|

අධි ආරක්‍ෂිත කලාප දැම්මේ ජවිපෙට ගහන්න විතරලු !

හදිසියේ අධි ආරක්‍ෂිත කලාප ගැසට් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය පුරහල සිට කොළඹ කොටුවට පැමිණීමට සැලසුම් කොට තිබු පෙළපාළිය විසුරුවා හැරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව තාවකාලික පියවරක් ලෙස බවත්, ජනාධිපතිතුමා පැමිණි වහා එය ඉවත් කරනු ඇති බවත්, ආණ්ඩුවේ ආරංචි මාර් ග ප්‍රකාශ කරයි. සමාජවාදී තරුණ සංගමයේ පෙළපාළිය 24…

රටින් ගෙනා සහල් වල සහල් තිබී නැති බවට වාර් තා !!!

  මෙරටට විදේශයෙන්  ආනයනය කළ සහල්වල සහල් ඇටයක්වත් නොතිබූ බවත්, තිබුණේ ඊයම්, කැඩ්මියම් , ර්මකරි , කැඩ්මියම් පමණක් බවත්, අද මෙරට ප්‍රධාන පුවත්පත් දෙකක් පළ කොට වෙනත් මාධ්‍ය මගින් ද උපුටා දැක් වූ පුවතකින් හෙළිදරව් වෙයි. එම පුවතට අනුව එම සහල්වල ඊයම් සියයට 47 ක් ද, ර්මකරි සියයට 20 ක් ද, කැඩ්මියම් සියයට 26 ක්…

|

අද සැප්තැම්බර් 9 : බැසිල් ගෙදර යයි !

  අද, සැප්තැම්බර් 9 දා උදැසන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත. අද උදේ ඩුබායි බල පිටත් වූ ගුවන් යානයකින් ඩුබායි බලා ගිය ඒ මහතා එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකාව බලා යාමට නියමිත ය. අප්‍රේල් 9 දා ගෝටා ගෝ ගම අරගලය ආරම්භ වූ අතර මැයි 9 දා අගමැති මහින්ද රාජපක්ෂ…

|

ජනාධිපති රනිල් විපක්ෂ නායක සජිත්ගේ අම්මා මතක් කරයි !!!

ර්පලිමෙන්තුවට අද හදිසියේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අම්මා මතක් කොට ප්‍රකාශයක් කොට පිටව ගියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් වියදම් කර ඇතැයි විපක්ෂයෙන් නගා ඇති චෝදනාවක් ගැන සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 400 ක් තබා රුපියල්…

|

සියල්ල ගින්නෙන් විනාශයි ; නව ජනපතිට අලුත් ඇඳුම් මහන්න වෙලා !

  තම පෞද්ගලික නිවෙසට කැරලිකරුවන් ගිනි තැබීමෙන්  ඇඳුම් පැළඳුම් විනාශ වී ඇති නිසා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධික වැඩ කටයුතු අතර ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට ද කාලය වෙන් කිරීමට සිදුව ඇති බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු ඇඳුම් ගිනිගත් නිවසේ ගින්නට හසු වී විනාශ වී ඇති බව කියති. එබැවින් පසුගිය දිනවල ද තම…

ඉන්ධන අර්බුදයට ජනපතිගෙන් ක්ෂණික විසඳුමක් ; අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරයි

  රට මුහුණ දී තිබෙන ඉන්ධන සහ විදුලි අර්බුදයට ක්ෂණික විසඳුමක් ලබා දෙමින් ඒ සියල්ල අත්‍යවශ්‍ය සේවා ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කොට තිබේ . ඊයේ රාත්‍රියේ නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය මගින් විදුලි නිෂ්පාදනය සහ  සැපයුම, ඉන්ධන නිෂ්පාදනය සහ බෙදාහැරීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සේවා අත්‍යවශ්‍ය බව ප්‍රකාශයට…

|

සුළං ව්‍යාපෘතිය අදානිට දෙන කතාව කියවුණේ මගේ ඔලුව මඤ්ඤං වෙලා – ලංවිම සභාපති කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

