හඟුරන්කෙතයා ගේ ඒක පුද්ගල ආදායම

  පොහොට්ටුවත් එක්ක අත උස්සපු අතේ සැට් එක පවත්තපු මාධ්‍ය සාකච්ඡාවේ දී හඟුරන්කෙත බණ්ඩා ඒක පුද්ගල ආදායම එක තැන පල්වෙනවාය කියනු අසා ක‍ඩේ මුදලාලි ඉස්කොල මහත්තයාගෙන්, එක තැන පල්වෙනවාය කියා හඟුරන්කෙතයා කියන්නේ කාගේ ඒක පුද්ගල ආදායම දැ’ යි ඇසූ කල ඉස්කෝල මහත්තයා කීවේ එකත් එකටම ඔය කියන්නේ, එයාගෙම ඒක පුද්ගල ආදායම ගැන වෙන්නට ඕනෑය කියාය….

|

සාටක මිසිං ඉන් ඇක්ෂන්

  ‘මොකද අනේ ඔයා අස්සන් නොකළේ?’ කියා සාටක බිසව ඇසූ විට සාටක රජ්ජුරුවෝ අන්කුන් කුන්දුන් වූයේ කාගෙදෝ මඟුලකට අත්සන් කරන්නට ගොස් නිකම්ම අවාවද්දෝයි සිතුණු නිසාය. ‘මොකකට ද මෙයා මම අත්සන් නොකළේ?’ කියා රජා හෙමිහිට ඇසුවේ මඟුලේ අත්සනම ගැන ඇසුවානම් ජනාධිපති මහජන මන්ත්‍රි වුණාටත් වඩා හතර විලිලැජ්ජාවක් නේදැයි යටි හිතින් හිතමිනි. ‘මම කියන්නේ, පිතුරුගෙයි, සැල්ෆෝන්ගෙයි, වේලිච්ච…

ඉබේ ඇති වූ අර්බුදයක් ද, ඕනෑ කමින් ඇති කළ අර්බුදයක් ද? – එම්. එස්. එම්. අයුබ්

පෙබරවාරි 10 වැනි දා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසුව ගත වූ සති දෙකක කාලය ආණ්ඩුවත් විපක්ෂයත් තම බල පොරයක් වෙනුවෙන් කා දැමුවේය. ඒ කාලය තිස්සේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක කටයුතු අකර්මණ්‍ය විය. රාජ්‍ය ආයතන තුළ කවදත් පවතින ඕලාරික භාවයට මේ කියන විශේෂිත තත්වයත් එකතු වූ විට ඇති විය හැකි සන්තෑසිය සිතා ගත හැකිය. ආණ්ඩුවට…

හරිමි රජ සැපා

  ඡන්දය අවසන් වී සිරිකොතට ගොස් එතැනින් රජ ගෙදර මෛත්‍රි හමු වී නිවෙසට ගිය විට අලි මහත්තයාගෙන්, ‘මොකක් ද අනේ මේ වෙච්ච අපරාදේ?’ කියා ගෙදර මෛත්‍රි ආසුවාය. ‘ඔයා අහන්නෙ කාට වෙච්ච අපරාදයක්ද? රජගෙදර මෛත්‍රිටද? සීනු අනුරට ද, සාටක අයියාට ද? සැටලයිට් අක්කාට ද? නැත්නම් මටද?’ කියා එවිට මෛත්‍රිගෙන් අලි මහත්තයා ඇසුවේය. ‘රජගෙදර මෛත්‍රි තටුත් කපාගත්තා,…

බැංකු බේරිල්ල

කලෙක එක පතේ බත් කෑ ඡන්දදායක මහතෙකු අන්මන්ද රාජ්‍යයේ හිටපු ග්‍රාමසේවක ජන අධිපතිවරයාට හදිසියේ කතා කළේ, ‘‘සතෙන් සතේ රුපියලෙන් රුපියල රුපියල් දුක් මහසියෙන් එකතුකරපු සල්ලි දාපු රාජ්‍ය බැංකු බේරා ගනිමු කියා පත්තරයක පොල් ගෙඩි අකුරින් පළකර තිබුණු පෝස්ටරයක් වැනි දැන්වීමක් දුටු නිසාය. අතෙනුත් බුලතෙනුත් කුකුළාගෙනුත් අස්වයාගෙනුත් හතර මුල්ල පාගා ඡන්ද සටනේ යෙදෙන හිටපු ග්‍රාමසේවකතුමාට කරකැවිල්ල…

බදුල්ලේ මහමැටි කතා වස්තුව

බදුල්ලේ මහමැටි තුමාට එදා උදේ පාන්දරින්ම දුරකථනයෙන් කතා කළේ කොළඹ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක කළමණාකාර වරයෙකි. ඔහු මැහමැටියාගෙන් ඇසුවේ දණගැස්සවීමේ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරන්නට අදහසක් ඇති නිසා පන්ති පවත්වන්නට එන්න බැරිද කියාය. පන්තිය පැවැත්විය යුත්තේ දිනපතාද සතිපතාද කියා එවිට මහමැටියා ඇසුවේ, පන්ති පවත්වන්න ඕනෑකම නිසා නොවේ. පත්තුවෙමින් යන ගින්නේ තරම අවබෝධ වෙමින්…

