IMF හෙට එයි

IMF හෙට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත ය .  එම කණ්ඩායම හෙට ( ඔක්තෝබර් 2) සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ය . . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර…

ඉන්ධන මිල අඩු කෙරේ

ඉන්ධන මිල අඩු කෙරේ

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ  (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත…

කොළඹ උද්ධමනය සෘණ වෙයි
|

කොළඹ උද්ධමනය සෘණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 0.5% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8% හි සිට 2024 සැප්තැම්බර්…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන…

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. වෙල්ගම මහතා…

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..
|

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. lanka C news

මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක්
|

මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක්

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ…

ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්..- ස්ටාලින්

ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්..- ස්ටාලින්

  වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව  ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනදී ඇති බවයි. නව ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන…

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
|

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..

මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියි. ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත්…

පොහොර සහනාධාරය ඉහළට

පොහොර සහනාධාරය ඉහළට

ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත. එය අනුව දැනට හෙක්ටයාරකට ලබා දෙන රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 තෙක් ඉහළ නැංවීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද  (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ.  ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යට‌තේ 01ආරක්ෂක 02මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්,…