|

නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය ඇයි? – ධනනාත් ප්‍රනාන්දු

      ලංකාවේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් සඳහාවත් වියදම් කිරීමට මුදල් නොමැති තත්ත්වයකය. 2024 දී රටේ ආර්ථිකය මන්දගාමීවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කාරණය යි. එනම් ජනතාවගේ අතේ මිටේ සල්ලි නැතිකම ය. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් සහ මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව පැවැති භාණ්ඩ හා සේවා…

|

මේ අවුරුද්ද කොහොම වෙයිද? – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින්…

අසත්‍ය ප්‍රවෘත්ති මවන්නෝ – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

      2024 වසර උදා වෙද්දී රට සම්බන්ධයෙන් ඉතා හෘදයාංගම තොරතුරු රැසක් වාර්තා වීම සියලු දෙනාගේම සතුටට හේතු වනු ඇත. දෙසැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම දෙලක්ෂය ඉක්මවා ඇතැයි වාර්තා වේ.  ආර්ථික වර්ධනය කාර්තු 6 කට ආසන්න කාලයක් සෘණ මට්ටමකට පත්ව තිබියදී පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී ධන වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී…

|

වැට් බද්ද හා බඩු මිල – ඉකොනොමැට්ටා

වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු. තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ…

|

නව වසරේ අභියෝග ත්‍රිත්වයක් – මහාචාර්ය සිරිමල් අබේරත්න

වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක්…

|

නිෂ්පාදන ආර්ථිකය – ඉකොනොමැට්ටා 

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා. ඔහොම තිබුණු ලංකාවේ…

විමල් හොයන බිලි boy කවුද? – රටේ රාළ

සාමාන්‍යයෙන් රටේ රාළ පිලි නොගත්තත් විමල් කියන්නේ ජාතිකවාදියෙක්,අධිරාජ්‍යය විරෝධියෙක් කියලා පිලිගන්න පිරිසක් ඉන්නවා.දැනුත් එහෙම හිතන අතලොත්සක් හරි ඇති,විමල් ඊටත් වැඩිය ප්‍රසිද්ධ උග්‍ර රනිල් විරෝධියෙක් විදිහටයි.රනිල්ට දේශපාලන වශයෙන් විමල් කරපු හානිය වෙන කවුරුවත් කරලා නෑ.පෞද්ගලික අපහාස ගොඩකුත් ඒවා ඇතුලේ තියනවා. විමල් කියන ජාතිකවාදී දේශප්‍රේමියාට,එහෙමත් නැත්තං උග්‍ර රනිල් විරෝධියාට මේ දේශපාලන situation එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ.මිනිහා…

|

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම – ඉකොනොමැට්ටා

ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා…

|

එදවස මෙදවස වෙනස – සුනන්ද මද්දුම බණ්ඩාර

2023 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින 04 කි. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කවර ආකාරයේ වෙනස්කම් ගත වූ වසර තුළ ඇති වූයේ ද යන්න සමාලෝචනය කිරීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන්නේ 2024 වසරේ දී කවර ආකාරයක තත්ත්වයකට රටට මුහුණ දීමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එය උපකාර…

සමුපකාර හා සමාගං කඩ – අජිත් පැරකුම් ජයසිංහ

  සමුපකාර යනු නිශ්චිත අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජ කණ්ඩායම් විසින් පිහිටුවා ගන්නා, පොදු අයිතිය සහිත සාමූහික සංවිධාන විශේෂයකි. සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් එමගින් පුද්ගලයන් සවිබල ගන්වනවා. ප්‍රජාවන්…

|

විදේශ අංශයේ තුලනය – ඉකොනොමැට්ටා

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා. ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම…

|

අවුකන පුවතේ ලංකාව – තිසරණී ගුණසේකර

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology) තුළ පුද පූජා විධිමත්ව හැදෑරීමට විශේෂ තැනක් හිමිවේ. මෙම ක්‍රමවල විකාශනය හරහා අදාළ සමාජයේ පරිවර්තනයන් පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකි බව සංස්කෘතික මානව විද්‍යාව උගන්වයි. ලංකාව තුළ ආධිපත්‍යධාරී සිංහල-බුද්ධාගමේ පුද පූජා…