සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්
මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි , මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන්…