මැයි දිනය හා කම්කරුවා ගැන අම්මට සිරි වෙන ගැඹුරු දේශපාලන විග්‍රහයක් – අජිත් පැරකුම් ජයසිංහ

    දැන් වසර කීපයක සිට මම මැයි පෙළපාලි, රැස්වීම්වලට යන්නේ නැත. අවසාන වශයෙන් යමින් සිටියේ ගුරුවරයකු ලෙස වැඩ කරද්දී ලංකා ගුරු සංගමය සහභාගි වූ මැයි රැළියටයි. ගුරුවරයකු ලෙස සිටි කාලයේත්, දැනුත් මම ශ්‍රමය පමණක් හිමි කම්කරුවෙක්මි. මම කිසි දිනෙක සුපරීක්ෂකයකු ලෙස හෝ වැඩ කර නැත. මගේ යටතේ වැඩ කරන අයෙකු සිටින්නේ නම් ඒ මගේ…

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අධිගෘහිත මැලේරියා මදුරුවෝ

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පසුගිය දා අපූරු අවවාදයක් ලාංකිකයන් අමතා නිකුත් කලේය. ඒ මෙරට රැකියාව පිණිස ආ ඉන්දීය ජාතිකයෙක් අසනීපව රෝහල්ගත වූ පසු ඔහු මැලේරියා රෝගියෙක් බව අනාවරණය වූ බවට ප්‍රවෘත්තියක් වාර්තා වීමත් සමගය. ඉන්දියාව මැලේරියා රෝගය අධික ලෙස තිබෙන රටක් බවත්, එම නිසා ඉන්දියානුවන්ගෙන් එම රෝගය බෝවීමේ අවදානමක් තිබෙන නිසා…

ආණ්ඩුවට විරුද්ධ වුවත් ජාතික ප්‍රශ්නය විසඳන්න අපි සහාය වෙනවා. – ඩියූ ගුණසේකර

වාමාංහිකයින් හැටියට මේ ආණ්ඩුවේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියට අපි විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගෙනත් තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙල. මෙයට පෙරත් යලී පුබුදමු ශ්‍රි ලංකා කියලා ගෙනාවේ මේ වැඩ පිළිවෙලමයි. සාමාන්‍ය ජනයා මත බදුබර පටවා ධනපතින්ට සහන දී රටක් දියුණු කරන්නට බෑ. අනික් එක වංචා දූෂිණ ගැන කථා කළත් මේ මහබැංකු බැඳුම්කර හරහා විශාල දූෂණයක් වෙන බව…

කඩාකප්පල්කාරී ජනතාවක් එක්ක සමාජය වෙනස් කිරීමේ අරගල – අජිත් පැරකුම් ජයසිංහ

ගම්වල මහින්දවාදීන් කියන්නේ ඇත්තෙන් ම අමුතුම බුවාලා ටිකක්. පහුගිය දිනවල මං කතා කරපු ඇතැමෙක් හරියට අයියෙස්කාරයෝ වගේ. පෝලියෝ එන්නත දෙන එක වළක්වන තලේබාන්කාරයෝ වගේ. නැතිනං මරාගෙන මැරෙන කොටි වගේ. මේක තේරුම් ගන්න ඕනැ තත්වයක්. උන් ඉන්නෙ බද්ධ වෛරයෙන්. උන් මුළු රටටම වෛර කරනවා. බලාගෙන ඉන්නෙ රටට කෙළවෙනකල්. බුද්ධිමත් එවුන් ආර්ථිකය කඩා වැටෙනකල් බලන් ඉන්නවා. ඒවා…

නොමනා ලෙස ආණ්ඩුව රැකීමට අපි බැඳී නෑ- සමන් රත්නප්‍රිය (3 වැනි කොටස)

ආණ්ඩුවේ නොහැකියාව නිසා අවුල් ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. එසේ වූ පලියට සිවිල් සමාජයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට 100% ආණ්ඩුව ආරක්ෂා කළ නොහැක. ආණ්ඩුව සමග එහෙම කොන්දේසියක් අපත් සමග නැතිවා පමණක් නොව එහෙම යන්න පුළුවන් කමක් අපිට ද නැත. ඒ විතරක් නොව එහෙම ගිවිසුමකට නොයා යුතු ය. මක්නිසා ද යත් ආණ්ඩුව පැත්තෙන් තම හැකියාව වර්ධනය කරගැනීම…

වෛද්‍ය සංගමයේ ඉන්දීය-විරෝධී ‘මැලේරියා’ විදේශික-භීතිකාව අජූවයි- රංග ජයසූරිය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකවරයා සිංහල කැලැන්ඩරයේ අවසාන දිනය නිමා කෙළේ අප්‍රසන්න ආකාරයකිනි. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු ජාතික සේවකයෙකු මැලේරියා රෝගයට ගොදුරු වී සිටීමේ සිද්ධියක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ඉතා පහත් ප්‍රචාරක වාසියක් සඳහා එදා යොදා ගනු පෙනුණි. පරණ අවුරුද්දට කලින් දා ප්‍රකාශයක් නිකුත් කළ මොහු, ‘ඉන්දියන්කාරයන් අසළක සිටින්නේ නම් පරිස්සම්…

වැට් බද්ද හා මධ්‍යම පංතිය සුරතල් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ සෞඛ්‍ය, විදුලි සංදේශ වැනි අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක…

බුද්ධිමය හා සංනිවේදන හැකියාව රජයේ මාධ්‍යවලට නැහැ; ජනාධිපති මාධ්‍ය ඒකකය ඉතාමත් අසාර්ථකයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

වත්මන් ආණ්ඩුවට බලයට පත් වුයේ ජනතාවට දහසක් පොරොන්දු දී, සුරංගනා ලෝකයක් මවාපෑමෙන් බවත්, අද ඒවා ඉටු කර ගැනීමට නොහැකිව ආණුඩුව නන්නත්තාර වී ඇති බවත් දැන් දැන් ඇහෙන්න තියනව. රජයට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට, ජීවන තත්ත්වය න`ගා සිටුවීමට, රැුකීරක්‍ෂා ප‍්‍රශ්නය විසඳීමට, මුදලේ අගය වැඩි කිරීමට, උද්දමනය අඩු කිරීමට විධිමත් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවද? මට පෙනෙන විදිහට…

මගීන් රස්තියාදුවේ, ප‍්‍රමාණවත් බස් නෑ.ජනමාධ්‍ය : බස් තිබුණත් මගීන් නෑ, අපි දිව්වෙ පාඩුවට – ගැමුණු විජේරත්න

මෙවර සිංහළ දමිල අලූත් අවුරුදු නිවාඩුව තරමක් දිගු එකක් වීය . ගැසට් පත‍්‍රයට අනුව අපේ‍්‍රල් 13,14 යන දෙදින අවුරුදු නිවාඩුව වශයෙන් ලබා දී තිබුණත්, ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 15 වන සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශට පත් කරන ලදී. ඊළ`ගට එළඹෙන් සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකත් සමගම මෙවර අවුරුදු නිවාඩුව දවස්…

අපිට පමණක් ජය ලැබෙන ගිවිසුම් හදන්න බෑ- වාසුදේව නානායක්කාර ( අවසාන කොටස)

ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන මොහොතක අපේ උවමනාවට හා අපේ සැලසුමට ගැලපෙන්නේ නම් ලංකාව වැනි රටක් එයින් ප්‍රයෝජනය ගෙන සංවර්ධන මාවතකට අවතීරණය වීමට උත්සාහ දැරීමේ වරදක් ඇතැයි මට පෙනෙන්නේ නැත. ඒවා සමඟ ගණුදෙනු කිරීමේ දී අපිට යම් යම් දේවල් අත්හරින්නටත් සිදුවේ. ඒකත් අපි තේරුම් බේරුම් කරගෙන අත්හළ යුතුදේත්, අත්හරිමින් අත්පත් කරගතයුතු දේ අත්පත්කර…

ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය – රවි පෙරේරා

හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට විවාද කෙරෙමින් තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය, යහපත් වෙනවා පමණක් නොව, අත්‍යාවශ්‍ය එකක් ද වන්නේය. සෑම පුරවැසියෙක්ම, පොහොසත් වේවා දුප්පත් වේවා, රාජ්‍ය අංශයට…

නව ව්‍යවස්ථාවට අපි විරුද්ධ නෑ. වාසුදේව නානායක්කාර (2වැනි කොටස)

මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පොදු සම්මුතිය වෙන්නේ ඒකීය රාජ්‍යය රකිමින් නව ව්‍යවස්ථාවට එකඟත්වයක් දෙන්න. ඒකීය රාජ්‍ය කියන එක ලංකාවේ එක්සත්කම පිළිබඳ ප්‍රශ්නයකි. එක්සත්කමට රාමුවක් තියෙන්නේ ඒකීය රාජ්‍ය තුළයි. ඒ නිසා එක්සත්කම ආරක්ෂා කරගන්නට කියන්නේ මේ රට දෙකඩවීමට, නැත්නම් මේ රට බෙදීමකින් තොරව පවත්වාගැනීම ය. මධ්‍ය කේන්ද්‍රීය වු බලයක් තුළින් විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. හැබැයි…