පරස්පරය

පරස්පරය

ඇත්තටම මෙයා ඔයා ඒක අහෝසි කරන්න උපදෙස් දුන්න ද? කියා නෝනා ඇසූ විට, මොකක්ද විධායක ජනාධිපති ධුරය ද, එහෙමත් නැත්නම් කමකට නැති ව්‍යවස්ථා සභාව ද, කොමිෂන් සභාද මොකක්ද, කියා ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය. නැහැ මෙයා, මම ඇහුවේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න කියලා ඔයා ආණ්ඩුවට උපදෙස් දුන්නාය කියලා පොළොන්නරුවේ දී කියපු කතාව ගැන කියා එවිට නෝනා කීවාය….

මහින්දගේ ගැටය

මහින්දගේ ගැටය

අයවැය විවාදය අවසන් වී නිවසට ගිය විට සාටක  රජාගෙන් බිසව  ඇසුවේ අරලියගහ මන්දිරයේ පදිංචියටචි අදම යනවද නැත්නම් හෙට උදේ යනවාද  කියා ය. එවිට සාටක රජා බිසවට කිව්වේ ඔයා  අරලියගහ මන්දිරයක්  ගැන කතා කරනවා, මම මේ  විපක්ෂනායක නිලනිවසෙන්  සම්බන්ධන්  යවාගන්න දහම් ගැට ගහනවා කියාය. එතකොට ඔයා අගමැති  වෙලත් විපක්ෂ නායක නිල නිවසට වෙලා ඉන්න ද කල්පනා…

ඇන්ටි අපිට අපි ඇන්ටිට

ඇන්ටි අපිට අපි ඇන්ටිට

මධුෂ් යන්නේ කොයි පාරේ? ගෝඨාභය යන පාරේ! මධුෂ් යන්නේ මොන පාරේ? කරන්නාගොඩ යන පාරේ! ගෝඨාභයට පුලුවන්නම් මාකඳුරේට බැරි වෙනවද? කරන්නාගොඩට පුලුවන්නම් මාකඳුරේට බැරි වෙනවද? ගෝඨාභයට ඇති අයිතිය මාකඳුරේ මධූෂ්ට දෙන්න කරන්නාගොඩ ඇති අයිතිය මාකඳුරේ මධුෂ්ට දෙමු. කඩේ ළමයා තොරතෝංචියක් නැතිව කියන්නට පටන් ගත්තේ පෙළපාලියක හෝ විරෝධතාවයක නියැලෙන්න සේය. ඒ දෙස බලා සිටි මුදලාලි මොකක්ද ළමයා…

ළමා අපචාර

ළමා අපචාර

හා හා කැතයි. හෝ හෝ කැතයි. ලැජ්ජා නැද්ද? හා හා කැතයි. චී චී කැතයි. ලැජ්ජා නැද්ද? කඩේ ළමයා 108 වාරයක් මන්තරයක් ජප කරන්නා සේ කියන්නට ගත්තේය. මොකක්ද ළමයා ඔය අඬෝවැඩියාව කියන තරමක් කියලා ඉක්මනට නතර කළා නම් කනක් ඇහිලා මටත් වැඩක් කරගන්න තිබ්බා කියා මුදලාලි කීවේ කොලුවාගේ  ගායනය නතර වන බවක් නොපෙනුනු නිසාය. මේක දැන්ම…

කුඩු කෑ මන්ත්‍රී

කුඩු කෑ මන්ත්‍රී

අපේ මහත්තයෝ පාර්ලිමේන්තුවට පොලිසියකුත්  තියෙනවා නේද කියා මුදලාලි ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි . මට මතක තරමින් නම් පාර්ලිමේන්තු පොලීසියට කියනවා තමයි. මොකද මුදලාලිට හදිස්සියේ පාර්ලිමේන්තු පොලීසිය ගැන අහන්න හිතුනේ පැමිණිල්ලක් කරන්න තියෙනවද කියලා ඉස්කෝලේ මහත්තයා කිවේය. මට හිතෙනවා ඉස්කෝලෙ මහත්තයෝ  පාර්ලිමේන්තුවට පොඩි යෝජනාවක් කරන්න කියා එවිට මුදලාලිලා කිවේය . මොන  යෝජනාවක්ද අයවැයට නම් යෝජනා  පසුගිය දවස්වල…

ජනපතිට දිවැස් තිබේ

ජනපතිට දිවැස් තිබේ

අනේ වාසනාවන් සතරවරම් දෙවියන්ගේම පීහිටයි!  දිනපතා  පත්තරේ කියමින් සිට මුදලාලි හාමිනේ එකවරම කීිව්වේ පස්වනක්  ප්‍රීතියෙන් පිනා ගිය ආකාරයෙනි. මොකද  හාමිනේට හිටිගමන් ඔය තරම්  චිත්තප්‍රීතියක්?  පත්තරේ මොකවත් හිත  සතුටු වෙනතරමේ    ප්‍රවෘත්තියක්  තියෙනවාද කියා මුදලාලි ඇසුවේ, සාමාන්‍යයෙන් ලංකාවේ පත්තර වල ඇත්තේ දුටුවන්ගේ  ඇඟ කිළිපොලා යන පන්නයේ  මිනීමැරුම් රිය අනතුරු ස්ත්‍රී දූෂණ එසේ නැතිනම් දුටුවන්ගේ ඇඟ ලේ කෝප…

