අඩෝ රනිල් න්‍යාය සහ ආර්ථික උපාය මාර්ග – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මහජන යහපත යන්න උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය විවාදය අතර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තුළ ගැබ් වී ඇති යථාර්ථය කිසිවෙකුට බැහැර කළ නො හැකිය.ජනාධිපති වරයා සිය කතාවේදී රට අසීරුවට පත් අවස්ථාවේ මහජන මුදලින් යැපෙන දේශපාලනඥයන් සිය දේශපාලනික වගකීම් මග හැර යමින්  සිටියදී මහජන යහපත වෙනුවෙන් තමා ඉදිරිපත්ව සිටින බව කීය. අතීතයට යයි නම් රනිල් රටේ ජනාධිපතිවූ…

|

අවුකන කිළිටි කළ අමන බෞද්ධයෝ – අනුර සූරියබණ්ඩාර .

  අවුකන පිළිමයට සිවුරු පෙරවීම මහත් ආන්දෝළනයකට තුඩුදී ඇති බව පෙනෙන්නට තිබේ. අදාළ පාර්ශවය කියා ඇත්තේ සිවුර පොරවන ලද්දේ බාරයක් ඔප්පු කරන්නට බව රූපවාහිනී ප්‍රවෘත්ති අනුව කියැවිණ. දෙවියන්ට පණට පණක් පුදන්නට බාර වන්නා සේ බුදු පිළිමවලට සිවුරු පූජා කරන්නට බාර වීම සාධාරණීකරණය කළ හැකි වන්නේ කවර බුද්ධාගමකට අනුවද යන්න පැහැදිලි නැත. අප දන්නා බුදුන් වහන්සේ…

රණ විරුවෝ ඉල් විරුවෝ සහ අන් විරුවෝ // – සම්පත් අමරසිංහ

  While the Revolution of 1776- 1783 created the United States, the civil war of 1861- 1865 determined what kind of nation it would be – Dr James McPherson ( A Brief Overview of the American Civil War ) ජේම්ස් මැක්පර්සන් කියන ආකාරයට 1776- 1783 විප්ලවයෙන් එක්සත් ජනපදය ගොඩනැගුණා සේම 1861 – 1865 සිවිල් යුද්ධය…

මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය – අජිත් පැරකුම් ජයසිංහ ( AI සහාය ඇතිව )

    ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනය 2023 දී මිලියන 47.3 ක් පමණ වනු ඇතැයි ගණන්…

|

රටේ ස්වාභාවික පිහිටීම ආර්ථිකයට සවියක් කර ගන්න පුළුවන් – ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ

  2024 අය වැය යෝජනා මඟින් ලැබෙන ප්‍රතිලාභ මෙරට ආර්ථික සහ සමාජ තත්ත්වය ගොඩනැඟීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද රටේ ආර්ථික ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පසුගිය වසරක කාලය තුළ සිදු වූ ආර්ථික ප්‍රවණතා රටේ ආර්ථික වර්ධනයට බලපෑ ආකාරය 2022 වර්ෂයට වඩා වර්තමානයේදී ආර්ථික තත්ත්වය කෙතෙක් දුරට ස්ථාවර ද යන්න පිළිබඳව ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත…

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? – මහාචාර්ය රොහාන් සමරජීව

රජය කියා සිටින්නේ සමහරුන් අන්තර් ජාල පණිවිඩ (අන්තර්ගතයන්) නිසා හානි අත්විඳින බව යි. ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පත විවේචනයකරන සියලු දෙනා නොවේ නම් සමහරු එයට එකඟ වනු ඇත. මතභේදයක් ඇත්තේ මෙම නීතිය එයට විසඳුම ද යන්න පිළිබඳව ය. මා පහත පෙන්නුම් කරන්නේ මෙමගින් ඉදිරිපත් කරන විසඳුම නිෂ්ඵල බව යි. හානි මගින් පීඩාවට ලක්වන තැනැත්තන්ගේ තත්ත්වය මෙයින්…

|

රාජ්‍ය ආයතන රැක ගනිමු ! ( වෘත්තීය සමිතිවලින් ) // – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

