ගමන්පිල, විමල් ‍කෙහෙල් කැන ගෙන වැට පනිති! – ගෝටා අත්අඩංගුවට !

උදය ගමන්පිල හා විමල් වීරවංශ මහත්වරුන් පසුගියදා කළ ප්‍රවෘත්ති සාකච්ඡා මගින් සිදු කොට ඇත්තේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් බව තතුදත් දේශපාලන අංශ කියති. ඔවුන් දෙදෙනා කීවේ ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ සැලැස්මක් තිබෙන බවය. තතුදත් අංශ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගමන් පත්‍රයක් ලබාගැනීම ගැන දැනට කෙරෙන රහස් පොලිස් පරීක්ෂණවලදී…

නොපැසුණු සජිත් මංගලටත් කෙළියි

සජිත් ප්‍රේමදාස මහතා තමාගේ නොමේරූකම ප්‍රදර්ශනය කරමින් තමන්ගේ සගයකුටත් ප්‍රහාරයක් එල්ලකර ඇත. ඔහු කියා ඇත්තේ මෙරට භාණ්ඩාගාරය හිස් වී ඇති බවත්, නැත්නම් තවත් ගෙවල් හදන්නට තිබුණු බවත්ය. හෝමාගම ප්‍රදේශයේ දී පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කොට ඇත. මෙරට භාණ්ඩාගාරය ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා යටතේය. භාණ්ඩාගාරය හිස් වී ඇත්නම්, එහි ප්‍රධාන…

ජනාධිපතියි, කිලීයි සජිත්ට කෙළියි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට විහාලතම බාදාව වුයේ ඔහුට එය ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සිරස මාධ්‍යජාලය අධිපති කිලී මහරාජාත් එළිපිටම ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය බව එජාප ආරංචිමාර්ග කියයි. මේ දෙපාර්ශවයම මෙයට මැදිහත් වීම නිසා එජාපයේ සජිත්ට හිතවත්ව සිටි පිරිස් පවා ඔහුගෙන් ඈත් වු බව කියති. ජනාධිපති හා කිලී මහාරාජා එක්ව…

තනතුරුත් නෑ , පොදු ලකුණකුත් නෑ , මහින්ද , මෛත්‍රී දණ ගස්වයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති තනතුර හෝ වෙනත් ප්‍රබල තනතුරක් හෝ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවති සකච්චාවලදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ එකග වී නැති අතර පොදු ලකුනකටද එකග වී නැත . පොදුජන පෙරමුණේ ආකල්පය වී ඇත්තේ”සහය දෙනු නැත්නම් වැනසෙනු ” යන්න බව ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි . ජනාධිපති මෛත්‍රී පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතාට…

උදේ 04.00 සිට රෑ 12.00 දක්වා වැඩ කරන ප්‍රේමදාසගේ ක්‍රමය මෙන්න

තමා ජනාධිපති වුවහොත් උදේ 4.00 සිට රෑ 12.00 තෙක් වැඩ කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියා තිබිණි. මෙය රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් ක්‍රමයකි. ඔහු උදේ 4ට 5ට රජයේ නිලධාරින්ට දුරකතන ඇමතුම් දී නොයෙකුත් උපදෙස් දෙන්නට පුරුදු වී සිටියේය. ටික දිනකින් රටේ ප්‍රචාරය වුයේ ජනාධිපතිතුමා නොනිදා වැඩ කරන බවයි. කෙසේ වෙතත් මෙහි රහසක් ටික දිනකින්…

සිංගප්පූරුව ගැන නොදන්නාකම ගම්මන්පිල හෙළිකරයි

ලෝකයම ගැන මහදැනමුත්තකු ලෙස කයිවාරුගහන උදය ගම්මන්පිල මහතා සිංගප්පූරුව ගැන කිසිවක් නොදන්නා බව හෙළිකොට ඇත. ඔහු එසේ කොට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළහොත්, එදා තායිලන්තයෙන් කුමාරන් පද්මනාදන් කුදලගෙන ආ ලෙසන අර්ජූන මහේන්ද්‍රන් රැගෙන එන බව කියමිනි. සිංගප්පූරුවේ නීතිය ගැන දන්නා උදවිය ඒබඳු කතා නොකියති. සිංගප්පූරුවේ කිසිවෙකුට ගිනි අවියක් ළඟතබාගත නොහැකියි. ගිනි අවි රැගෙන කිසිවෙකුට…

