ලොකු එක කුඩා එක

ඉස්කෝලෙ මහත්තයා, ඔබතුමා උගත් පුද්ගලයානෙ, මම මේ නොතේරුම් කමටයි අහන්නෙ, පනස් අටෙනුයි, හැටදෙකෙනුයි ලොකු ඉලක්කම කෝකද? ඡන්දදායකතුමා ඉස්කොලෙ මහත්තයාගෙන් අහුවෙ කෝන්ගහමුල හන්දියෙ කඩේගාවදිය. ඉස්කොලෙ මහත්තයා විමතියෙන් ඡන්දදායකතුමාගෙ මුහුණ බලා සිටියේ, ඔච්චරටම පුංචි ගණිත ප්‍රශ්නයක් ගැන අනවබෝධයක් ඡන්දදායකතුමාට තිබිය නොහැකිබව දන්නා නිසාය. අලි පක්ෂය කියන හැටියට හැට දෙක ලොකුයි. පොහොට්ටුව කියන හැටියට පනස්අට ලොකුයි. ඉස්කෝලෙ මහත්තයාට…

පිංකැට වන්නම

උපාසක මහත්තයාටත්, උපාසක අම්මාටත් බලගතු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුව තිබුණේ පිනට ලැබුණු සිල්රෙදි කට්ටලය හේතුවෙනි. හක්දියේ කඩේ රේඩියෝවෙන් ප්‍රවෘත්ති අසා පැමිණු පුනුබුරා කීවේ ‘ඒ සිල් රෙදි අඳිනවාට වඩා නිරුවතින් සිල් සමාදන් වීම නම්බුකාරකමක්’ බවය. ‘ඒ මොකද මුණුපුරේ?’ කියා උපාසක මහත්තයා ඇසූවිට කොල්ලා කීවේ, ඕවා සී‍යේ සිල්රෙදි නෙමෙයි හොර රෙදි කියාය. සීයලාට සිල් රෙදි දෙන්න ගිහිං…

ඒ ඇස් පියා‍

ඡන්දදායකතුමා කියවමින් සිටි පුවත්පත බිම ගසා නැගිට්ටේ, ‘‘මේ කාලකණ්ණියා ඒ මිනිහාගේ ආත්මගෞරවයත් නැති කරන්න හදනවා” කියා ඊට කුණුහරුපයකින් කොටසකුත් යාන්තම් එක්කරමිනි. ‘මොකද අප්පේ මේ පත්තර පොළොවෙ ගහන්නේ?’ කියා බිරිය ඇසූ නමුත් ඡන්දදායකතුමා කතා නොකරම එළියට ගොස් තු. නොදකින් කියා කෙල පාරක්ද ගැසුවේය. බිරිය පත්තරය අහුලා ගත්තේ ඡන්දාදායකතුමාට මේතරම් ‍කේන්ති ගන්නට යාමට පත්තරයේ පළවී තිබුණු ප්‍රවෘත්තිය…

කැතයි හොඳේ

පිවිතුරු උදයා උදයේම නැගිට්ටේ, පුලතිසියා කැත මිනිහා ‘සමෘද්ධියයි තුන කැපුවා, කැතයි හොඳේ, කියමිනි. උදයගේ බිරිය ඉන් බියපත් වූයේ තමන් ඉස්කෝලෙ යන කාලයේ ඇතුලත් මුදලි මහතා බෝම්බයකට හසු වූ මොහොතේ ගෙදර යැවූවාය කියූ විදුලි පණිවිඩයක තිබණාය කියා කොල්ලන් කියූ මැදපුකමිසතුන නෑ යන වාක්‍යය මතක් වූ බැවිනි. ඇත්තටම පුලතිසි එහෙම වඩක් කළා ද කාට ද කවද ද…

