පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා
| |

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා

මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද? රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත…

ජාතික උද්ධමනය සෘණ වෙයි
|

ජාතික උද්ධමනය සෘණ වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 1.1% සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර…

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි. – අදාළ වර්ෂය…

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා
| |

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඩරොන් ආජෙමෝලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට හිමි වුනා. ඩරොන් ආජෙමෝලු සහ සයිමන් ජොන්සන් MITහි මහාචාර්යවරුන් සේ කටයුතු කරන අතර ජේම්ස් රොබින්සන් චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙක්. ඔවුන් තිදෙනාම මේ වන විට ඇමරිකානුවන් වුවත් ඩරොන් ආජෙමෝලු උපතින් තුර්කි ජාතිකයෙකු වන අතර ඉතිරි දෙදෙනා උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මේ…

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
| |

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200  ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500  ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500  ⚫️ ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වීම පළමු මාසය ගත…

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් 23 සිට ඊයේ (ඔක්තෝබර් 14) දක්වා කාලය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 304.88 සිට රුපියල් 292.89 දක්වා රුපියල් 11.99කින් පහත වැටී තිබෙනවා. මෙය සැලකිය යුතු තරමේ විචලනයක්. මේ පිළිබඳව මැසිවිලි නගන යම් පිරිසක්ද දැකිය හැකියි. විණිමය අනුපාතය පාලනය කිරීම (හෝ නොකිරීම) මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, මේ අයුරින් ඩොලරයක මිල පහත වැටීම…

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
| |

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි. වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක…

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද? – ඉකොනොමැට්ටා
| |

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද? – ඉකොනොමැට්ටා

කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ. පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු…

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට – ඉකොනොමැට්ටා
| |

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට – ඉකොනොමැට්ටා

ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන් එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ…

IMF යලිත් ජනාධිපති හමුවේ.. ආර්ථිකය අවදානමේ.. ප්‍රතිසංස්කරණ නොවෙනස්ව කරන්නැයි කියයි..
|

IMF යලිත් ජනාධිපති හමුවේ.. ආර්ථිකය අවදානමේ.. ප්‍රතිසංස්කරණ නොවෙනස්ව කරන්නැයි කියයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනට ද අද (ඔක්තෝබර් 4 වැනිදා) ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අරමුණ…

අනුර සහ IMF – රටේ රාළ
| |

අනුර සහ IMF – රටේ රාළ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් අද (02) ලංකාවට එනවා.2022 අවුරුද්දේ අපි මුහුණ දුන්න ආර්ථික අර්බුදයට උත්තරය විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුවේ IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ගන්න.ඊට පස්සේ අපි IMF එකත් එකක් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට එකඟ වෙනවා. ඇත්තට ඒ වෙලාවේ අපට…

අවධමනය හමුවේ ණය තිරසාරත්වය – ඉකොනොමැට්ටා
| |

අවධමනය හමුවේ ණය තිරසාරත්වය – ඉකොනොමැට්ටා

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ…