|

ශ්‍රී ලංකාව පෙට්‍රල් ඩිසල් වලට ගහන බද්ද හොදටම මදි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි

පෙට්‍රල් සහ ඩිසල් සදහා ශ්‍රීලංකාව අය කරන බදු මුදල ඒවා පාවිච්චියෙන් සිදුවන හානි පුරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරයි . දැනට පෙට්‍රල් වලින් අයකරන රුපියල් 65ක බද්ද රුපියල් 91.35ක් දක්වා ද ඩිසල් වලින් අයකරන රුපියල් 15ක  බද්ද රුපියල් 61ක් දක්වාද වැඩි විය යුතු බව මුල්‍ය අරමුදල කියයි…

නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි – අජිත් පැරකුම් ජයසිංහ

නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති “ජාතිවාදී ජාන” නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය. 1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට “ජාතිවාදියෙක්” වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism)…

සංශෝධන නොව ජනතාව ඉල්ලන්නේ අලුත් ම ව්‍යවස්ථාවක්- ජනතා අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති – නීතිඥ ලාල් විජේනායක

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව ජනතාවගේ අදහස් විමසන්නට අපි පටන්ගත්තේ කොළඹින්. ඉන් පසුව පිට පලාත්වලට ගියෙමු. හැම දිස්ත්‍රික්කයකම අඩු ගණනේ ජනතාවගේ අදහස් විමසුවෙමු. කොළඹ දිස්ත්‍රික්කය තුළ අදවන විට දින 8ක් තිස්සේ අදහස් ලබාගෙන තිබේ. ඒත් ඉවර කරන්නට නොහැකි වි ඇත. සමහර දිස්ත්‍රික්කවලට අපි 5 දෙනෙක් ගියාට අපි දෙදෙනා හා තුන්දෙනා බැගින් බෙදාගෙන කරලත් ඉවර කරන්නට නොහැකි විය….

මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක් බව අද හොඳින් පෙනීයමින් තියෙනව – සම්මානලාභි සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ

මහින්දගෙ පරාජයේ වරද තමන් අතේමයි. ඒ තමයි ජාතිවාදය. ඒක ඔහුට අමතකවෙලා තියෙන එක තමයි පුදුමය. ඔහුට ජනතාව ඉගැන්වූ පාඩම අමතක වුනේ කොහොමද කියන එක හිතන්නවත් බැහැ. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක්. ඒක අද හොඳින් පෙනීයමින් තියෙනව. පසුගිය රජය නියෝජනය කළ, තමාගේ තනතුරේ තත්ත්වයට නොගැලපෙන වැඩ කිරීමට සුප‍්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වූ මර්වින් සිල්වා රූපවාහිනී…

මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ. මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය….

රැකියා විරහිතබවේ බෝම්බය – සමාජ විද්‍යා සම්මාන මහාචාර්ය අශෝක් බාසු

ලෝකය පුරා දේශපාලන නායකයන් පරිස්සම් විය යුතුය. ඔබගේ දේශපාලන ක‍්‍රමය කුමක් වුවද අද ඔබගේ රටවල සිටින රැුකියා විරහිත හා ඌන රැුකියා නියුක්ත තරුණයන් ඔබගේ නීත්‍යනුකූල ආවරණ අවුල් කර ඔබගේ බලය ලබා ගැනීමට හැකි විනාශකාරී බලවේගයක් බවට පත්ව ඇත. පාසල් හැරගිය හා විශ්ව විද්‍යාලවලින් උපාධි ලැබූ නමුත් තමන්ගේ ආණ්ඩු විසින් නොතකා හරිනු ලැබ ඇති නිසා කලකිරීමෙන්…

මහින්දට යළි බලය දෙන්නට නම් – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය. ඔහු කළ බව කියා උදම් අනන…

රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද? – අජිත් පැරකුම් ජයසිංහ

දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත. මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව…

සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු! – අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය. රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව…

යහපාලන පාලනයක් ලැබුණෙ හිතුවක්කාරව, දඩබ්බරව ක‍්‍රියාකරන්න නෙමෙයි – අමාත්‍ය පාඨලී චම්පක රණවක

අපේ රට සෑහෙන අවස්ථා ප‍්‍රමාණයක් අහිමි කරගත්ත රටක්. අපිට ලැබිය යුතුව තිබූ ස්ථානය අහිමි වූ රටක්. එහෙම වුනේ ඇයි කියන එක පිළිබඳව අපි මැදිහත්ව කල්පනා කර බැලිය යුතුයි. අපිට නිදහස ලැබෙන විට ඉන්දියානු සාගරයේ කොළඹ වරායට හිමි වුනේ මේ මුළු ලෝකෙන්ම පස් වෙනි ස්ථානය. අපි අද සිටින්නේ 34 වෙනි ස්ථානයෙ. එදා සිංගප්පූරුව නමින් මහා වාණිජ…

මහජන මුදලින් දුන් පොහොර හා වෙනත් සේවාවලින් ගොවීන් රටට දී ඇත්තේ කුමක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

මා ජීවත් වන්නේ ගමක ය. මගේ බිරිය රජයේ සේවිකාවකි. පාට් ටයිම් ගෙවිලියකි. ඇය ගෙවතු වගාව කරන්නී ය. එළවළු වවන්නේ නම් හුදෙක් ම මානසික තෘප්තිය සඳහා ය. නැතිනම් ඒ යන වියදම්වලින් එළවළු කඩෙන් ගන්නට පුළුවන. හැබැයි අප විසින් වවන ලද පලතුරු ගස්වල ඵලදාව නරක නැත. අල වර්ග අස්වනු නම් නෙළා ගන්නේ අල බහින බවට අන්ඩර් ග්‍රවුන්ඩ්…

පව් අනේ චම්පික! එයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ – අජිත් පැරකුම් ජයසිංහ

2003දී අපි හිරු කණ්ඩායමේ මූලිකත්වයෙන් සිහල දමිල කලා හමුව සංවිධානය කළෙමු. එය වනාහි උතුරේ, නැගෙනහිර, කඳුරට හා දකුණේ සිංහල හා දෙමළ භාෂා පදනම් කර ගත් කලාකරුවන්ගේ කතිකාවක් වූ අතර අපගේ අරමුණ වුණේ කලාකරුවන් අතර සාම දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. එයට කොටි සංවිධානයට හිතවත් කොටස් ද සහභාගි වූ හ. එහෙත්, එය අපගේ දේශපාලන වැඩසටහනෙහි කොටසක් මිස…