අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද? – සඳමාලී ද ෆොන්සේකා

එන්ජිනියරින්.කොම් පෙන්වා දෙන පරිදි, “ඉංජිනේරු විද්‍යාව යනු සියුම් විද්‍යාවකි. හැම විටකම, ඉතා සුළු කරුණු සම්බන්ධයෙන් පවා සැළකිලිමත් විය යුතු අතර, ආරක්ෂාව පිළිබඳව උපරිමයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ. ඉතා සුළු කාරණයක් පවා ඇතැම් අවස්ථාවක වැරදී යා හැකිය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වඩාත් තීක්ෂණ දැනුමෙන් යුත් පිරිස් විසින් නිර්මාණය කරන ලද චෙර්නොබිල්, බෝපාල්, ටයිටැනික්, ඇපලෝ 13 සහ…

අලූත් පුරවැසි පරම්පරාවක් බිහිකිරීමට අපි අපේ අධ්‍යාපනය සකස්කර ගත යුතුයි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

මහා කවි බර්ට්‍රෝල් බ්‍රෙස්ට් කියල තියනව, ‘නායකයන් පතල දේශයේ සිටින්නේ අසතුටිනි.’ කියල. අපේ දේශය, නායකයන් නැති දේශයක් හැටියට තමයි, මම පෞද්ගලිකව දකිමින් සිටින්නේ. මම ඒකට හේතුව කෙටියෙන් කියන්නම්. දැන් සිදුවෙමින් පවතින්නේ මොකක්ද? දිගින් දිගටම අපි හමුවේ මතුවෙමින් තියන මේ මාතෘකා ගත්තත්, මේ අය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති තත්ත්වයක ඉන්නව. මේකට මූලික කාරණා දෙකක් තියෙනව….

සයිටම් වාමාංශිකයෝ – අජිත් පැරකුම් ජයසිංහ

සරසවි සිසුන් අත වරද නැත. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලද දැනුමේ, අත්දැකීම්වල හා ගොඩනැගුණු චින්තන වපසරියේ සීමාව තුළ ය. එහෙත්, වඩා අත්දැකීම් ඇති මිනිසුන් තරුණ ජීවිත සමග මේ අන්දමින් සෙල්ලම් නිර්මානය කිරීම හැමදාමත් සිදු වන ඛෙදවාචකයකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මේ වන විට සුසමාදර්ශීය වෙනසකට බඳුන් වී තිබේ. මෙය ආරම්භ කළේ…

ඒ කාලයේ අපි හිතුවේ කොල්වින්ට වරදින්ට පුළුවන්කමක් නෑ කියලා- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා වැනි කෙනෙක් සමරමින් අදට ඉතාමත් කාලීන මාතෘකාවක් පිලිබඳ කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටකි. එන්. එම් . පෙරේරා සහෝදරයාව ලංකාවට නොලැබුණ හොඳම අගමැතිවරයා බවට මතයක් තිබුණි. අගමැතිවරු අතර හොඳම අගමැති වෙන බව යි එයින් කියැවුනේ. නමුත් එය ලැබුනේ නැත. එතුමාට අගමැතිකම ගන්නට අවස්ථාවක් තිබුණි. 1955 පසුව බණ්ඩාරනායක මැතිතුමාට සහයෝගය ලබාදුන්…

සම්බන්ධන්ගේ මාතර ප්‍රකාශය හා රනිල්ගේ නො කෙරෙන වෙදකම – අජිත් පැරකුම් ජයසිංහ

‘ත්‍රිවිධ හමුදාවක් රටට අවශ්‍යයි. මුදල්, ආගමන හා විගමන, විදේශ වැනි කටයුතු මධ්‍යම රජය යටතේ තිබිය යුතුයි. රට බෙදීමට අපේ පක්ෂය කැමැති නැහැ. තව යුද්ධයකටත් අපි කැමති නැහැ. යුද්ධයේ ආදීනව අපි දන්නවා. යුද්ධයක් ඇතිවිය හැකි මාර්ග නැති කිරීමට අපි සූදානම්.‘ – විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාතරදී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතියේ නියෝජිතයන්ගේ නායකයා වන ආර්. සම්බන්ධන්…

