කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 50,000 පසුකරයි ; අදත් 660 එක්වෙති

කොවිඩ් දෙවන රැල්ල නොහොත් ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වනු ලබන ව්‍යාප්තියේ ආසාදිත සංඛ්‍යාව අද 50,000 සීමාව ද ඉක්මවා ඉහළ  ගියේ ය.

අද රාත්‍රියේ එය සටහන් වුයේ 50,561 ක් වශයෙනි.

ඒ අද දිනයේ අලුතින් එකතු වූ ආසාදිතයින් 660 දෙනා ද සමගිනි.

මෙරටින් හමු වුසමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54,428 ක් ලෙස සටහන් වෙයි.