|

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් කතාව බොරුවක් –

‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇතැයි ඔහුගේ අනුගාමිකයින් කියන කතා මුළුමනින්ම අසත්‍යක් බව ඇමරිකානු රාජ්‍ය ආයතනයක් විසින් නිකුත්කර ඇති ලේඛනයකින් අනාවරණය වේ. ඒ අනුව, පසුගිය කාර්තුවෙහි ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරමින් එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ  අභ්‍යන්තර ආදායම් සේවය (IRS) විසින් සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය…

|

මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනේ – හරීන්

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විරුද්ධවාදීන් එල්ල කරන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතිකයත් රැගෙන බදුල්ලේ රැළියට පැමිණෙන මෙන් ඒ මහතාගෙන් ඉල්ලා සිටියත් ඔහු එය මැඟහැරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිය සමීපතම දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ කණස්සල්ල පළ කර තිබේ.  “මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනෙ…

|

ගොටාභය ජයගත්තොත් ජනතාවට ඇමෙරිකන් ආර්යාවක් !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබූ ගොටාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් ජනාධිපතිවරණය ජය ගතහොත් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකන් ජාතික ජනාධිපති අර්යාවක් හිමිවනු ඇත . එසේ වුවහොත් ඇය හදුන්වනු ඇත්තේ අනෝමා රාජපක්ෂ (ලෝමා ) ආර්යාව වශයෙනි . ඇය තවමත් ඇමෙරිකානු පුරවැසි කාන්තාවකි . ජනාධිපති වෙන්න ගෝටා වාසනාවන්ත වුවහොත් අනෝමා ආර්යාවට මෙරට නොයෙක් සමිති සමාගම් වල තනතුරු ලැබීමේ වාසනාව හිමිවෙයි…

සජිත් අපේක්ෂකයා කරගන්න දෙවි පිහිට ඉල්ලති

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට දෙවි පිහිට ඉල්ලා දෙවියන්ට පොල් ගෙඩි දහසක් ගැසීමේ වැඩ සටහනක් පසුගිය සති අන්තයේ මුලතිව්හි ශ්‍රී කන්නජි අම්මාන් කෝවිලේ දී පැවැත්විණි. උතුරේ නිවාස ව්‍යාපෘතිවල නිවාස ලාභීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි බව කියති. වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඉදිකළ තවත් උදා ගම්මාන හතරක් මෙම සති අන්තයේ සජිත් ප්‍රේමදාස…

ගෝඨාභය හමුවන්න සජිත්, කබීර් හෂිම්ව යවන විට රනිල්, සාගල රත්නායක යවලා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුවීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයා ලෙස කබීර් හසීම් මහතා පසුගිය ඉරිදා යන විට රනිල්ගේ නියෝජිතයා සාගල රත්නායක මහතා කලින්ම ගොස් ගෝඨාභය හමුවී සාකච්ඡා කරමින් සිටි බව වාර්තා වෙයි. සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දිගටම රැඳී සිටීම නිසා කබීර් හසීම් මහතා ගෝඨාභය…

|

දොස්තර සාෆිට වැඩේ වැරදිලා! වඳ කළ අම්මලා දෙදෙනෙක් ගැබ් අරන් !!

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සියාබ්දීන් සාෆි විසින් වඳභාවයට පත් කරන ලැදැයි පසුගිය දා පැමිණිලි කළ මව්වරුන්ගෙන් දෙදෙනකු මේ වන විට ගැබ්ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අධිකරණ නියෝග මත මව්වරු වෛද්‍ය පරීක්ෂණයට යොමුකිරීම සදහා ඔවුන් අකමැතිවීමේ දී මෙම දැනුම් දීම සිදුකොට තිබේ. එම මව්වරුන් දෙදෙනාගෙන් නැවත කටඋත්තර ලබාගෙන නව තත්ත්වය අධිකරණයට…