ගෝඨා ගත්තොත් බරපතල තත්ත්වයක්

මේ සතියේ නිව්ස් මෑන් හරක් වීරසේකර ගොයියට කතා කළේ ගෝඨා වීරයා අත්අඩංගුවට ගත්තොත් අදාහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ඇති වනු ඇතැයි ඔහු කියූ ප්‍රකාශයක් පැහැදිලි කරගන්නටය. ඇත්ත වශයෙන්ම හරක් මහත්තයා මොකක්ද ඔබ කියන බරපතළ තත්ත්වය කියා නිව්ස් මෑන් ඇසූ විට හරක් මහතා එකවරම කීවේ, ඒක අදහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ය කියා ය. එවිට නිව්ස් මෑන් යළිත්…

මෛත්‍රිට 2020 ජනපතිවරණයට තරඟ කරන්න පොල්ලක්!

2020 ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට හෝ තරඟ කිරීමට නුසුදුස්සකු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්ව ඇත්දැයි දේශපාලන නිරීක්ෂකයෝ සැක පළ කරති. එසේ වීමට හේතුව නම් ජනාධිපතිතුමා කොරියානු නිල සංචාරයේදී ‍සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවණීය පුරවැසිභාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමයි. පසුගිය නොවැම්බර් 30 වැනිදා ‍සෝල් මෙට්‍රොපොලිටන් නගරාධිපති පාර්ක් හේන් සුන් මහතාගේ නිල කාර්යාලයේ දී පැවැති…

ආණ්ඩුව සයිටම් සටන අහෝසි කරයි !

සයිටම් සටන සාර්ථක ලෙස අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවත් එබදු සටනකට ඉදිරියේදී ඉඩ නැති තත්ත්වයට පත් කොට ඇති බවත් දේසපාලන විචාරකයෝ කියති . සයිටම් සටන්කරුවන්ට මතුපිටින් ජය අත් වූ බව පෙනී ගියද ඔවුන්ට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගීමට ආණ්ඩුවට හැකිවූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කේවල් කිරීමේ ශක්තිය හොදටම දුර්වල කිරීමට හැකිවීය ….

මෛත්‍රීගේ “යක්ෂයා ” තොප්පිය මහින්ද රාජපක්ෂ දා ගනී !

යාපනයේ සංචාරය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී යක්ෂයා කීවේ තමාට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාස කොට ඇත . තිස්සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන තුන ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා ඇත .” යාපනේ යන්න පාර හදලා දුන්නෙත් මම – මම හදපු පාරේම ගිහින් දැන් මට යකා  කියලා…

ගෝඨාභයගෙ ‘එළිය’ ට මහින්දගෙන් ‘වලිය’

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ආරම්භකළ ‘එළිය’ වැඩසටහනට මහින්ද රාජපක්ෂ මහතා වලි ඇද ඇති බව එම කණ්ඩායමේ ආරංචිමාර්ග මගින් දැනගන්නට ඇත. මෙවැනි වැඩ තවත් නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි ලෙස අවවාද කර ඇති බව කියති. කණ්ඩායමේ අනාගත නායකත්වයට ගෝඨාභය පත් කරන්නැයි ඉල්ලීමට මහින්ද හමුවූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමට මහින්ද…

ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත් නොවුනොත් ඒකාබද්ධයෙන් ඉවත් වෙනවා – විමල් වීරවංශ තර්ජනය කරයි. ඉවත් වෙන්නේ නෑ මහින්ද තීරණය කරයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කොට ඇති සර්ව පාක්‍ෂික මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් නොවන්නේ නම් තම පක්‍යේ මන්ත‍්‍රීවරුන් පස්දෙනා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකත්වයට දන්වා ඇත. එසේ වුවද එම කමිටුවට දිගටම සහභාගිවීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් රැුස් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් තීර්ණය කොට ඇත….

ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත්වෙයි!

