තවත් කොවිඩ් රෝගීහු 774 ක් අද සොයා ගැනෙති ; එකතුව 76,427 යි

කොවිඩ් 19 ආසාදිතයින් 774 දෙනෙකු අද දිනයේ ද හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් සොයාගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76,427 කි.

එයින් 72,401 ක් ම වාර්තා වුයේ 2020 ඔක්තෝබර් මාසයේ සිට ව්‍යාප්ත වූ කොවිඩ් රැල්ලේ ආසාදිතයින් වශයෙනි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ ක්ෂේත්‍රයේ තමන්ට හමුවන ආසාදිත සංඛ්‍යා සහ රජයෙන් ප්‍රකාශයට පත්කරන සංඛ්‍යා අතර ගැලපීමක් නැති බවයි.

ඔවුන් කියන්නේ තමන්ට හමුවන සංඛ්‍යාව ප්‍රකාශකරන සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බව යි.