ආවෙ නැති නිසා එහෙම හිතෙනවා වෙන්න පුළුවනි. ජනබලේට ආපු එවුන් නම් ආපහු ගියේ, නාමල්, නාමල් කිය කියා නෙමෙයි. නාමල්ගෙ අම්මට, අම්මට කිය කියා වෙන්න පුළුවනි කියා රජා, එවිට කීවේය.

ඔයා මොනවද මෙයා කියන්නෙ? නාමල් නැගලායාමෙයි ජන ‍බලෙයි සම්බන්ධෙ මොකක්ද? මට තේරෙන්නේ නැහැ. කියා එවිට සාටක බිසව පැවසුවාය.
දැන් බලාන ගියාම අනුරගෙ අදහසින්වත් අපට ගොඩයන්න හැකියාවක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. කියා එවර සාටක රජා කීවේ කලකිරීමෙන් යුතුවය.
අනුර කීවේ මෙයා අර කටුගම්පල අනුරද? කියා එවිට සාටක බිසව ඇසුවාය.

පැත්තකින් තියන්න මෙයා කටුගම්පොළයා. අඩුම තරමේ සතොසින් බඩු ටිකක් අරන් ඡන්දයක් කරන්න බැරි එකාගෙ අදහස් වටින්නේ කාටද? කියා එවිට සාටක රජා කීවේය.

එතකොට මෙයා කීවේ මොන අනුර ගැනද? කියා නැවතත් බිසව ඇසුවාය.

මේ සම්මජ්ජාතියේ ඒ අසම්මත්ජාතියා අපිත් එක්ක සන්ධානෙකට එයිද මෙයා? මතක නැද්ද? ජනාධිපති ඡන්දෙදි කීවේ, රාජපක්ෂ කඩේ බඩු සවුත්තුයි කියලනේ? රජා කීවේය.

එහෙම නම් මොකක්ද අනුර කීව අදහස? බිසව යළිත් ඇසුවාය.

මම මගෙ බිසව තර‍ඟෙට එවුවත් බයගෝතා එවන්නෙ නැහැ කියලා ෂුවර් කියලයි කියල තිබුණෙ.

අනේ එයා හරිම ස්විට්නේ. ඇත්තටම එහෙම කියල තිබුණද? බිසව ඇසුවේ වටයක් සතුටින් කැරකෙමිනි.
කියල තිබුණ නේන්නම්, ගෝතාගෙන් බේරෙන්න ජාතියේ මල දාන්නත් බැරිඑකේ ඔයාවත් රේස් එකට තියන්න පුළුවන්ද කියලයි මමත් හිත හිතා හිටියෙ. රජා කීවේය.

අනේ ඉතිං මෙයා එහෙම කරමුකෝ. මම රැජින වුණොත් ඔයාටත් ආඩම්බරයිනේ. ලෝකෙ පළමු අගමැතිනිය හොරගොල්ලෙන්. විධායක ජනධිපතිනි එයාගෙ දුව, හොරගොල්ලෙන් වගේම මුදමූලෙනුත් ජනාධිපතිවරියක් ආවොත්, හොරගොල්ලත් සමයි මැදමූලන සමයි. එතකොට ඔයාටයි මටයි සිංදුවකුත් කිය කිය ජොලියෙ ඉන්න පුළුවනි. සාටක බිසව කීවාය.

කියන්නනම් පුළුවන් මොකක්ද කියන සිංදුව? එවිටම රාජ ඇසුවේය.

ඇයි අනේ ඔයාට තේරෙන්න නැද්ද? රැජින මමයි රැජින මමයි අපේ රාජ්ජේ සිංදුව තමයි ගැලපෙන්නෙ. මල්වානත් අපේ තමයි. ඇඹිලිපිටියෙ ක්රිනකට් අපේ. මවුපිය සෑ රජුත් අපේ. ගල්කිස්සේ ඉඩම අපේ. කියල ඔයාටත් කෝරස් කියන්න පුළුවන්. එතකොට සෙල්ෆෝන්, වේලිච්ච වට්ටක්කා, අපිරිසුදු උදයා, ධනරින බන්දු එහෙම සෙබළු අපී අපේ රාජ්ජේ කියල ඇත්වැල් අල්ලයි. හරිම ෂෝක් මෙයා. බිසව තොරතෝංචියක් නැතිව කියාන ගියාය.

ඒ වුණාට දැන් ඒ අදහස මම අත්ඇරගත්තො. රජා කීවේය.

මොනවද මෙයා එක්නැලිගොඩ අතුරුදන් කළාටත් වඩා නරුම විදිහට අදහස් අතුරුදන් කරන්නේ?
හේතුව මොකක් ද? බිසව ඇසුවාය. හේතුව ඔයා කීව කතාව. රජා කීවේය.

මොන කතාව ද මෙයා රැජින මමයි ද? බිසව ඇසුවාය.

නෑ. රජා කීවේය.

එහෙනම්? බිසව ඇසුවාය.

නාමල්ගෙ වැඩේ නැගලා යනවා. හැමෝම කතා කරන්නේ නාමල් ගැන. කියලා ඔයා කීව නේද? රජා කීවේය.
කීව තමයි. ඉතිං මොකද? බිසව ඇසුවාය.

නාමල්ගැන හැමෝම කතා කරනව නම්, නාමල්ගේ වැඩේ නැගලත් යනව නම්, ඔයා ඉදිරිපත් කරන්නෙ මොකටද? නාමල්ම රේස් එකට දාන්න පුළුවනි. රජා කීවේය.
අයියෝ මෙයා ඔයාට අන්දකයිප්පුද? ඔයා හිතන්නෙ මම කතා කළේ කවුරු ගැන කියලද? බිසව ඇසුවාය.

වෙන කවුද අපේ ජාතියේ මල නාමල හැරෙන්න. හැමෝම එයා ගැන කතා කරනවා. එයාගෙ වැඩේ නැගලා යනවා කියල, ඔයා පුන පුනා කියද්දි, මට අපේ පුතාගැන ආඩම්බරේ බැරුවා. රටේ මිනිස්සු ගැන පුදුම දුකක් හිතුණා. නාටක රජා කීවේය.

අනේ සොරි මෙයා. මම කීවේ අපේ ජාතියේ මල ගැන නෙමෙයි. මෛත්රීා ගෝතා ඝාතන කුමන්ත්රැණය එළිකරපු නාමල් කුමාර ගැන. එයාගෙ සිද්ධිය දැන් පීක් එකටත් උඩින් නැගලා යනවා. ඔයාට තේරෙන්නෙ නැද්ද? කියා බිසව ඇසූවිට සාටක රාජා දුන් පිළිතුර මෙතැන දී සටහන් කළ නොහැකිය. හේතුව එය පිදුරංගල කොල්ලන්ගේ පින්තූරයකටත් වඩා බෙහෙවින් බරපතල බැවිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *