පරාජිත මහින්ද රාජපක්‍ෂ රෙජීමයෙ පිරිසක් මේ පාළනයට ඇතුළත් වෙලා පරණ දේවල්ම කරන්න හදනව – රාජා උස්වැටකෙයියාව.

ජානාධිපතිතුමා බලයට පත් වී වසර එකහමාරක් පමණ වෙනව, වත්මන් ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න ආසන්නයි. යහ පාළන ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල සතුටටපත් වෙන්න පුළුවන්ද? යහපාළන ජනාධිපතිවරයෙක් හා යහපාළන ආණ්ඩුවක් බලයට ගෙන ඒමේදී ජනතාව බලාපොරොත්තු වූ සියලූම කරුණු ඉටු වුනා කියල කියන්න බැරි වුනත්, බොහෝ දුරට ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල කියන්න පුළුවන්. මාධ්‍ය නිදයස ලැබිල…

රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබූ පාලකයින් නිවට නියාලු ලෙස කටයුතු නොකළ යුතුයි- මහාචාර්ය සරත් විජේසූරිය

”යහපාලනය මේක ද ?” යන මැයෙන් පසුගිය දවසක කොළම මහජන පුස්තකාලයේ දී අපි සම්මන්ත්‍රණයක් පැවැත් වූ වෙමු. නිසි මාවතේ ගමන්කළ යුතු බවටත්, ආලෝකයේ ගමන්කළ යුතු බවටත්, මේ රටේ නීතිගරුක පුරුසියෝ පිහිටුවාගත් ආණ්ඩුවට ඒ සම්මන්ත්‍රණයෙන් යම්කිසි බලපෑමක් එල්ල කළේ ය. ඒ බලපෑම අඛණ්ඩව කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවෙන් අපි මේ මස 20වෙනි දින මහනුවර…

නාමල් රාජපක්ෂ පමණක් නොව ඔහුගේ මෑණියන් ද නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය- ගාමිණී වියන්ගොඩ

අද ප්‍රශ්න ගණනාවකට රට මුහුණ දී තිබේ. සමහර ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වන අතර සමහර ප්‍රශ්න හදන ප්‍රශ්න ලෙස සැළකිය හැක. ජනවාරි 8වෙනිදා මේ රටේ බලයෙන් පහකළ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කඳවුර ප්‍රශ්න නිර්මාණය කරමින් සිටිති. අනික් පැත්තෙන් යහපාලන ආණ්ඩුවත් යම් යම් ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටින බව පෙනේ. මේ කාරණා දෙක පිළිබඳවම මේ රටේ ජනතාව සැළකිලිමත්…

යහපාලනයේ ප්‍රගති වාර්තාව- අර්ෆීහා ජවාඞ්

දේශපාලනික ක්ෂේත්‍රය තුළ සදාචාරමය ආණ්ඩුවක් සඳහා වන අවකාශයක් අද පවතින බව කවුරුත් දනිති. මීට කලකට පෙර මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට සිදුවුණේ නොපැහැදිළි අවබෝධයක් මත අතපත ගෑමටයි. ඒ කාරණය දැන් ජනාධිපතිවරයාගේ සැළකිල්ලට යොමුව තිබේ. මහ බැංකුවේ මහ පුටුව සම්බන්ධයෙන් එතුමාගේ මැදිහත් වීම හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වීම ජනතා ප්‍රසාදයට හේතුවකි. එය ඉදිරියටත් එසේම පවතින්නේ නම්…

‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක්. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

‘‘සත්හඬ’’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියාට ජූලි මස 12 දා, ගාල්ල නෙලූව ප‍්‍රදේශයේ දී එල්ල කර ඇති ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නොහැකි ලෙස සැලසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට තව දුරටත් හැකියාව තිබීම ගැන කණගාටුව පළ කරයි. මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මෙම ප‍්‍රහාරයට…

රජයක් පවතින්න ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

2003දී එක්සත් ජාතික පක්‍ෂය තම පාලන කාලයේදී උත්සාහ කළා, රටේ නීති-රීති වෙනස් කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස් කරගන්න. නමුත් ඒ වෙලාවේ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට ඒ දේවල් අතඅරින්න වුණා. සුරා බදු පනත, රේගු පනත වෙනස් කරන්න ඔවුන් උත්සාහ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. විවිධ ආයතන…

