වමේ පක්ෂ ධනවාදයට කඩේ යන හැටි පෞද්ගලික විශ්වවිද්‍යාල සටන ඇසුරෙන් – අජිත් පැරකුම් ජයසිංහ

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයවීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව සිදු වන සටන ප්‍රගතිශීලී අරගලයක් නොවන්නේ කෙසේද යන්න මේ ලිපියෙහි තේමාව වී තිබේ. මෙහි සඳහන් වන කාරණා ලංකාවේ තවත් බොහෝ ජනප්‍රිය අරගලවලට අදාළ වේ. ‘සයිටම්’ නමින් හැඳින්වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගුණාගුණ ගැන හෝ සංවාදයක යෙදෙන්නට අපට වුවමනාවක් නැත. රාජ්‍ය…

සංහිඳියාව අතින් ආණ්ඩුව සාධනීය වැඩ කොටසක් කළත් ආර්ථික වර්ධනය අතින් දුර්වලයි – ජාතික මහජන පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් – මහාචාර්ය රෝහාන් ප‍්‍රනාන්දු

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ  65ක් පමණ තියනව. ඒකෙන් වෙන්නෙ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට අභියෝග කිරීමට සිටින ජනතාව විසිරි, කණ්ඩායම් රැුසකට ගොනුවී, ජනතාවගේ ශක්තිය දියවී යාම නේද? ඒ තත්ත්වයක් තුළ තවත් දේශපාල පක්‍ෂයක් පිහිටුවීමට කටයුතු කරන්නේ ඇයි? එක එක හෙතූන්මත දේශපාලන පක්‍ෂ  ඕනතරම් බිහිවෙන්න පුළුවන්.  ආගමික පදනමින් බිහිවෙනව. කුල ග්‍රෝත‍්‍ර පදනමෙන් බිහිවෙනව. වෘත්තීය මට්ටමින්,…

තොරතුරු පනතේ ප්‍රතිපල ලැබෙන්නේ නොබියව අපක්ෂපාතිව ක්‍රියාත්මක කිරීමෙන් පමණයි – විපක්ෂ නායක ආර් සම්බන්ධන්

  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී විපක්ෂ නායක ගරු ආර්.සම්බන්ධන් මැතිතුමා විසින් 2016.06.23 දින කරන ලද කථාවේ සිංහල පරිවර්ථනය.   අද දින විවාදයට ගෙන ඇත්තේ මෙයට බොහෝ කලකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබූ ඉතාමත් වැදගත් පනත් කෙටුම්පතකි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ නීතිය ලෝකයේ බොහෝ රටවල සම්මත කර ගෙන ඇති අතර,…

බි්‍රතාන්‍යයේ නික්මීම (බ්‍රෙක්සිට්) සහ ‘සිංහල පමණයි’ ජන වරමේ සීමාවන්- රංග ජයසූරිය

දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට පත්ව ඇති සටකපටයන්, සිනමා තරු, වැඩවසම් රාළලා සහ තවත් බොහෝ ජේත්තුකාරයන්ව ඔවුන්ගේ ප්‍රාදේශීය සහ මධ්‍යම ආණ්ඩු සඳහා එරට වැසියන් පුරුද්දක් වශයෙන් පත්කර යවන…

අධිකාරිවාදයට පාර කැපූ 72 ව්‍යවස්ථා රාමුව නොව ලිබරල් රාමුවේ ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය ය, -මහාචාර්ය නවරත්න බණ්ඩාර

නව ව්‍යවස්ථාවක් හදන්නට අවශ්‍ය වී තිබෙන්නේ, රටේ ඇති සමාජ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට මෙතෙක් පැවති ව්‍යවස්ථා අසමත් වූ නිසා ය. බොහෝ දෙනා 78 ව්‍යවස්ථාව දෝශ දර්ශනයට ලක්කරන්නේ වී නමුත් එම ව්‍යවස්ථාවට පාර කැපුවේ 72 ව්‍යවස්ථාව බව බොහෝ දෙනා දන්නේ නැත. 72 ව්‍යවස්ථාව ගෙනාවේ දර්ශනයක් ඇතිව ය. මොකද්ද එදා තිබුණු දර්ශනය. ව්‍යවස්ථාව ලියූ අයගේ දර්ශනය ගතහොත්…

දුෂණය නැවත්වීම හිතූ තරම් ලේසි නැහැ – ආසියානු මානව හිමිකම් කේන්දරයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ සාකච්ඡුා මණ්ඩපවල තියෙන ලොකු ගැටලූවක් මතු කිරීමට මම බලාපොරොත්තු වෙනව. විධායක ජනාධිපතික‍්‍රමය නැති කරන එක සියලූ දෙනා අතර ලොකු වචනයක් බවට පත්වුනා. හැම කෙනාම ගිරවු කියන්නා වගේ ඒක කියන්න පටන් ගත්ත. ඒක හොඳයි කියන කරුණ ගෙයක් ගෙයක් ගානෙ යන තරමට කතා වුණා. හු`ගක් දෙනෙකුට අමතකවුණා මොකක්ද මේ කියන එකේ අර්ථය? ජනාධිපතිතුමාගේ…

යාපනේ අපරාධකරුවන්ව ත්‍රාසයෙන් තැතිගැන්වූ විනිසුරු ඉලන්චේලියන්- පී. කේ. බාලචන්ද්‍රන්