  තැපෑල රකින්නට, සෞඛ්‍යය රකින්නට,දුම්රිය රකින්නට, ආදි වශයෙන් රාජ්‍ය ආයතන ආරක්ෂා කරන්නට මේ දිනවල වෘත්තීය සමිති මහත් සටනක් කරමින් සිටිති. ඔවුන් මේ ආරක්ෂා කරන්නට සැරසෙන්නේ කවරාකාර ආයතන පද්ධතියක් ද යන්න පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සාහ දරමි. මගේ මිතුරියකට දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ෆෝල්ඩරය සකසා ගැනීමට අවශ්‍ය…

රොෂාන්ගේ දිගට සජිත්ලාත් වරපට සකසා ගැනීම – නිශ්මං රණසිංහ

  මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම දේශපාලනයට ද තීරණාත්මකය.දේශපාලන වශයෙන් ගත් විට ක්‍රීඩා සරුංගලයක නූලේ එල්ලී අහසට යන්න සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතා අඩුම තරමේ ඔහුගේ පක්ෂයට සම්බන්ධ ඊ පුවත්පත විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැසිරීම නිසා ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම හෝ කියවාගෙන නැත. මහා මුදල් ධනස්කන්ධයක් ගැවසෙන ක්‍රිකට් සමඟ විපක්ෂ නායකතුමා සහ සජබෙ…

රාජපක්ෂලාගේ සිවිල් අයිතිවාසිකම් තහනම් කිරීමට සජිත්ලා අනුරලා  බයයි ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රට බංකොලොත් කිරීම නිසා තම මූලික අයිතිවාසිකම්  කඩ වූ බවට ගොනු කළ මූලික අයිතිවාසිකම්පෙත්සම් විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ බහුතරය, මහින්ද බැසිල් ගෝඨා යන රාජපක්ෂලා ඇතුළු නිලධාරින් පිරිසක් ඊට වගකිව යුතු බවට තීන්දු කළහ.මේ තීන්දුව ඇසූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු කීවේ දිගු කලකට පසුව රටේ අධිකරණයක් පවත්නා බවට දැනුණ බවය. තවත් පුරවැසියෙකු මේ ආකාරයට රටට…

|

මෙවර අයවැයේ ඓතිහාසික තීන්දුව ‘සින්නක්කර ඉඩම් අයිතියයි’ – දුලාන් දසනායක 

මෙවර අය වැය යෝජනාවලිය තුළ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරන රජයේ ඉඩම් පුද්ගලික අයිතියට නිදහස් කිරීමේ යෝජනාව ඉතා වැදගත් සහ කාලීන යෝජනාවක් බව දේශපාලන විශ්ලේෂකයකු වන නීතිඥ දුලාන් දිසානායක පවසයි. Right to life Human Rights Center හි නීති අධ්‍යක්ෂ වරයා වන දුලාන් දිසානායක එබව සඳහන් කර ඇත්තේ, Aithiya Media යු ටියුබ් නාලිකාව වෙත අදහස් දක්වමිනි….

|

ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා ඒම නතර…

|

අයවැය සර්කස් හරහා යථාර්ථය කියවීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලංකාවේ  අයවැයත් සර්කස් එකකි. සර්කස් නරඹන්නන් ජොලියට වැඩි යමක් කිසි විටෙකත් අපේක්ෂා නො කරති.හේතුව ඒවා බරපතල රැවටිලි හෝ ඇස්බැන්දුම් නිසාය. නිදහස් ලංකාවේ 75 වසරින් වැඩි කාලයක් ලංකාවේ වාර්ෂික අයවැය සර්කස් සංදර්ශණයක් වීමෙන් රටටත්, අපටත්  සිදුවී ඇති වින්නැහිය ගැන කිසිවෙකු කලබල විය යුතු නැත. ගිය සඳුදාත් අප අයවැය නමින් දුටුවේ තවත් සර්කස් එකක් පමණකි.   අයවැය…