|

ඩොනල්ඩ් ට්‍රම්ප් ධනරින අමතයි

  ධනරින මහතාට දිස්සියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කතා කළේ, ‘බැඳුම්කර වංචාව’ කරණකොට ගෙන සිද්ධවෙච්ච අලාභය ශාස්ත්‍රිය පදනමක් යටතේ, ආර්ථිකවිද්‍යාඥයන්, ගණකාධිකාරිවරුන්, මූල්‍ය ක්ෂේත්‍රයේ විහේෂඥයන් වැනි අය විසින් අවස්ථික පදනමක් යටතේ ගණනය කරන ඇමරිකා එක්සත් ජනපදයෙ විශ්ව විද්‍යාල මහාචාර්වරයකු ගැන ඉරිදා පත්තරයකට ඔහු කියා තිබුණු බැවිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙතෙක් දැන සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව…

මඩගහන්න ගොතපු කතා

‘‘හලෝ මට දෙවියන්ගෙම පිහිටයි! මට බුදු සරණයි! කවුද මේ කතා කරන්නේ?’’ සාටක රජතුමා දුරකථනයට පිළිතුරු දුන්නේ එසේය. “ඔබතුමාට දෙවියන්ගේ පිහිට ලැබුණොත් අපිටත් දෙවියන්ගෙම පිහිට තමයි. මේ කතාකරන්නේ වෙන්ඩ අගමැති තුමාද?” “ඔව්! ඔව්! නෑ මේක රෝන් නම්බරයක්” සාටක රජතුමා කීවේ, කට බොරු කීවත් දිව බොරු නොකියන නිසා වූ වරද වසා ගන්නට තැත් කරමිනි. “ආ… එහෙම නම්…

රැවටිල්ල

“මුදලාලි කී වතාවක් රැවටිලා තියනවද?” ඉස්කෝල මහත්තයා ඇසුවේ සාටක රජතුමා ආනුරාධපුරයේ දී කී රැවටීමේ කතාව මතක් වූ නිසා වුවද, මුදලාලි සිටියේ ණය පොත පෙරළමින් නිසා ඔහුට මතක් වූයේ ගමේ ගනුදෙනු කාරයන්ට රැවටුණු ප්‍රමාණය බැවින් ‘ඉසේ කෙස් ගාණට’ කියා උත්තර දුන්නේය. ‘ඉහේ කෙස් ගාණට රැවටුනේ කාටද මුදාලාලිගේ හාමිනේටද?’ කියා ඉස්කෝලෙ මහත්තයා නැවතත් ඇසුවේ, මුදලාලි සාටක රජාට…

කරණමට රාහු කාලයක් නෑ

තාත්තා මරන්න හවුල් වුණු සැට් එකක් ඉන්න ආණ්ඩුවකට ජැක් ගැසීම පිළිබඳව පියාගෙන් සමාව ඉල්ලීමට පරාජය සේකර කොලුවා තාත්තාගේ සොහොනට ගිය විට තාත්තා වළෙන් නැගිට්ටේ ඌ තමාගෙම පුතාද නැත්නම් නොට්ටිගෙ පුතාද යන්න හරියටම දැනගන්නා අටියෙනි. තාත්තාගේ සොහොනේ කවුදෝ වාඩි වී සිටිනු දැක පරාජය සේකරට සිතුණේ, කළකම් පලදෙන්නට එනවාවද්ද කියා නිසා, ඔහු ආපසු හැරුණේ ගෙදර දුවන්නටය. පුතාගේ…

ටී මේකර්ලා

  පත්තර මල්ලි සභාවට යන විට ධන රින මහතා කියවමින් සිටියේ ලෝ මේකර්ලා සහ ටී මේකර්ලා ගැනය. කොටින්ම කියන්නේ නම් පුලතිසිගේ ආණ්ඩුව විසින් ලෝ මේකර්ලා ටී මේකර්ලා බවට පත්කරමින් සිටින බවයි. එවිට පත්තර මල්ලි ඇසුවේ ලෝ මේකර්ලා ටී මේකර්ලා කිරීමද වඩා හොඳ ටී මේකර්ලා ලෝ මේකර්ලා කිරීමද කියාය. දෙකම වැරදියි, දෙකම වැරදියි ධන රින කීවේය….

බෞද්ධ විරෝධි ගෞතම බුදුන් වහන්සේ

‘ඉස්කොලෙ මහත්තය මෙදා පෝයට පන්සලේ දැක්කෙ නැහැ.’ කඩේ මුදලාලි කීවේ, ඉස්කොලෙ මහත්තය ඉල්ලූ සීනි කිලෝව කිරන්නට කඩදාසි ගොට්ට හදන අතරවාරේය. පරිසර හිතකාමී වෙළෙන්දෙකුවන කඩේ මුදලාලි පොලිතීන් කවර කවරදාකවත් පාවිච්චි කළේ නැත. තමා ඇසූ ප්‍රශ්නය ඉස්කෝලෙ මහත්තයාට ඇසුණේ නැතිද කියා මුදලාලිට සිතුණේ ඔහු ඊට පිළිතුරක් නොදු නිසාය. ඔහු වෙනත් වටයකින් ප්‍රශ්නය ඉස්කෝලේ මහත්තයාට එල්ල කළේය. ‘හාමුදුරුවොත්…