  මන්නාරමේ සුළං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා ඇති බවත් ,ඒ අනුව එය ලබා දීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිතුමා තමාට පැවසු බවට කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා  සමාව ඉල්ලා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින්…

|

නව කැබිනට් ප්‍රකාශක බන්දුල නා ගෙන ම පටන්ගනී ; දේශපාලන ප්‍රකාශයට මාධ්‍යවේදී විරෝධය

  නව කැබිනට් ප්‍රකාශක ලෙස පත්වීම් ලද ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීම සහ ඒවා පළිබඳ ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට තිබෙන කාලය තම දේශපාලන ප්‍රකාශයක් සඳහා යොදා ගැනීම අද දින කැබිනට මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ය. සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන කැබිනට මාධ්‍ය සාකච්ඡාව විනාඩි 45 කට…

විනෝදයට පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා !!! – සීපෙට්කෝ

පෙට්‍රල් අත්‍යවශ්‍ය අය හැර අනෙක් අය අද දිනයේ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස සීපෙට්කෝ ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් ඉල්ලීමක් කොට තිබේ. ඒ අනුව විනෝදය සඳහා හෝ වෙනත් කාරණයක් සඳහා හෝ ජනතාව පැය හතර පහක් පෙට්‍රල් පෝලිම්වල සිටීමෙන් අද දිනය තුළ වැළකී සිටිය යුතු ය. එබඳු තැනැත්තන්ට හෙට දිනයේ සිට එම අවස්ථාව උදාවනු ඇත….

මහින්දගේ මව් , පියා දෙදෙනා ම බිම ; පළමුවත් බිම , දෙවනුවත් බිම, තෙවනුවත් බිම

මැදමුලන ඉදිකොට තිබු මහින්ද රාජපක්ෂගේ මවගේ සහ පියාගේ ස්මාරක බිම දමා විනාශ කොට එම ස්ථානයට ගිනි තබා ඇති බව වාර්තා වෙයි. රුපියල් මිලියන 33 ක් රජයේ මුදල් යොදා ඉදිකරන ලද මෙම ස්මාරක පිළිබඳව චෝදනා එල්ල වී තිබු අතර ගොටාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු එම නඩු ඉවත් කරගනු ලැබී ය. ගෝටාගොගමට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු…

ගෝටා ගෙදරින් යයි !

GOHOMEGOTA හෙවත් ගෝටා ගෙදර යනු නොනවතින උද්ඝෝෂණ ව්‍යාපාරය ගාලු මුවදොර ආරම්භ වෙද්දී , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි තම නිවසෙන් ඉවත්ව ගොස් ඇති බව ප්‍රදේශයේ තතුදත් ආරංචි මාර්ග කියයි. එමනිසා පසුගිය දිනවල ජුබිලි කනුව මංසන්ධියේ සිට ඇඹුල්දෙනිය දක්වා ප්‍රදේශයේ යොදා තිබු දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව ද අඩු කොට ඇති බව අපගේ ආරංචි මාර්ග…

|

“මම අවුරුදු ගණනක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා” ! – අගමැති මහින්ද රාජපක්ෂ

මම අවුරුදු ගානක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍ය වාර්තාවක් මගින් කියයි. එහි සඳහන් වන ආකාරයට අගමැතිතුමා මෙම ප්‍රකාශය සිදුකොට ඇත්තේ ඒ මහතා ජනාධිපති සමයේ ප්‍රබල චරිතයක්ව සිටි ආයතන සභාපතිවරයකු වන ප්‍රියත් බන්ඳු වික්‍රම මහතා සමග ය.  වත්මන් අර්බුදය විසඳීමට මැදිහත්වන්නැයි ඉල්ලීමට තමා…