වීරවංශට , ගම්මන්පිලට ,වාසුට අගමැති රනිල්ගෙන් කැරට් අල !

විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයෙදී දැඩි වාග් ප්‍රහාර එල්ලකළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශවල උපදේශක කාරක සභා පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවට ඔවුන් කැදවා සුහද හා ඵලදායි සාකච්චාවක නිරත වූ බව වාර්තාවෙයි . එහිදී බොහෝ වැදගත් තීන්දුවලට එළබි බවත් ,යළිත් ලබන සතියේ රැස්වීමට තීරණය කළ බවත් අපගේ ආරංචි මාර්ග කියයි…

ඇන්. ඇම්. පිළිරුව පවුලේ බූදලයක් බව තිස්ස කියයි.

රුවන්වැල්ලේ ඉදිකර ඇති ඇන්. ඇම්. පෙර්රාගේ පිළිරුවට පුෂ්ප උපහාරයක් පැවැත්වීම පිණිස ගිය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නට පිළිරුව පිහිටි භූමියට ඇතුල්විය නොහැකිව ගේට්ටුවේ මල්කළඹ ගසා ආපසු කොළඹට පැමිණිමට සිදුවූ බව යුක්තියට වාර්තාවේ. මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ  ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තුන් කෝරළයේ ජනතාවට  කළ සේවයට උපහාරයක් ලෙස ඉදිකර ඇති මෙම පිළිරුව  පිහිටි ඉඩම අයත් වන්නේ රුවන්වැල්ල ප‍්‍රාදේශීය…

නියෝජ්‍ය ඇමැති හර්ෂට ඉන්දියාවෙන් ගිලන් රථ සේවයක්

ශ්‍රී ලංකාවට හදිසි ගිලන්රථ සේවයක් ලබාදීමට ඉන්දියාවේ අගමැති මෝදි මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග ගිවිසුමකට අත්සන් කළේ  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයාව සිටියදී කරනලද ඉල්ලීමකට අනුව බව තතු දත් ආරංචි මාර්ග කියයි . හදිසියේ අසනීපවන රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර ලබාදෙන මෙබදු ගිලන් රථ සේවා ඉන්දියාවේ ප්‍රාන්ත දහ හතක ක්‍රියාත්මක…

එජාපයේ තිස්දෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති !

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගන්න බව කියන සන්ධානයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනාට අමතරව ඇමතිධුර නොලද එජාප මන්ත්‍රීවරුන්  තිස් දෙනකුට වැඩි පිරිසක් ද විපක්ෂයේ අසුන්ගනු ඇතැයි පාර්ලිමේන්තුවේ අපේ ආරංචි මාර්ග කියයි . මෙයට හේතු වී ඇත්තේ මෙම පිරිසට අසුන් ගැනීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ප්‍රමාණවත් නොවීමයි . නව ආණ්ඩුවේ ඇමැති ,රාජ්‍ය ඇමැති, හා නියෝජ්‍ය ඇමැති තනතුරු දරණ අනු තුන්…

විපක්ෂ නායකකම ඉල්ලා අත්සන් කළ අය ඇමතිකම් අරන් ආණ්ඩුවේ !

තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගන්න බවටත් , විපක්ෂ නායක තනතුර කුමාර වෙල්ගම මහතාට ලබාදෙන ලෙසත් , ඉල්ලා ජනාධිපතිතුමාට පසුගියදා යවන ලද ලිපියට අත්සන් කළ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇමැති ධුර, රාජ්‍ය ඇමතිධුර , හා නියෝජ්‍ය ඇමතිධුර ලබාගෙන ආණ්ඩුවට එකතුවී ඇත . මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තදින්ම පෙනීසිටි උදවියද ඒ අතර වන බව පෙනෙන්නට තිබේ . එක්සත්…

කොට ඇදපු අලි ගාලට දක්කා සන්ධාන අලි පෙරහැරේලු – ගමේ අලින්ගෙන් මැසිවිලි

වසර විසි  එකක් විපක්ෂයේ සිටිමින්, හිරිහැර , තාඩන -පීඩන , මරණ තර්ජන වලට මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට කොටන් ඇද්ද නායකයන්ට කුඩම්මාගේ සැලකිලි හිමිවෙද්දී සන්ධානයේ උදවිය හොදම ඇමැති තුනතුරු හිමිකරගෙන ඇති බවට ගමේ එජා පාක්ෂිකයෝ මැසිවිලි නගති . දිගටම තමන් සමග සිටි කැපවීම් කළ නායකයින්ට තනතුරු ලැබී නැති බවත් ඒ වෙනුවට තනතුරු…

දිසා ඇමැතිකමත් රැගෙන මහින්ද එනතුරු කුරුණෑගල ජනයා මග බලා සිටිති

යහ පාලන ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කොට  ඇති ප්‍රතිපත්ති අනුව කුරුණෑගල දිසා ඇමැති තනතුර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට හිමිවිය යුතු බව කියන කුරුණෑගල ජනයා එතුමා එම ඇමැති ධුරය ලබාගෙන තමන්ට සේවය කිරීමට පැමිණෙන තෙක් මග බලාසිටින බව “යුක්තිය”ට වාර්තා වෙයි . දිස්ත්‍රික් ඇමතිකම් ලබාදෙන්නේ දිස්තික්කය දිනු පක්ෂයේ ඇමතිධුර හිමි නොවන මන්ත්‍රී වරුන්ට බව ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කොට…

මැලේසියාවේ සිටි අහිංසක කේ පී කුදලාගෙන විත් රජය ලෝක අපරාධයක් කරලා !

මැලේසියාවේ කුවාලාලම්පුර් නුවර හෝටලයකට වී අහිංසක නිදහස් ජීවිතයක් ගත කළ කුමාරන් පත්මනාදන් නමැති අහිංසකයා කුදලාගෙන ගුවන් මගින් පැහැරගෙන ඒමෙන් ශ්‍රී ලංකා රජය ලෝක අපරාධයක් සිදුකොට ඇති බව ඇතැම් නීතිවේදීහු පෙන්වා දෙති . ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ කේ පී කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අහිංසකයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට පසුගියදා දැනුම්දීමෙන් පසුවය . 2009 අගෝස්තු 05 දා…