උතුරු ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන යාපනය, කඩිසර සහ කාර්යක්ෂම මිනිසුන්ට ජනාවාස, විද්වත් භාවයට ඉඩක් ඇති, ඒ සියල්ලටම වඩා, නීති ගරුකත්වය අගයන සමාජයක් වශයෙන් සම්ප්‍රදායික කීර්තියක් දිනාගෙන තිබේ. නිදහස් දෙමළ ඊලාමයක් වෙනුවෙන් අරගල පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම පළාතේ (ඔවුන් හැරුණු විට අනිත් අය විසින්) පවතින නීතිය පිළිපදින බවටත්, දෙමළ සමාජ සම්මතයන් ආරක්ෂා කෙරෙන බවටත්…

තමලනීගේ පොත ගැන සංවාදයක් ජුලි 2 වෙනිදා

කොටි සංවිධානයේ හිටපු නායිකා තමලිනී ජෙයකුමාරන් විසින් ලියන ලද ‘තියුණු අසිපතක සෙවන යට’ කෘතිය ගැන සංවාද මණ්ඩපයක් ජූලි මස 2 වෙනිදා සවස 4 ට ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කුඹුක්ගහ පාරේ, ශ‍්‍රී වල්පොල රාහුල අසපුවේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙම අවස්ථාවට තමලිනීගේ ස්වාමිපුරුෂයාවන ජෙයකුමාර්, තමලිනී ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද කෘතියේ පරිවර්තක ස්වාමිනාදන් විමල්, පොතේ ප‍්‍රකාශනය…

දූෂිත බලවේග නිත්‍යානුකූල ලෙසට හිස එසවීමක් තියෙනව. – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8 වෙන්දා මේ රටේ වෙනසක් ඇති කෙරුවෙ මේ රටේ නීතිගරුක පුරවැසියො කියලයි මම කල්පනා කරන්නෙ. ඒ වෙනකොට මේ රටේ විපක්‍ෂයක් තිබුණෙ නැහැ. විපක්‍ෂය සම්පූර්ණයෙන්ම දියකර හැරල තිබුණ බව මේ සභාවට අමුතුවෙන් කිවයුතු නැහැ. සෑහෙන කාලයක් තිස්සෙ නීතිගරුක පුරවැසියො, මරබියෙන් පෙළෙන තත්ත්වයට එරෙහිව ශක්ති ප‍්‍රමාණයෙන්, මතවාදීව මේ පොළොවෙ විශාල වැඩ කොටසක් කෙරුව. ඒ වැඩ කොටසෙ…

හැංගි හැංගි බැන්දලූ වෙස් මුහුණූ – ගැලෙව්වාම ඉන්නෙ කබ්රාල් ලූ – සංජය ලියනගේ – සත්හඬ

හොරෙන් කිතුලට නැගපු මිනිහා ගහේ අයිතිකාරයාට හසුවූ විට කිව්වේ තණකොළ ටිකක් කපාගන්න කිතුලට නැඟි බවය. ඒ ඇසූ කල කේන්තිය ඉස්මුරුත්තාවට ගිය ගහේ අයිතිකාරයා පෙරළා ඇසුවේ ”කිතුල් ගහේ කොහෙද යකෝ තණකොළ?” කියාය. ඊට හොරෙන් කිතුලට නැගපු මිනිහා දුන්නේ සරල පිළිතුරක්ය. ඒ ”තණකොළ නෑ ගහ මුදුනේ… ඒකයි බිමට බහින්නේ” කියාය. මෙලෙස කිතුලට නැගපු මිනිහගේ කතාව සිහිපත් කර…

අර්ජුන මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නය: රනිල්ගේ විශ්වසනීයත්වය පරදුවට- මාලින්ද සෙනෙවිරත්න

මේ දිනවල හැමෝම පාහේ පාවිච්චි කරන මුත් ඔවුන් පවා මීට කලකට ඉහත අසා නොතිබුණු සහ අවබෝධ කරගෙන නොතිබුණු එක් යෙදුමක් තිබේ. ඒ, යහපාලනය යන්නයි. මේ දිනවල බහුලව පාවිච්චි වෙන මුත් මීට පෙර අසා නොතිබුණු සහ හරි අවබෝධයක් නොතිබුණු තවත් වචනයක් තිබේ. ඒ, බැදුම්කර යන්නයි. මේ යෙදුම් දෙක සම්බන්ධයෙන්ම වන දැනුම සහ ඒ ගැන වර්තමානයේ ඇති…

ෆැසිස්ට් තාලයේ දෘෂ්ටිවාදය වෙළඳාම් කළ දයාන් ජයතිලකගේ දේශනාව හා කුමන්ත්‍රණයේ ඇතුල් පැත්ත- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ප්‍රජාතන්ත්‍රවාදි අරගලය තුළ ගොඩනැගුණු මේ ව්‍යාපාරය තුළම අභියෝගයක් මතුවන බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. අපිව මර්ධනය කළ විශාල මර්ධක බලවේගය ආපසු නීත්‍යානුකූල ක්‍රමයකින් ප්‍රජාත්නත්‍රවාදි ව්‍යාපාරයට ඇතුල්වීම සඳහා වන යෝජනාවක් සමගයි මේ අභියෝගය මතු වන්නේ. මේ වන විට ඒ යෝජනාව අපිට අභියෝගයක් එල්ලකර තිබේ. ජනාධිපතිගේ කාර්යාලයේ එතුමාගේ නායකත්වයෙන් පසුගිය කාල පරිච්ඡේදයේ ම ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙළ තවත්…