රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි
|

රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි

පසුගිය ඉරිදා උදේ මල්වතු මහ නා හිමි බැහැදැක රටේ තත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමටය. එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් ඔහු පසුදා අරනායක පැමිණියේ පාසැල් 2 ක නව ගොඩනැගිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යලි වාහනයට නැගීමට අගමැතිවරයා පාගමනින්…

හඳුන්නෙත්ති, මෛත‍්‍රී ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?
|

හඳුන්නෙත්ති, මෛත‍්‍රී ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?

ශ‍්‍රී ලංකා විගණන සංගමයේ 61වැනි සංවත්සරය පසුගිය විසිහත්වැනිදා විගණන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. ඒ අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, කතානායක කරූ ජයසූරිය, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක් එම අවස්ථාවට සහභාගි විය. ජනාධිපතිවරයා සභාව ආමන්ත‍්‍රණය කිරීමට පෙර අවස්ථාව ලැබුණේ කෝප් කමිටු සභාපතිවරයාටය. එදින එම වෙලාව ලංකාවේ සිදුවුණ සුවිශේෂී බැදුම්කර…

රන්ජන්ගේ කටට බ්රේක් හයිකරන යෝජනාවක් අගමැතිට
|

රන්ජන්ගේ කටට බ්රේක් හයිකරන යෝජනාවක් අගමැතිට

සතිය ආරම්භයේදී අගමැතිවරයා කොලොන්නාව සේදවත්ත පුරාණ විහාරයේ බෝධි  ප්‍රාකාරය මත ඉදිකළ රන්වැට සසුනට පූජා කිරීමේ පුණ්යෝත්සවයට එක්විය. විජයවර්ධන-වික්‍රමසිංහ පරම්පරාවේ විහාරයක් ලෙස එම රන්වැට සිය පෞද්ගලික ධනයෙන් පූජා කිරීමටද අගමැති රනිල් ඇතුලු එම පවුල් ක්‍රියා කළහ. “අද ඇතැම් පිරිස් බුදු දහමත් එයාලට ඕන විදියට දේශපාලන වාසි තකා නරක විදියට පරිහරණය කරනවා. මමනම් පන්සල් යන්නෙ ආගමික කටයුතු…

මාධ්‍ය කුමන්ත්‍රණ හෙළිවෙන හැටි රනිල් කියයි
|

මාධ්‍ය කුමන්ත්‍රණ හෙළිවෙන හැටි රනිල් කියයි

පසුගිය සතිය පුරා අගමැතිවරයා පසුගිය වසර 3 තුල ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය. ඉන් පළමුවැන්න වූයේ රු.ලක්ෂ 2800ක් වැයකරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමය. දෙවැන්න වූයේ මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රු.ලක්ෂ 15,300ක් වැයකොට තිබිණ. අනතුරුව අංගසම්පූර්ණ ජාතික…

නාන්නේ නැතිව ඉන්නයි අගමැතිගෙන් ඇමතිවරුන්ට අවවාද
|

නාන්නේ නැතිව ඉන්නයි අගමැතිගෙන් ඇමතිවරුන්ට අවවාද

අගමැතිවරයා සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායම මේ සතියේ දැඩි අවධානයක් දැක්වූයේ ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයට එකඟව යලිත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටය. ඊට අදාළ යෝජනාව සභානායක කිරිඇල්ල විසින් පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මහා ලේකම්වරයා අතට පත්කළේය. බදාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අහෝසි කොට ජාතික…

ජාතික ආණ්ඩුව ජවිපෙ නිසා කල් තබයි
|

ජාතික ආණ්ඩුව ජවිපෙ නිසා කල් තබයි

පසුගිය 06වැනිදා පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැුස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එහිදී අවධානය යොමු වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම සම්බන්ධවය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ප‍්‍රකාශ කර සිටියේ, ජාතික ආණ්ඩු යෝජනාව 07වැනිදා පාර්ලිමේන්තුවට ගෙනඑන බවයි. එමෙන්ම එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙනඒමටත් සැලසුම් කොට…

අගමැතිකමයි ආණ්ඩුවයි මහදවල් කොල්ල කෑ  රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන  රංජන් රාමනායකගෙන් රනිල්ට දෝස්මුරයක්
|

අගමැතිකමයි ආණ්ඩුවයි මහදවල් කොල්ල කෑ රාජපක්ෂලාගෙ මගුල්ගෙදර යෑම ගැන රංජන් රාමනායකගෙන් රනිල්ට දෝස්මුරයක්

අගමැතිවරයා මේ දිනවල වැඩිපුර කාලය යොදවනුයේ ලඟ එන අයවැය සැකසීමේ කටයුතු වලටය. එහිදී ඇමති මංගල මෙන්ම එම නිළධාරීන් සමඟ සාකච්ඡා වට රැසක් පවත්වා ජනතාවට උපරිම සහන හා රටට වේගවත් සංවර්ධනයක් ගෙන ඒමට අදාල තීන්දු තීරණ රැසකට සම්මාදම් විය. ඒ අතර චම්පික රණවක දෙමටගොඩ ඉදිකළ නිවාස 266කට අධික සංඛ්‍යාවකින් යුතු සංකීර්ණයක් විවෘත කිරීමටද අගමැතිවරයා එක්විය. එම…

දළඹුවා නසන්න ජවිපෙන් සේනාවක්
|

දළඹුවා නසන්න ජවිපෙන් සේනාවක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සාකච්ඡුා කිරීම ඊළඟ කැබිනට් මණ්ඩල රැුස්වීමට කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ අවධානය යොමු වී තිබේ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක‍්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් පළාත් සභා මැතිවරණයක් තියන්න…

මහින්ද පවුලේ මගුල් ගේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්
|

මහින්ද පවුලේ මගුල් ගේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ රාජකාරි කිහිපයක් ඉටුකිරීමට මෙන්ම දුරගමනක්ද යෑමට තිබූ හෙයිනි. ඒ වන විටත් මැති ඇමතිවරුන් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙනදාමෙන්ම එහි පැමිණ තිබිණ. “අද කතාකරන්න වැඩිවේලාවක් නෑ. හුඟක් ඈත ලොකු මගුල්ගේක යන්න තියනවා” අගමැතිවරයා කීවේ මද සිනහවක් සමඟය. “ආ… අද මහින්දගෙ බාල පුතාගෙ වෙඩින් එක නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය. අගමැතිවරයා සමග…

කෝප් සභාපති ලෙස නැවත පත්වූ හදුන්නෙත්ති රීගල් සිනමා ශාලාවේ
|

කෝප් සභාපති ලෙස නැවත පත්වූ හදුන්නෙත්ති රීගල් සිනමා ශාලාවේ

කොප් සභාපති පුටුව නැවතත් හඳුන්නෙත්තිට සැසිවාර අවසානයෙන් පසුව නැවත වරක් පිහිටවනු ලැබුණු පොදු ව්‍යාපාර කාරක සභාවේ මංගල රැුස්වීම පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුවේදී රැුස්විය. මෙහි නව නියෝජනය අනුව ජවිපෙට හිමිවී ඇත්තේ එක් නියෝජනයක් පමණි. ඒ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. කෙසේවුවද කෝප් කමිටුව තුළ සුනිල් හඳුන්නෙත්ති විසින් ඉටු කළ කාර්යභාරය සලකා ඔහු එහි සභාපති ධුරය සඳහා නම් කිරීමට පොදු…

රනිල්ට එරෙහි රත්නපුර විරෝධතාව පුස්සක් වෙයි – සභාපතිවරුන් පත්කිරීමේදී මෛත්‍රීට නැති කොන්දේසි එජාපයට දැමීම ගැන විරෝධයක්
|

රනිල්ට එරෙහි රත්නපුර විරෝධතාව පුස්සක් වෙයි – සභාපතිවරුන් පත්කිරීමේදී මෛත්‍රීට නැති කොන්දේසි එජාපයට දැමීම ගැන විරෝධයක්

පසුගිය සතිඅන්තයේ ජනපති මෛත්‍රී අගමැති රනිල් හා විපක්ෂ නායක මහින්ද එකම තැනක හමුවූ විශේෂ අවස්ථාවක් යෙදින. ඒ භාතිය සන්තුෂ්ගේ සංගීත දිවියට විසිවසරක් පිරීම නිමිත්තෙන් නෙළුම්පොකුණ රගහලේ පැවැති ප්‍රසංගයේදීය. යාබද අසුන් තුනක තිදෙනා වාඩිවී සිටියද ආගිය තොරතුරු වලට අදාල වචන කිහිපයක් මිසෙක දේශපාලනය, ආර්ථිකය, ජාත්‍යන්තරය හෝ ව්‍යවස්ථාව පිළිබඳව වචනයක් හෝ එහිදී හුවමාරු නොවින. තෛපෝංගල් දිනය පැවැති…

රට දිනවන්නත් ,ජනපති ක්‍රමය අහෝසි කරන්නත් මැතිවරණ වසරේ ජවිපෙ ගමට යයි
|

රට දිනවන්නත් ,ජනපති ක්‍රමය අහෝසි කරන්නත් මැතිවරණ වසරේ ජවිපෙ ගමට යයි

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 02වැනිදා පැවැති මේ වසරේ පළමු මාධ්‍ය හමුවේදීම ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසන බලමණ්ඩල සහ දිස්ත‍්‍රික් බලමණ්ඩල කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡුා මේ වන විට අවසන් වෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී…