ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
|

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම්…

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස
| |

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස

සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා. ඒ චිත්‍රපටිය ඇත්තටම මාව අවුරුදු දා හතක් විතර පස්සට අරං ගියා. ඒ මායි උදය ධර්මවර්ධනයි කරපු ‘හව් අයි වොන්ඩර්’ චිත්‍රපටියෙ කාලෙට. අපි ඒ චිත්‍රපටිය කළාම ඒක නරඹලා වැඩිම ආස්වාදයක් ගත්තෙ සුදත් අයියා. එයා ඒ වැඩේ ආකෘතියට ගොඩක් කැමති වුනා. ඒක එක නළුවෙක් සහ…

ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි

  ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු…

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි දිවි සැරියට සමු දෙයි

ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභවප්‍රාප්ත වී තිබෙයි මිය යන විට ඒ මහතා වයස අවුරුදු 81 පසුවිය 1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් ලංකාව පුරා පතුරවමිනි සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ…

නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

  ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 71 වැනි වියේ පසුවිය. ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය මතක දී වැඩ භාර ගත්තාය.

|

නගරයට අභියෝග කළ ගැමියා – රන්බණ්ඩා ගැන මතකය – සී ජේ අමරතුංග

ගමෙන් විත් නගරයේ චින්තනයට අභියෝග කළ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 5 දාට වසර විස්සකි. පෞද්ගලික කරදරයකට මුහුණ දී අවිවේකීව සිටි මට මෙය මතක් වුයේ තුශාර සෙනෙවිරත්නයන් තම පියා ගැන මතකය අවදි කරමින් මුහුණු පොතේ පළකර තිබු විශිෂ්ට රචනාව කියවීමෙනි. තුෂාරගේ මෙන් ම තවත් අයගේ අනුස්මරණ සටහන් වෙබ් අඩවිවල ද පළකොට තිබිණි. යමක් කීමට…

ජීවිතය කියන්නේ මරණයේ මාවතයි කියාදුන් රංබණ්ඩා සෙනවිරත්න නික්ම ගොස් විසි වසක් – සශිකලා මධුශානි 

ගේය පද රචකයකු, කවියෙකු, ලේඛකයෙකු සහ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වූ අධිනීතීඥ රංබණ්ඩා සෙනවිරත්නයන්ගේ 20 වැනි ගුණසමරුව අදට (05) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, මරදන්කල්ල නමැති හද්දා පිටිසර ගමේ ඉපිදි ඔහුගේ පියා වූයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම ගුරුවරයෙකු ද වූ වන්නිහාමි ය. මව විජේකෝන් අප්පුහාමිලාගේ කිරිමැණිකා වූවාය. අව් වැසි සුළඟින්…

රණ්බන්ඩා සෙනවිරත්න අභාවප්‍රාප්ත ව අදට අවුරුදු විස්සකි…. – තුෂාර ‌සෙනෙවිරත්න

රණ්බන්ඩා සෙනවිරත්න අභාවප්‍රාප්ත ව අදට අවුරුදු විස්සකි. . බන්දුල නානායක්කාරවසම්  නැමැති චිර ප්‍රසිද්ධ සංවේදී කලාකරුවා ට අනුව රණ්බන්ඩා සෙනවිරත්න වඩාත්  ජීවතුන් අතර රැදෙන්නේ අනාගතයේදීයි. . බන්දුල අයියාට අනුව රණ්බංඩාගේ කලාව තුල, කාල පරිදිය, සමාජ  සම්මතය,  සමාජ විශමතා වැනි සාමාන්‍ය කාරනා  අතික්‍රමණය කොට තිබීම විශේෂිතය.  ඒ නිසාවෙන්ම ඉහත කියමන රණ්බංඩාගේ  නොමියන නිර්මාණ හා කලාරසික හරස්කඩ අරබයා…

සිබිල් වෙත්තසිංහ සමුගනී

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහත්මිය මිය යනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.

ප්‍රවීණ පරිවර්තක තොම්සන් ඒ. වැන්දබෝනා සමුගනී

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිවර්තකයකු, ලේඛකයකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දින පොත, හැරී පෝටර් කෘති කිහිපයක්,  රෝල්ඩ් ඩාල් සහ අගතා ක්‍රිස්ටිගේ කෘති ඇතුළු ග්‍රන්ථ ගණනාවක් ඔහු සිංහල බසට පරිවර්තනය කර තිබිණි. විය සිදුරෙන් සසර දිටිමි හා සසර සහකරුවෝ වැනි නවකතා කිහිපයක්ද ඔහු ලියා ඇත.

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර ජීවිත ගමනට සමුදෙයි

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

රුසියානු සාහිත්‍ය උත්සවය අද (6) දා. චූලාන්නද ගේ කෘති තුනක් ජනගත කිරීම ද මෙම සාහිත්‍ය උත්සවයට සමගාමීව සිදුකෙරේ

කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රය හා රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන 2019 රුසියානු සාහිත්‍ය උත්සවය නොවැම්බර් 06 වැනිදා එනම් අද  පස්වරු 04.00ට කොළඹ නිදහස් රුසියානු සංස්කෘතික කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙ දී පැවැත්වේ. පුරෝගාමි රුසියානු ලේඛකයන් දෙපළක් වන ඇලෙක්සාන්දර් පුෂ්කින්ගේ 220 වැනි ජන්ම සමරුව, නිකොලොයි ගොගොල්ගේ 210 වැනි ජන්මසමරුව සහ රුසියානු සාහිත්‍ය නිර්මාණ වැඩිම ගණනක් සිංහලයට පරිවර්ථනය කළ ප්‍රවීන…