|

උදේ ඉල්ලා අස්කරගත් පරිපුරක ඇස්තමේන්තුව සවස නැවත මැතිසබයට

පසුගිය පාර්ලිමේන්තු සතියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කළේය. එම පරිපූරක ඇස්තමේන්තුව සමන්විත වී තිබුණේ විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා වාහනයක් මිලට ගැනීම සඳහා ලක්ෂ 429ක්, ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් සඳහා ලක්ෂ 430ක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියාව සඳහා ලක්ෂ 199ක් ආදී වශයෙන් මුදල් වෙන කර ගැනීම සඳහාය. මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක…

|

එජාප සභාපතිතුමාත් පක්ෂ විනය කඩකරලා !

කබිර්ගේ දිවුරුම්දීම අගමැති දන්නෙත් නැතිලු : පසුගිය සතිය පුරාම එජාප ආණ්ඩුව ජනතාවට පසුගිය අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අගමැති රනිල් හා මුදල් ඇමති මංගල මෙන්ම ඇමති දයා ගමගේද විශාල පරිශ්‍රමයක් දැරීය. අලුතින් සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට ලබාදීම ඒ අතර මුල්තැනක් ගත්තේය. මේ වන විට පලාත් හා දිස්ත්‍රික් මට්ටමෙන් අවස්ථා කිහිපයකදී පවුල් ලක්ෂ 3කට ආසන්නව…

|

කැබිනට් රැස්කරන ක්‍රම ගැන අගමැති සමග ඇමතිවරු කතාබහක

පසුගිය සතිය පුරාම අගමැතිවරයා පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගී වීමට අමතරව විවිධ උත්සව රැසකටද එක්විය. අලුතින් සමෘද්ධි පවුල් ලක්ෂ 6 කට බෙදීමේ උත්සව ගණනාවකටද ඔහු එක්වූයේ ඇමති දයා ගමගේගේ ඇරයුමිණි. තවද විවිධ සංවිධාන රැසක නියෝජිතයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයකටද අගමැතිවරයා එක්විය. ඒ අතර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස රට පුරාම පවත්වා ආරක්ෂාවට අදාල සහතිකය…

|

බෙදී හිටි මුස්ලිම්වරු සමගි කළ රතන හිමිගේ උපවාසයට සතර වටෙන් ප්‍රහාර

අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට එක්වීමටය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමතිවරු රැසක්ද පැමිණ තිබිණ. ගෙවුණු සතියේ උණුසුම් දේශපාලන සිදුවීම් ගැන එහිදී ප්‍රමුඛ අවධානය යොමු විය. “අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා ගිය රජයට එකතු කරගන්න කොට උපවාස නොකල කෑගැහුවේ නැති හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට විතරක් විරුද්ධ වීම පුදුමයි.” සභානායක…

|

ජාතිවාදයෙන් යටගිය ප්‍රශ්න උඩට ගන්න ජවිපෙන් සැලසුම්

පසුගිය 21දා ප‍්‍රහාරයෙන් පසුව රටේ විවිධ මාතෘකා උඩට එමින් එම මාතෘකා යටයමින් තවත් මාතෘකා උඩට එමින් පවතී. මේ අතර අන්තවාදය පරාජයට පත්කිරීමේ සටන ඉදිරියට ගැනීම වෙනුවට වෙනත් අවස්ථාවාදී සටන්පාඨ නිර්මාණය කරමින් ඒවා මතුපිටට ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය පස්වෙනිදා රැුස්වූ අවස්ථාවේදීද අවධානය යොමු කර තිිබුණි. ”මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමත් එක්ක…

|

තේරීම් කාරක සභාවට සාක්ෂි දෙන අය නොකිව යුතු දේ ගැන කලින්ම උපදෙස්

පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වු බැවිනි. සමෘද්ධි දීමනාව පවුල් ලක්ෂ 06කට අලුතින් ලබාදීමේ නිල උත්සවය අම්පාරේදී එදින පස්වරුවේ පැවැතිවීමට තිබු හෙයින් දිනක වැඩ කටයුතු උදේ වරුවේ සම්පූර්ණ කිරීමට අගමැතිවරයා කටයුතු සැලසුම් කොට තිබිණී. ඇමති දයා ගමගේ  ගේ අමාත්‍යංශය යටතේ සමෘද්ධි පවතින හෙයින් අදාළ නිල උත්සවය…

