අපේ‍්‍රල් 5 – දකුණ හෙල්ලූ දවස හා එහි උරුමය – දයාපාල තිරාණගම

1960 දශකය මැද භාගයේ විප්ලවවාදී මනෝභාවයන් විසින් ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාව සිය ග‍්‍රහණයට ගනු ලැබීය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල මෙම මනෝභාවය පැතිරී ගියේය. එකල විවිධ විප්ලවවාදී සංවිධාන විශාල ප‍්‍රමාණයක් පැන නැගී තිබුණු අතර කෙසේ වූවද මෙම විප්ලවවාදී ප‍්‍රවාහයේ ඉදිරියෙන්ම සිටියේ තරමක් දුරවබෝධ එමෙන්ම කැරිස්මැටික චරිත ලක්ෂණවලින් යුක්ත නායකයෙක් වූ රෝහණ විජෙවීර විසින් නායකත්වය දුන්, පසුව ජනතා…

කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු! මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු! – අජිත් පැරකුම් ජයසිංහ

කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය. එහෙම ඇගිලි නො ගසන තරම් මේ රට තවම ප්‍ර‍ජාතාන්ත්‍රික හෝ නීතියේ ආධිපත්‍යයට ගරු කරන තත්වයට පත් වී නැත. එහෙම තිබුණා නම් ආගමන, විගමන වංචා කළ විමල්…

ෆොන්සේකා ද නැති අතරේ මහින්ද ගෝඨාගේ අනසකට යටත් උනා- වාසුදේව නානායක්කාර (1වෙනි කොටස)

ධූර කාලය නිමවිමට තවත් වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට නොයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන්නට බොහෝ දේවල් තිබුණි. යුද්ධය අවසන් වූ හැටියේම මම කිව්වේ සංහිඳියාවේ යුද්ධය යනුවෙන් නව යුද්ධයක් ආරම්භ කළ යුතු බව ය. ඒකට ප්‍රධාන වෙන්නේ මිනිසුන් හිටපු තැන්වල නැවත ස්ථානගත කිරීම හා මිනිසුන්ගේ ජන ජීවිතය නැවත නගාසිටුවිම ය. මේ සඳහා යුද්ධයට කළ වියදමට වඩා…

උතුරේ ඉඩම් අත්පත් කරගෙන ඉන්නේ ආරක්ෂාවට නොව ව්‍යාපාර කරන්න- අමාත්‍ය මනෝ ගනේෂන්

මේ රටේ ජනතාව ඉතාමත් දිගු කාලයක් බරපතල යුද්ධයකට මුහුණු දී සිටි බව අපි දනිමු. එම යුද්ධයෙන් උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවට පමණක් නොව සිංහළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාව ඇතුළු සෑම ජන කොටසකට ම බලවත් ලෙස හානි සිදු වී තිබේ. ඒ හානිය සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකි ය. මේ අතර දේශපාලන වශයෙන් සිදු වූ හානිය…

නව ව්‍යවස්ථාව යථාර්තයක් කරන්නට ආණ්ඩුව පෙරමුණ ගතයුතු ය- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

පසුගියදා පාර්ලිමේන්තුවෙන් අනුමතවූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදන කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් නොවේ. මෙතන ව්‍යවස්ථාදායක සභාවක් යනුවෙන් එකක් නැත. අනුමත වී තිබෙන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයකි. ව්‍යවස්ථාදායක සභාවක් යන වචනයෙන් ඇගවෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කිසියම් සභාවක් පත්කළ බව කි. මෙතනදී වූයේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්වීම ය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඊයේ සභාපති මණ්ඩලයක් මෙන්ම මෙහෙයුම්…

සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි. – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිංතූරෙ ගානට කොණ්ඩෙ වැව්වෙ රස්සාව නැති වෙලා මාස තුනකට විතර පස්සෙ. ඇත්තෙන් ම ජීවිතාරක්ෂාව සඳහා රටින් පළා යන්නට වුණ කෙනෙක් තමයි දන්නේ ඒකේ දුෂ්කරකම. අවුරුද්ද 2007. දරුවන් නැතිව වසර 10කට පසුව මගේ බිරි ගැබ්ගෙන හිටියා. දරුවා ලැබෙන්න නියමිත වුණේ අප්‍රේල් මාසේ. අපි ඒ වෙනුවෙන් සූදානම් වුණා. බිරිඳට මෝටර් බයිසිකලයේ යන්න හොඳ නැති නිසා ම…

ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ගන්නට පුළුවන්-නීතිඥ හාර්වඞ් වානි

විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ පසු ගැටුම් තත්ත්වය ගැන කටයුතු කර මට යම්කිසි අත්දැකීමක් ඇත. නීතිය පදනම් කරගෙන දකුණු අප්‍රිකානුවන්ගේ ගැටුම් නිරාකරණය කරන්නට මා උත්සාහගෙන තිබේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්තික යුක්තියේ ප්‍රවේශයක් දෙකක් ඇත. එයින් පළමුවැන්න මානව අයිතිවාසිකම් ප්‍රවේශය වේ. එය ලිබරල් දේශපාලන ප්‍රවේශය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. අනික් ප්‍රවේශය වන්නේ ආගමික ප්‍රවේශය වේ. නීතිය පදනම් කරගෙන සංක්‍රමණීය යුක්තිය…

වසවිස නැති ලෝකය යනු ප්‍රායෝගික නැති දේශාපලන සටන් පාඨයක්- ගාමිණි වියන්ගොඩ (2වැනි කොටස)

සමහර මිනිසුන් සිටිනවා එක එක කාලයට එක එක දේශපාලන සටන් පාඨ හොයාගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කාලයක් ජාතිවාදය දේශපාලන සටන් පාඨය කරගන්නවා. ඊ ළගට ඒ සටන් පාඨය දේශපාලන වේදිකාවක් කරගන්නට බැරිවෙන විට තව එකක් හොයා ගනිති. එතකොට කෙනෙක් සොයා ගන්නට පුලුවන් අපි දැන් මේ ස්වභාව ධර්මයත් සමග එකට ජීවත් වෙන්නවා කියලා. වස විස නැති දෙයකට අපි…

ජාතික ප්‍රශ්නයේ පෙරවදන භාෂා ප්‍රශ්නය කියන්න පුළුවන්- භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා ලෙස මට භාෂා තුනම කථා කරන්නට පුළුවන. ඒ විතරක් නොව ඇමතිවරයා ලෙස මට ඇති අභියෝගය විශාල ය. අමාත්‍යාංශය භාර ගෙන දැනට මාස 8ක් පමණ වූවත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට මා ගෙන ඇති පියවර මොනවා ද යන්න සමහරෙක් මගේ ප්‍රශ්න කරති. විරුද්ධ පක්ෂයේ සිටින විට මමත් ඒ වගේ ප්‍රශ්න අසා…

|

ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කල වාර්තාවකින් කියා ඇත . පෞද්ගලික අංශයෙන් ආර්ථිකයට වන දායකත්වය ඉහල යාම අර්තුක වර්ධනයේ ඉහල යාමට හේතු වන බව එම වාර්තාවේ සදහන් වෙයි . රටේ උද්ධමන තත්වය සියයට පහක මට්ටමේ පවතිනු ඇතැයි ද එම…

‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. – උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා…

ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනව. සිංහලෙන් ගායනා කරපු ජාතික ගීතයේ තෙරුම මොකක්ද කියල දැන් තේරෙනව. ‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ඉතාම විශිෂ්ඨයි. එය ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. රටේ සියලූම ජනතාවට සමානව සැලකියයුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහකිරීමටත්, යහපාළනයක් ඇති කරගැනීම සඳහා නව ජනාධිපතිවරයෙක් පත්…

රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක

අද වෙනකොට අපේ සාමාන්‍ය ණය වල ආයු කාලය අවුරුදු 7 බවට පත්කරල තියෙනව. ඉස්සර අවුරුදු 20ක් අද වනවිට අවුරුදු 7 බවට පත්කරල තියෙනව. වාණිජ ණය ගන්න ගියහම අපිට සහන ණය ලැබෙන්නෙ නැහැ. 2004 දි මහින්ද මහත්තය රජය බාරගන්න විට අපිට තිබුණෙ සහන ණය. අද තියෙන්නෙ වාණිජ ණය. අද වාණිජ ණය අපේ විදේශ ණය බරෙන් 52%ක්….