|

බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්

පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේදී දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්නා හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පළුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියා. එම පිරිස ඇමතූ ජනාධිපතිතුමා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන්නා. ගමේ කොට්ඨාස ක්‍රමයට පැවැති මැතිවරණයක් අවසන් වරට…

|

මහින්දගේ වෙස් ගැලවෙයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. එහි දී මැතිවරණය ගැන මෙන්ම දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගැනද ජනාධිපතිතුමා කතා කළා. ශ්‍රී ලංකන් එයාලයින් හා මිහින් ලංකා සමාගම්වල සිදු වී ඇති දූෂණ හා අයතා ගනුදෙනු ආදිය ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට තමා තීරණය කොට ඇති බව ජනාධිපතිතුමා හෙළිදරව් කළා….

|

ජනාධිපති මෛත්‍රී සටන අරඹද්දී මහින්දගෙන් මැසිවිලි

‍ඒකාබද්ධ විපක්ෂයට සහය දුන් ප්‍රබලයින් දිගින් දිගට තමන් හා එකතුවීම නිසා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා හපුතලේ නගරයේ පැවැති ජනහමුවකට සහභාගිවෙමින් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කොට තිබූ මෙම රැස්වීමට ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාද සහභාගි වී සිටියා. මෙහි දී…

|

මහින්ද මාලිගාවේ ගෝඨා අමෙරිකාවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සතියේ වැඩ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ධෛර්යයක් ලබාදෙන ජයග්‍රාහී මානසිකත්වයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඉරිදා ජනාධිපතිතුමා හමුවී එතුමාට හා ශ්‍රීලනිපයට සහය දීමට ඉදිරිපත්වීම පළමු ජයග්‍රහණයයි. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට…

|

ඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි

දකුණු කොරියාවේ සාර්ථක සංචාරයකින් පසුව සියරට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි කතාබහක් ඇතිව තිබුණා. ජනාධිපතිතුමාට සෝල් නුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිවීම එම කතාබහට මුල් වුණා. ඇතැමුන් ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් ද්විත්ව පුරවැසිභාවයක් දරන නිසා ජනාධිපතිධුරයට නුසුදුස්සකු බවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් තතුදත් විද්වතුන් පෙන්වා දුන්නේ එය වැරදි අදහසක් බවත්…

| |

අාප්ප කෑ හමුවේ කතාබහ ජනාධිපති කොරියාවේදී හෙළිකරයි

* කොරියානු ජනපතිගෙන් සප්‍රයිස් වැඩක් * * එජාපයට සහතිකයක්* * ආපදා විපත් ගැන දිනේෂ්ගෙන් පැමිණිලි* ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව ගෙනයන යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා නිකවැරටියේ දී කළා . එහි පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා කීවේ වෙන් වීම ඉතා පහසු බවත්, වඩාත් අපහසු වන්නේ රටේ අවශ්‍යතාව සලකා එක්ව කටයුතු…

අගමැති බැඳුම්කර කොමිසම හරවද්දී ඇමැති වජිර ගාල්ල නිවා දමයි

පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සාකච්ඡා වන අවස්ථාවට නොවරදවා සහභාගිවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුරුද්දකි. එසේ වූවත් පසුගිය 17 දා එතුමාට නියමිත වේලාවට විවාදයට එන්න ලැබුණේ නෑ. එයට හේතුව නම් මාස හයකට කලින් ලැබුණු ආරාධනයක් අනුව මාවනැල්ලට යාමට සිදුව තිබීමයි. අය වැය විවාදයට සහභාගිවීමට තිබුණත් කලින් පොරොන්දුවී සිටි පරිදි මාවනැල්ල කැප්පෙටිපොල ශ්‍රී අභයරාම…

|

එජාප කෘත්‍යාධිකාරියෙන් හෙල්ලෙන තීන්දුවක්

ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් වන පා ගමන පසුගියදා ගාලුමුවදොර ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට එක්ව සිටියා. තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික දියවැඩියා දින පා ගමනට එක් වීම නොකඩවා කළා. ජනාධිපතිතුමා මෙවර මෙම පාගමනට සහභාගී වුණේ අඛණ්ඩව නව වැනි වතාවටයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත්…

|

කුඩා කල ඉගෙන ගත් පාසලේ දී ජනපතිට මතක් වූ අතීතය

* හදන්නත් කඩන්නත් කොන්ත්‍රාත් දෙන හැටි වජිර හෙළි කරයි * පින්ලන්තයේ සිට ආ අගමැති පැය තුනකින් වැඩට බසී * තමන්ම කළ නියෝගයකින් මහින්දට වැටුණු තොප්පිය * ජවිපේ අමාරුවේ නොදාන්න නිවේදකයා ඇසූ ප්‍රශ්නය අප රටේ කෘෂිකර්මය නඟා සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වය හිමි වූ අරමුණක් වනවා. ඒ සඳහා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ…

|

මහින්ද ඥානක්කාගේ පිහිට සොයා යයි

* දුම්කොළ ප්‍රශ්නය ගැන ජනපති යළිත් කියයි * එජාප ප්‍රශ්න ඉක්මනින් විසඳන්න පොරොන්දුවක් * වජිරගෙන් රාජ්‍ය සේවයේ බය අරින කතාවක් * සජිත් අයවැයෙන් වැඩියෙන් ඉල්ලයි පාසල් දරුවන්ට සෞඛ්‍ය හා පුද්ගල රක්ෂණාවරණයක් පිරිනැමීමේ වැඩසටහන පසුගියදා ක්‍රියාවට නැගුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වුණා. එයට අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අධ්‍යාපන ඇමැති…

|

මානව හිමිකම් ජාත්‍යන්තර ප්‍රශ්නය සදහටම නවතී

* දිසාපති සමුළුවට නොසිතු විටෙක ආගන්තුක අමුත්තෙක් * වසර 13ක් සැදු නිවාස ව්‍යාපෘතියක් ජනතාවට පවරයි * පළාත් ඡන්ද පනතේ දුරාවබෝධය ජවිපෙ අවධානය එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සඳුදා දිවයිනට පැමිණියේ සාර්ථක සංචාරයකින් පසුවයි. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සියලු සහාය ලබා දෙන බව එජා මහ ලේකම්වරයාත් බොහෝ රාජ්‍ය නායකයනුත්…

රටේ නායකයන් දෙදෙනාගෙන් තැන් දෙකක මෙහෙයුම් දෙකක්

* ජනාධිපතිගෙන් ඒකාධිපතියන්ට අමතක නොවන පහරක් * කිරිකැටියා අගමැති කාර්යාලයට දී හිරුණිකා ඡන්දයට යයි * ඒකාබද්ධයේ කණ්ඩායම කුණාටුවකට හසුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය පහළොස්වනදා විවෘත වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදිනම උදේ එම ස්ථානයේ තවත් විශේෂ අවස්ථාවකට සහභාගිවීමට ජනාධිපතිතුමා පැමිණියා. එනම් චතුරිකා සිරිසේන ලියූ ‘ජනාධිපති තාත්තා” කෘතිය එළි දැක්වීම සඳහා යි. ජනාධිපතිතුමාත් අගමැතිතුමමාත් එකම වාහනයකින් මෙම උත්සවයට පැමිණීමද විශේෂත්වයක්…