තේරුණේ දැන් තමයි

තේරුණේ දැන් තමයි

පිං ඇමතිකම් නැතිවී කොට්ට පැදුරුත් කිහිල්ලේ ගහගෙන කාල්ටන් ගෙදරට ගොඩ වූ විගස සාටක රජාගෙන් ‘ඩලස් බලස් ඔයා ගැන බොරු දෙසා බාන්නේ පිං අගමැතිකම ඔයාට නැතිවුණු නිසා ද? එහෙමත් නැත්නම් ඔයාගේ පිං ආණ්ඩුවේ පිං ඇමැතිකමක් ඩලස් බලස්ට දුන්නේ නැති නිසාද?’ කියා සාටක බිරිය ඇසුවාය. ‘ඔයා කියන්නේ ඩලස් බලස් ගේ කොයි බොරුව ගැන ද?’ කියා සාටක රජා…

කොමිසම
|

කොමිසම

රනිල් වික්‍රමසිංහ මහතා කළ දූෂණ වංචා විමර්ශනය කරන්නට තමන් කමිටුවක් පත්කරන බව ජනාධිපති කී විට විදෙස් මාධ්‍යවේදින්, රනිල් වික්‍රමසිංහ මහතා කළ වංචා දූෂණ මොනවාද කියා ජනාධිපතිගෙන් ඇසුවේය. එවිට ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන්ට කීවේ රනිල් වික්‍රමසිංහ දූෂණ වංචා කළ බවක් තමාට පුවත්පත් වලින් දැනගන්නට ලැබුණේ නැති නිසා රනිල් වික්‍රමසිංහ මහතා කර ඇතැයි කෙසේ හෝ හොයාගන්නට පත්කරන කමිටුවට නියෝග කරන…

ග්‍රාමසේවක හොරු සමග හෙලුවෙන්

ග්‍රාමසේවක හොරු සමග හෙලුවෙන්

‘මුදලාලි ලැජ්ජා නැති දර්ශන නරඹනවා වගේ’ කියා ඉස්කෝල මහත්තයා කීවේ, ඉස්කෝල මහත්තයා කඩයට යනවිට මුදලාලි පාර්ලිමේන්තු වට රවුමේ, ‘රටම කන ජඩ මහිමය’ රූපවාහිනියෙන් නරඹමින් සිටිනු දුටු නිසාය. ඒ මොහොතේ රූපවාහිනියෙන් විකාශය කෙරෙමින් තිබුණේ, රටම කන ජඩ මහිමය රැළියට ග්‍රාමසේවකත් සාටක රජාත් එකවර පැමිණෙමින් සිටින ආකාරයයි. ‘සාටක රජා රට කන ජඩ මහිමය අපි අවුරුදු අටක් නමයක්…

රොකට් යැවිල්ල

රොකට් යැවිල්ල

‘මුදලාලි මොකද වැලි ලොරියක් අල්ලපු එස්.අයි. මහත්තයෙක් වගේ කල්පනා කරනේනෙ?’ කියා ඉස්කොලෙ මහත්තයා ඇසුවේ මුදලාලි නිකටට අත තබාගෙන කල්පනා කරමින් සිටිනු දුටු නිසාය. ‘අනේ මම දන්නෑ ඉස්කොල මහත්ත‍යෝ, අන්තෝජටා බහිජටා. ඇතුළෙත් ගැට පිටත් ගැට. කවුරු මොනදේ කොහොම කලාද කියලා හිතාගන්න බැරුවයි මම කල්පනා කරන්නේ’ මුදලාලි කීවේය. ‘මොනවද මුදලාලිට හිතා ගන්න බැරි? තෙල් මිල සූත්‍රයද? ඒක…

පොලිස් වෙස් නැටුම

පොලිස් වෙස් නැටුම

‘ආදර සොපියා සොයා…  බාබර ගෙදර ගියා…  වැලි ලොරි පාරේ ගියා… සාජන්ට් ගෙදර ගියා…’ කඩේ ළමයා අමුතු සිංදුවක් කියමින් නටන්නට පටන් ගත්තේ, අලුත් ජංගම දුරකථනයෙන් ආ නිවුස් ඇලට්ටුවක් දුටු නිසාය. ‘මොකක්ද ළමයා ඒ හැදිච්චි පිස්සුව?’ කියා මුදලාලි ඇසුවේ, ඉස්කෝලෙ මහත්තයා කියන ආකාරයට කොල්ලාගේ ස්මාර්ට් වලිප්පුව තද වුණාද නැත්නම්, කොල්ලා ඇත්තටම ඔල්මොරොන්දම්ද කියා සිතාගන්නට නොහැකි වූ නිසාය….

නැගල යන නාමල්

නැගල යන නාමල්

දැන්නම් මෙයා නාමල් ගේ වැඩ නැගලම යනවා නේද? කියා සාටක බිසව ඇසූ විට සාටක රජා කීවේ, මොන නැගල යාමක්ද මෙයා, ඌ එදා කෙළවාගත්ත කෙළවා ගැනිල්ල නිසා අපට වැලේ වැල් නැතිවුණා. රෙද්දක් ඇඳගෙන පාරේ යන්නෙත් බොහොම අමාරුවෙන් කියා ය. එහෙම කියන්න එපා මෙයා. දැන් හැමතැනම කතා කරන්නේ නාමල් ගැනමයි. නිය‍ඟෙත් මතක නෑ. ඩොලර් නැග්ගත් කමක් නෑ….