තාජුඩීන් ඝාතනයේ සමීප රූප සහිත සී ඩී දහයක් අධිකරණයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම්  තාජුඩීන් ගේ ඝාතනයට අදාළව වසර පහක කාලයක් සුරක්ෂිතව පොලිස් සමීප රූප ආවේක්ෂණ සී.සී.ටී.වී. කොට්ඨාසයේ තිබූ සී.සී.ටී.වී. මුල් සමීප රූප දර්ශනවල පිටපත් අඩංගු සී.ඩී.පට 10ක් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. අධිකරණය ඉකුත් (08) වන දින පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය වෙත කරන ලද…

සංහිදියා යාන්ත්‍රණයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ යෝජනා

සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන යෝජනා – සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ඇති කිරීමට බලාපොරොත්තු වන යාන්ත‍්‍රණ 1. විශේෂ නීති උපදේශකයකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක් 2. සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ අතීත වැරැුදි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ කොමිසමක් 3. සහන සම්පාදන කාර්යාලයක් 4. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ඉහත…

සෝමවංශ අමරසිංහගේ මළගම හා ලාංකීය ස්ටාලින්වාදය – අජිත් පැරකුම් ජයසිංහ

සෝමවංශ අමරසිංහගේ මළගෙදර, බණ ගෙදර ජවිපෙ, පෙසප, ජානිපෙ ආදී පක්ෂ අතර මනුස්සකම ගැන සඳහන් වෙන කතා බහක් අවදි කරලා තිබෙනවා දැක්කා. මම මගේ ජීවිත කාලය ඇතුළෙ ජවිපෙත්, හිරු කණ්ඩායමෙත් සම්පූර්ණ සාමාජිකයකු ලෙස වැඩ කර ඇත්තෙමි. සාමාජිකයකු නො වීත්, කලින් කලට නව සමසමාජ පක්ෂය, පෙසප සහ තවත් කණ්ඩායම් සමග විවිධාකාරවලින් වැඩ කර ඇත. මූලිකව මම නම්…

පාලිත තෙවරප්පෙරුම සිද්ධියෙන් නිරූපණය වූ ජනප්‍රිය පාසල් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද? – අජිත් පැරකුම් ජයසිංහ –

පසුගියදා මතුගමදී හා මීගහතැන්නේදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමගේ මූලිකත්වයෙන් සිදු වුණ සිද්ධි දාමය රටේ අධ්‍යාපනයේ ගැටලු ගැන ජනතා අවධානය යොමු කරන සිද්ධියක් විය. එපමණක් නොව, එම සිද්ධිය අධ්‍යාපනය ගැන මාධ්‍යවල, සිවිල් සංවිධානවල හා දේශපාලකයන්ගේත් අඩු දැනුම ගැන ද හෙළිදරව් කළේ ය. බොහෝ මාධ්‍ය විසින් සුපුරුදු පරිදි කරනු ලැබුවේ භාවාතිශය ලෙස මෙම සිද්ධිය වාර්තා කිරීමයි. හැමදාමත්…

පරාජයට පත් කළ ඒකාධිපති, බලවේගවලට යළි බලයට එන්න ඉඩ දෙන්නෙ නෑ – චන්ද්‍රසේන විජේසිංහ – පුරවැසි හඬ

අපේ රටේ නිර්මාණය වෙච්ච ඒකාබද්ධ විපක්‍ෂය කියන කණ්ඩායම බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයාගෙ නායකත්වයෙන්, නව බලවේගයක් පහුගිය දවසක බදුල්ලෙන් ආරම්භ වූ බවට පුවත් පළ වුණා. සිවිල් සමාජ ව්‍යාපාරයක් විදිහට, ඒ ඒ දේශපාලන පක්‍ෂ සංවිධානවල කටයුතුවලට මැදිහත් වෙන්න අපේ සූදානමක් නෑ. ඔවුන් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතිකරගන්න වෙනස්කම් වලට අපි ඇ`ගිලි ගහන්න යන්නෙ නෑ. ඒවා ඒ ඒ දේශපාලන පක්‍ෂ…

භාණ්ඩාගාරය තුළ තම තත්ත්වය තහවරු කරගැනීමට රනිල් සමත් වී ඇත – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මට පෙනෙන හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙනම පිරිසක් හැටියට මහින්දගේ පාර්ශවය සිටියත්, ඒ අය වෙන්වීමක් නිර්මාණය කරගන්නේ නැත. ඒක ඒ අයට අවාසිවන බව ඒ අය දනිති. මක්නිසා ද යත් පසු ගිය කාලයේ පක්ෂයෙන් ඉවත් වී ජනතාව අතරට යන්නට දැරූ උත්සහායේ අසාර්ථකත්වය පිලිබඳ අත්දැකීමක් ඔවුන්ට තිබේ. ඒ වගේම ඒ අයට තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලීමේ…