අපේ අය දේශපාලනය කරමින් අධ්‍යාපනය විනාශ කළා – අගමැති රනිල් වික්‍රමසිංහ

  මේ සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වන අතරම කෙටි වේලාවක් රැදී සිටීමට සිදුවීම පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 1965 මම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මම පිළිතුරු ලිව්වා. 1965 න් පස්සේ ගණිතය සම්බන්ධ එකම විභාගයකටවත් පෙනී සිටියේ නැහැ. එයින් අදහස් කළේ අපි ගණිතය අමතක කිරීමවත්, ගණිතය පැත්තකට දැමීමවත් නොවේ….

ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා කොස්ගම ජනතාව කෝපයට පත්වෙලා – ලක්‍ෂ්මන් නිපුනආරච්චි – ජ.වි.පෙ. පළාත් සභා මන්තී‍්‍ර

කොස්ගම සාලාව ප‍්‍රදේශවාසීන් සාමාන්‍ය ජන ජීවිතයක් ගතකළා. ඔවුන්ට අනතුරක් පිළිබඳව සූදානමක් තිබුණේ නැහැ. එක විට කඩා පාත්වූ විපතකට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ජනතාව විශාල ප‍්‍රමාණයක් තමන්ගේ ජීවිත බේරා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ස්වයංව මැදිහත් වීම පිළිබඳව ආණ්ඩුව ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ජනතාව එසේ කි‍්‍රයාත්මක නොවුණා නම් ආණ්ඩුව මීට වඩා විශාල අර්බුදයකට මුහුණ දිය හැකිව තිබුණා….

එජාපයේ ගජමිතුරු ධනවාදය හා මහ බැංකු අධිපතිට එරෙහි චෝදනා – අජිත් පැරකුම් ජයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තුළ හැමදාමත් දක්නට ලැබුණු දුර්ගුණයක් වන ගජමිතුරු ධනවාදය නැවත හිස ඔසවා ඇති බවට සාධක රැසක් තිබේ. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මතු වී තිබෙන විවේචන එහි ප්‍රධාන කොටසකි. ඔහු යටතේ 2015 මුල භාගයේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ පිළිබඳව විමර්ශනය කරන්නට පත් කළ…

ජවිපෙ අත ඉස්සුවේ රටම දන්නා පට්ට හොරුන්ගේ විශ්වාස භංගයට ! (2වැනි කොටස) ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මෛත්‍රි හා රනිල් ගේ හැසිරීම් තුළින් ජනතාවට පේනවා මොවුන් පිරිසිදු නායකයින් බව. ලිබරල් සංකල්පය තුළ සිටින ඒ දෙදෙනා තරගයක සිටිනවා පමණක් නොව පිළිගත් නායකයෝ හැටියට සිටිති. නමුත් ලිබරල්වාදය කියන්නේ පිරිසිදුකම පිළිබඳ ප්‍රශ්නයක් ම නොවේ. ලිබරල්වාය තුළ තිබෙන්නට ඕනේ අඩුතරමේ ඒකාධිපතිවාදය සම්පූර්ණයෙන්ම සමතලා කිරීම සහ බලය බෙදා රට එක්සත් කිරීම යන කාරණා දෙක. ඒ අනුව රාජ්‍ය…

ප්‍රමිතියක් නැති නිෂ්පාදන නිසා අපේ ආයුර්වේද වෙදකම ජර්මනියේ තහනම් කරලා -දීඝායු ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ – සරත් ජයකොඩි

බටහිර වෛද්‍ය විද්‍යාව  දියුණුවේ ඉහළම තලයට ඇවිත්තියෙනව. ඖෂධ අතින් මෙන්ම තාක්‍ෂණය අතින් ද ඉතාම ඉහළ තත්ත්වයක බටහිර  වෛද්‍ය විද්‍යාව  තියෙන නිසා එය අද දවස වන විට සීඝ‍්‍රයෙන් ලොව පුරා ප‍්‍රචලිත වෙලා තියෙනව. සිසුන් වැඩිපුර සංඛාවක් නැඹුරු වෙන්නේ බටහිර  වෛද්‍ය විද්‍යාව  ඉගෙන ගන්න. ‘වෙදමහත්තයෙක්’ වෙනවට වැඩිය ‘ඩොක්ටර්’ කෙනෙක් වෙන්න දැඩි උනන්දුවක් තියෙනව. ඒ අතරම සාකසාර නිෂ්පාදන…

සාලාව කදවුරේ අවි ගබඩාවේ පිපිරරීම සැක සහිතයි – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා.