|

මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් පරීක්ෂණවලදී හෙළි වූ දේ

බොහෝ දෙනා ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව 21දින ප‍්‍රහාරයෙන් අනතුරුව විශාල කතාබහක් ඇතිවිය. මේ තත්වය සැලකිල්ලට ගත් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති එම විශ්වවිද්‍යාලයට අදාළ පරීක්ෂණ කෝප් කමිටුවේදී සිදුකිරීමට තීරණය කළේය. අනතුරුව පසුගිය විසිඑක්වෙනිදා අධ්‍යාපනය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන කෝප්…

|

රිෂාඩ්ගේ වැරදි කියන ඒකාබද්ධය තේරීම් කාරක සභාවට නෑ

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු එම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ මෙහෙයවීම හා ආරක්ෂක අංශ වල කැපවීම තුල සාර්ථක කර ගනිමින් මේ වන විට ප්‍රචණ්ඩ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම මර්දනය කොට තිබේ. එකි ප්‍රහාරයෙන් පසු සිංහල මුස්ලිම් කොලාහල ඇති වේ යයි අපේක්ෂා කළ ඇතැම් සිංහල අන්තවාදී කොටස් හා ඊට උඩගෙඩි දුන්…

|

අන්තවාදී කුමන්ත්‍රණ ගැන අගමැති , මැති ඇමති කතාබහ

පසුගිය රජය සමයේ පෝෂණය කළ බවට විවිධ සාධක සහිත මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් ලෙස පෙරට පැමිණ පසුගිය අප්‍රේල් 21 වැනිදා මහා භීෂණයක් ඇති කළේය. එම අවස්ථාවේදී එය ඉතා ආයාසයෙන් දරා ගත් මෙරට ජනතාවට අස්වැසිල්ලක් වූයේ ආරක්ෂාව බාර ජනපතිවරයා රටේ හෝ නොසිටියදී  පැය කිහිපයක් යන්නට පෙර පොලීසිය ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක අංශ බිහිසුනු ත්‍රස්තවාදීන්…

|

මහ නා හිමිවරු හමු වී අගමැති කී කතාව

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල සියළු දිරි දීම් හා මගපෙන්වීම් ඉතා හොදින් සිදුවෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එහෙත් ඇතැම් ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලඥයන් මෙන්ම එම කඳවුරේ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහි විවිධ මතවාද පතුරවන පසුබිමක්ද පවතී. එහෙයින් අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම මහනුවරට ගියේ ත්‍රෛනිකායික…

|

විජිත් විජයමුනිගේ පුතාගේ විවාහය අරලියගහ මැදුරේ

ත්‍රස්ත ප්‍රහාරයෙන් රටත් අරලියගහ මන්දිරයත් කම්පනයට සහ ශෝකයට පත්ව තිබුණත් පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවෙන් කොටසක් ක්ෂණික මංගලශ්‍රීයකින් බැබලෙන්නට විය. ඒ විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය එහි පැවැත්වීමට ක්ෂණික තීන්දුවක් ගෙන තිබූ බැවිනි. අගමැතිවරයා එදින උදයෙන්ම එහි පැමිණියේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එම උත්සවයට එක්වීමට සිටි බැවිණි. “බෝම්බ අස්සෙ මගුලුත් වෙනවා. දැන්…

ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට
|

ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට

පසුගිය 21වැනි පාස්කු ඉරිදාව ශ්‍රීලංකාවට උදාවූයේ කිසිවෙකුත් නොසිතන ත්‍රස්ත ව්‍යසනයක්ද සමගිනි. අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලාගොස් තිබූ අගමැතිවරයා යලි කොළඹ පැමිණීමට නියමිතව තිබුණේ එදිනය. එහෙත් ආණ්ඩුව පෙරලීමේ හා අගමැති මාරු කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බවට ආරංචි වීමත් සමඟ අගමැතිවරයා ඊට දින 4කට පෙර කොළඹ පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළේය. එහෙත් නිළධාරීන් රැසක් අවුරුදු නිවාඩුව ගෙවමින් සිටි…