මී ළ`ග ජනාධිපතිවරණයේ දී තම අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් නායකයන් කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසි දිනක දේශපාලයට නොඑන බව ප‍්‍රකාශ කොට ඇත. මහනුවර දී මාධ්‍යවේදීන් ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ තම පවුලේ පරම්පරා තුනක් දේශපාලනය කළ ද තමන් දේශපාලනයට කිසි දිනක නොඑන බවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන…

බැඳුම්කර ගැන අගමැති කළ ප්‍රකාශය විගණකාධිපති දන්නේ නැතිලු

සෘජු ස්ථානගත කිරීම් යටතේ බැඳුම්කර නිකුත් කිරීම විනිවිදභාවයක් නොමැති වංචා දූෂණ සහිත ක්‍රමවේදයක් බැවින් එම ක්‍රමවේදය නවතා දමා වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ ඊයේ (15) සාක්ෂි දෙමින් පැවසීය. අගමැතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධව සැළකිල්ලක් නොදක්වමින් සාක්ෂිකරු සාක්ෂි…

විපතට පත්වුවන්ට චංගුමිගෙන් ඩොලර් 50,000 ක ආධාර

  මෙරට රසික හදවත් දිනා ගත් කොරියානු ටෙලිනාට්‍යයක් වූ සුජාත දියණි නාට්‍ය චංගුමිගේ චරිතයට පනදුන් ලී යංග් විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව වෙත අමෙරිකානු ඩොලර් 50000 මුදලක් පරිත්‍යාග කර ඇත. එම ආධාර මුදල ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් විසින් කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංගා නිකපිටිය මහත්මිය වෙත ඊයේ(05) භාරදෙනු…

කළුකොඩි විමල් අනාථයි ; මහින්ද , ගෝටා, ජී එල් , ඉල්ලාගෙන ගොස් මොදී ට අත දෙයි .

මහින්ද රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ සහ ජී එල් පීරිස් මහත්වරුන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක් කර හමුවීමේ අවස්ථාවක් ලබාගෙන ඔහු හමුවී සුහද කතාබහක නියැලීම නිසා මොදිට කළුකොඩි දමන්නට කියූ විමල් වීරවංශ සම්පුර්ණයෙන් අනත වූ බව දේශපාලන අංශ කියයි . විමල්ගේ කළුකොඩි යෝජනාවට හැම අතින් ම විරෝධය පල වූ අතර අවසානය වනවිට කිසිවකු ඔහුට සහය දීමට ඉදිරිපත් වුයේ…

මහින්ද ජනාධිපති කාලෙත් විමල් හිරේ ඉඳලා

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටියදීත් විමල් වීරවංශ මහතා සිරගගතව සිටියේදැයි දේශපාලන නිරීක්‍ෂකයෝ ප‍්‍රශ්න කරති. මෙම ප‍්‍රශ්න කිරීමට හේතුව නම් සිරගතව සිටින විට කළ හැකි එකම විරෝධය උපාවාසය බව ඒ මහතා ප‍්‍රකාශ කොට තිබීමයි. පසුගිය රජය සමයේ බෑංකිං මූන්ට එරෙහිව ද ඒ මහතා උපවාස කළේය. ඒ එකලද සිරගතව නිටිනිසා වෙනත් ක‍්‍රියාමාර්ග නොවූ නිසා දැයි දේශපාලන නිරීක්‍ෂකයෝ…

අපේ හාමුදුරුවනේ, මුන් ධර්ම චක්‍රයෙන් කොකිස් හදලා – නිශාන්ත කමලදාස

ධර්ම චක්‍රයක් විදිහට පෙනෙන සේ සකස් කරන ලද පිටි ඇනුම ගැඹුරු නටන තෙල් තාච්චියක දමා බදින්නේ මොන හිතකින් ද යනු මට හිතා ගන්නටත් බැරි ය. අපි හිතුවාට කොකිස් දේශීය කෑමක් නොවේ. එය ලන්දේසි කෑමකි. ඒ අරුතෙන් ධර්ම චක්‍රය තෙලේ බදින්නට සලස්වා ඇත්තේ ලන්දේසීන් ය. බුදු රුවක් වෙනුවට ධර්ම චක්‍රය යොදා ගෙන ඇත්තේ අපහාසය කෙළින් නැතුව…