ජනතාව ගැවසෙන ස්ථාන වලින් අවි ගබඩාවන් ඉවත් කිරීමට රජය කටයුතු කළයුතුයි. මෙය පසුගියදා කොස්ගම, ශාලාව ප‍්‍රදේශයේ දී සිදුවූ සිදුවීම සිදුවීමට පෙර කළයුතුව තිබූ දෙයක්ව තිබුණා. නමුත් අපි දන්නවා, පහුගිය අවුරුදු 20ක කාලය පුරාම මෙම ආයුධ ගබඩාව මේ ආකාරයෙන් මේ ස්ථානයේ පැවතී තියෙනව. යුද්ධය පවතිද්දිත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සක‍්‍රිය කාලෙත් මේ ආයුධ ගබඩාව මේ ආකාරයෙන් පැවතුණා. ඊයේ…

දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වීමෙන් වියරු වැටුණු අය මඩ ගහනවා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනය ලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා….

|

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත… – පෝද්දල ජයන්ත

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම…

ඇමති ඩිලාන් පෙරේරා ජනවාරි 8 ජයග්‍රහණයේ සතුරෙක්-ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

ඩිලාන් පෙරේරා ඇමතිතුමා වරින් වර කරනු ලබන ප්‍රකාශ තුළින් ඔහු මෙම රජයේ වගකිව යුතු ඇමති වරයෙකු ද යන ප්‍රශ්නය මතු කරයි. ඔහු මෑතක දී විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවත්වගෙන යා යුතු යැයි කරන ලද ප්‍රකාශය ඉතා භයානක ප්‍රකාශයකි. ඔහු එම අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ලෙස ගෙන හැර දැක්වීම තුළින් දේශපාලන අර්බුදයක් ද නිර්මාණය…

සාම්පූර්හි නසීර් අහමඞ් සිද්ධිය පිළිබඳ පශ්චාත්-මරණ පරීක්ෂණය

පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලියන ලද ලිපියක් මගින් මහ ඇමතිවරයා අදාල නාවුක හමුදා නිලධාරියා ඇතුළු සියල්ලන්ගෙන් සමාව අයැද සිටීම ඊට හේතු වන්නට ඇත….

අයර්ලන්තෙ ගියයි කියන අනුර ජනාධිපති කරමු. බිව්වයි කියන විජිත අගමැති කරමු. – අජිත් පැරකුම් ජයසිංහ

පිංතූර බලා බීලා ද නැද්ද කියන සාත්තරය අපි දන්නේ නැත. මේ දවස්වල විජිත නිසා ජවිපෙ නැවතත් මාතෘකාවක් වෙලා. ඒකට හේතුව පොඩි ක්‍රෑෂ් එකක්. ඒ වුණාට, ඒක හරියට උඩින් ගිය රහතන් වහන්සේ කෙනෙක් ගෑනු නාන තොටක් ගාවදි ක්‍රෑෂ් ලෑන්ඩ් වුණා වගේ සිද්ධියක් වෙලා. ඒ නිසා මම ටික දවසක ඉඳලා ලියන්න අදහස් කරමින් සිටින අදහසක් ලියන්නයි හදන්නේ….

අත්අඩංගුවට ගතයුතු අලි හොරු තව ඉන්නවා ;ඔවුන් ළග තවමත් අලි ඉන්නවා ; නීතිපතිවරයා නඩුව ඉදිරියට ගෙන නොගියහොත් අපි නඩු පවරනවා – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්

සාම්පූර් ගල්අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම්  දිගටම කෙරීගෙන යනවද? ඒ පිළිබඳ පරිසර සංවිධානවල ස්ථාවරය කුමක්ද? මේ පිළිබඳව නඩුවකුත් පවරල තියෙනව. මේ පිළිබඳව රජය ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරනව. යෝජිත ගල් අ`ගුරු බලාගාරය වෙනුවට එන්.එල්.ජී. කියන ස්වභාවික ද්‍රව ගෑස් පාවිච්චි කරල එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකරන්න පුලූවන්ද කියල. එය පරිසරයට හානිදායක නොවන කටයුත්තක්. එහෙම දේකට රජයට යන්න පුළුවන්නම් අපි ඒක…