පාන් චූන්

ජිල් මහත්තයා එන විට මහරජා හිටියේ බැනරයක් පාට කරමිනි. බැනරයේ ලියා තිබුණේ ‘මාළු පාන් වලට ජයවේවා!’ කියාය. ලොක්කාට මොකද හදිස්සියේ පාන් චූන් එකක් ආවෙ කියා ජිල් මහතා ඇසූවිට මහරාජා කීවේ, කළුකුම් මස් එක්ක හීනටි හාලේ බත් වලට වඩා හයියක් මාළුපාන් වලට තියනවා කියාය. එහෙම කියන්න හේතුව මොකක්ද කියා ජිල් මහත්තයා ඇසූවිට මහරාජා කීවේ අපේ සිරිලිය…

හඟුරන්කෙත අප්පු

‘‘දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා… ජිල් මහත්තයා යන විට මහරජා සිටියේ ගීතයක් ගායනා කරමිනි. මොකද ලෝක්කා චූන් පාරක් දාගෙන, පරණ සෙල්ලමක්වත් මතක් වුණා ද? ජිල් මහතා ඇසුවේය. කෑගහන්න එපා මිනිහෝ බිසව ඇතුළේ ඉන්නවා. මහරජා කීවේ දෙතොල හරහා ඇඟිල්ලක් තබා පෙන්වමිනි. දැන් කාටද ඔය දුරකතනයෙන් අමතන්නේ? එවර ජිල් මහතා ඇසුවේ හඬ බාල කරමිනි. මම…

කබර ලන්තය

අතර මගදී මිනිසුන්ගේ ලග්න මාරු වෙනවාදැයි බිසව කේන්දර සුමනේගෙන් ඇසුවේ හරියටම කියන්නේ නම් පසුගිය ඉරිදා රාත්‍රි දහයට සිරස සේවයේ නිවුස් පෙන්නමින් සිටියදීය. බිසව අහන්නෙත් සද්දන්ත ප්‍රශ්න. මාරු වෙන්නෙ නෑ. ඒත් ඕනම නම් මාරු කරල දෙන්න පුළුවනි. කේන්දර සුමනේ කීවේ, ලොක්කාගේ ලග්නය මාරුකරගෙන ඊළඟ ඡන්දයට ගේමක් දෙන්නට ලොක්කි සැරසෙනවා යැයි සැක කළ නිසාය. “උඹ නම් ඉතින්…

ඇට සැකිල්ලේ කතාව

ඇටසැකිලි 11ක් ඇඳවටේ කැරකෙමින් සිටිනු හීනෙන් දැක රජාණෝ නැගිට්ටේ බුදු අම්මෝ කියමින් නොවේ. තොපෙ අම්මලාට යි මහ හඬින් කියමිනි. ඒ හඬින් තක්කුමුක්කු වී නින්දෙන් අවදි වූ බිසොවුන්වහන්සේ ඇසුවේ මොකද මෙයා අපෙ අම්මලාට මොකවත් දෙන්නවත් හිතුණාද? කියාය. අම්මලාට දීපුවා දැන් මගේ පස්සෙන් එළවනවා. අම්මට ඉඩම් දීලා කුමාරයාට උසාවි යන්නත් වුණා නේ දැයි එවිට රජාණෝ කීවේය. ‘‘මගෙ…

|

විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි

එදින නිවසට ගිය සැනින් බිරිය විමල්ගෙන් ඇසුවේ ‘ඇයි අනේ ඔයා ව්‍යවස්ථා සම්පාදන වැඩෙන් අයින් වුණේ? කියාය. .විමල් ගත්කටටම කීවේ තෛනිකායික ස්වාමීන් වහන්සේලා එපා කියන වැඩකට සම්මාදම් වී ආනන්තර්ය පාපකර්මයකට කරගහන්නට බැරි බැවින් අයින් වූවා කියාය. ආනන්තර්ය පාප කර්ම කියා දහම් පාසැලේත්, පාසැලේත් උගැන්වූයේ, මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදු සිරුරෙන් ලේ සෙලවීම බවත්, ආණ්ඩුකම…