ආර්ථික මණ්ඩපයේ අනුශාසනා: බීරි අලින්ට වීණා වැයීමක් – නිමල් සඳරත්න

‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික දුර්වලතා කිහිපයක් ආවරණය කෙරුණි. ඒවා නම්, අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සංගත භාවයක් නැති කම, ෆිස්කල් හිඟය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආදායම් ලබා…

දූෂිත නිලධාරින් තවමත් මෙහෙය වන්නේ ගාමිණි සෙනරත් – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8වෙනිදා අලුත් ජනාධිපතිවරයෙක් බලයට පත්වූවාට ඒ ජයග්‍රහණයත් සමඟම අපිට පෙනෙනවා කිසියම් පරාජයක් ද පැටලී ඇති බව. ඒක තමයි අද අවුලක් බවට පත්වී තිබෙන්නේ. දින 100 ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කියන එක ඇත්ත වශයෙන්ම ජනාධිපති වරණයට දින නියම කලාට පසුව සැලසුම්වන එකකි. ඒ දින 100 ආණ්ඩුව පවත්වාගෙන යන්නට සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂට හිතවාදි මහජන නියෝජිතයින් බහුතයක්…

අපි බලාපොරොත්තු වුනේ මීට වැඩිය විශාල වෙනසක් – සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නීතිඥ අශෝක ස්ටීවන් පියනම.

පසුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ටික කලක් ගියහම අපි සැමදෙනාටම වගේ තේරෙන්න ගත්ත දෙයක් තමයි අපි හිතපු වෙනස, අපි බලාපොරොත්තු වෙච්ච වෙනස වෙන්නෙ නෑ වගේ කියන එක. එහෙම වෙන කොට මේ වෙනසට එක් රැුස් වෙච්ච පිරිස් එකතුවෙලා සාකච්ඡුා කළා ඇයි එහෙම වෙන්නෙ කියල. ඇයි අපි කතාකරගත්ත දේවල්, අපිට පොරොන්දු වෙච්ච දේවල් මේ රජය කරන්නෙ නැත්තෙ කියල….

පසුගාමි ජාතියක් බව පිළිගන්නාතුරු දියුණු ජාතියක් වෙන්න බෑ- ලූෂන් බුලත්සිංහල

යුක්ති ගරුක සාධාරණ සමාජයක් අපිට අහිමි වී ගියේ ඇයි ? කියන එක සහ ඇයි ? අපි ඒ සඳහා අරගල කරන්නේ කියන එක අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. මේකට දෙන්නට තියෙන කෙටිම පිළිතුර වන්නේ යම් තරමකට හෝ තිබු සාධාරණ සමාජය අපිට අහිමි වී ගිය හෙයින් අරගල කරන්නට සිදු වූවාය යන්න යි. ඒ අරගලය අපි ආරම්භ කළේ 2015වේ…

බලය බෙදාහැරීම හරහා සමබර සංවර්ධනයක් !-ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ අත්කර ගත නොහැකි ‘සමබර ප්‍රාදේශීය සංවර්ධනයක’ අරමුණ වන්නේ එයයි. නව ව්‍යවස්ථාවක් තුළ ශක්තිමත් කළ යුතු එය තවත් ඉදිරියට ගෙන යා…

මා නූගතකු වූ හැටි හා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ වූ හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  මා නූගතෙකි. මගේ නූගත්කම ගැන ඇති තරම් සහතික මෙම බ්ලොගයේ ලියැවී තිබේ. ඒවා ලියූ බොහෝ දෙනෙක් උපාධි, පශ්චාත් උපාධි ඇති අය නිසා ඒ අය දෙන සහතික වැදගත් ය. එහෙත් මා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ ඇයි ද යන්න පැහැදිලි කිරීමට මා නූගතෙකු වූ ආකාරය යොදා ගත හැකි ය. මා සම්ප්‍රදායික අධ්‍යාපනයෙන් සමත් වී තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය…

වෙළඳපොළ හොර ගුහාව සහ වැට් බද්ද – අජිත් පැරකුම් ජයසිංහ

වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි. 1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද…