අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි
සිංහල හින්දු අලූත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඩ වන දේශපාලනය මෙවර එලෙස නිහඩ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය මැති ඇමතිවරුද විමසිලිමත් වූවේ අවුරුදු දා දේශපාලන ක්ෂේත්රයේ සිදුවන්නට යන්නේ මොනවාද කියාය. සිංහල අවුරුදු නිවාඩුවට නුවරඑළියට ගොස් සිටි අගමැති රනිල් වික්රමසිංහගෙන්ද මැති ඇමතිවරු මේ ගැන විමසන්නට වූහ. ඊට අගමැතිගේ පිළිතුර වූවේ “අපි බලමු කෝ” යන්නය….